(කටුනායක ටී.කේ.ජී. කපිල)
ඇය 20 හැවිරිදි රූමත් තරුණියකි. ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හලක රැුකියාවේ නියතුව සිටියාය. ඇයට අලූත් ටී-ෂර්ටයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් මතුවිය. ඇය සේවය නිමවා, රාත‍්‍රී 8.00 ට පමණ කටුනායක ඇවරිවත්ත ප‍්‍රදේශයේ රෙදි සාප්පුවකට ගොඩවිය.
රාත‍්‍රිය එළඹී තිබීම නිසා, රෙදි සාප්පුවේ ගැනුම්කරුවන් අඩුවිය. ඇය තම සිත්ගත් ටීxෂර්ට් කීපයක්ම සාප්පුවේ විවිධ ස්ථානවලින් තෝරාගෙන, ඇඳ සිටි ටීxෂර්ටය පසෙක ගලවා තබා ඒවා හැද බලන්නට විය.
ඔවුන්ගේ සහායට රෙදි සාප්පුවේ සේවිකාවක් ද පැමිණි අතර, ඇය මෙම තරුණිය ඇඳ බලා ඉවත තබන සෑම අදුමක්ම වහ වහා ඇඳුම් එල්ලනවල දමා යළිත් ඒවා තිබුණු රාක්කවල එල්ලීමට පියවර ගත්තේ, රෙදි සාප්පුව වැසීමට ආසන්නව තිබූ බැවිනි. පැය භාගයකට ආසන්න වේලාවක් රෙදි තේරුවද, ඇයට සිත්ගත් ටී-ෂර්ටයක් එම රෙදි සාප්පුවෙන් සොයා ගැනීමට අසීරු විය. ඇය යළිත් ඇය හැදගෙන පැමිණි ටීxෂර්ටය දමාගෙන වෙනත් සාප්පුවකට යෑමට සැරසුණි.
එහෙත් එම ටීxෂර්ටය ඒ වන විටත් එම ස්ථානයේ නොවීය. රෙදි සාප්පුවේ සේවිකාවත් තවත් පැය භාගයක් පමණ එම ටීxෂර්ටය සෙව්වද, සොයා ගැනීමට නොහැකි විය. ඇය හැද බැලූ ටී-ෂර්ට් සමඟ එයද පැටලී ගොසිනි. කළ හැකි අන් යමක් නැත. මේ ආකාරයට උඩුකය විවෘතව ආපසු නේවාසිකාගාරයට පැමිධෑමට ද නොහැක. ඇය අලූත් ටී-ෂර්ටයක් මිලදී ගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවිකාව මොකටද ෆිටින් රූම් එක අස්සට රිංගුවේ. (නදී)
සේවිකාව පව්.! (ර)
ඒකත් බැලුවහම නියම වැඩේ තමයි... (නි)
සේවිකාව බයවෙන්න ඇති (පව්) තමාගේ ඇදුම ගැලවෙයි කියලා. (නදී)
ටිකක් හොයලා බැලුවා නම් හැඳ බැලූ ටී-ෂර්ට් එක සොයා ගැනීමට තිබුනා. එ්ත් සාප්පුවේ සේවිකාව මොකටද ඇතුලට ආවේ (නදී)
මේවා වැඩිහරියක් කුමන්ත්‍රණ (නි)
ඉවකළානම් හොයාගන්න තිබුනා දහදිය සුවදෙන්.(හේ)
වෙළඳ සේවිකාවට දෙන්න ඕනේ හොදම සේවිකාවට දෙන සම්මානය. (නදී)
ඒ තරම් දුප්පත් ...පව් ..වෙන මොකුත් නැතුව ඇති. (නදී)
ඒක සේවිකාවගේ වැරැද්ද. මෝඩ ළමයා මොකටද සල්ලි දීලා ටීෂර්ට් එකක් ගත්තේ? කියන්න තිබුනේ මගේ එක හොයලා දෙන්න බැරි නම් අලුත් එකක් හරි දෙන්න කියලා. (නි)
දැන් ගෑනු ළමයි අඳින පිළිවෙලට අනුව ඇඳුම් කඩේට එනකොට ටී ශේර්ට් එකක් ඇඳගෙන ආවාදැයි සැකයි.(හේ)
රූපවතී අක්කේ, ඔයා හැමදාම ලංකාවේ වැරදි දකින්නේ ඒක හොඳද?(දිල්)
අපි හැම දේම වැරදියට දකින්න හොද නැහැ.(හේ)
හොඳ වේලාවට උඩු කය වුණේ.නැත්තම් ඉවරයි.(හේ)
මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. (හේ)
වැරැද්ද කරලා තියෙන්නේ සාප්පුවේ සේවිකාව නිසා ඇයට අලුත් ඇදුමක් සාප්පුවෙන් නිකන් දෙන්න ඕන. (හේ)
සල්ලි නොදී යන්නනේ තිබුණේ (නි)