සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ආරක්ෂිතව අධිකරණයට රැුගෙන ආවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහාය.
නඩුව අධිකරණයේ කැඳවන තුරු සැකකරු වෙනම ස්ථානයක වෙනම රඳවා තැබුවේ මුළු ශරීරයම ආවරණය වන ලෙසය. දුර්වර්ණ වූ රෙද්දකින් මුළු ශරීරයම වසා තිබිණි.
අධිකරණ සම්ප‍්‍රදාය අනුව සැකකරු සමග සාමාන්‍ය පුද්ගලයන් අට දෙනකුද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරේ.
ඒ සඳහා අවශ්‍ය අට දෙනකුද සොයාගෙන පෙරෙට්ටුව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කළ පොලිසිය විසින් සැකකරු අධිකරණයට රැගෙන ඒම සඳහා ඔහු රඳවා සිටි ස්ථානයට ගියේය. සැකකරුට කලාන්තය හැදී තිබිණි
පොලිසිය කලබලයට පත්විය.
ඔහුට සිහිය ආ පසු පොලිසිය ඔහුගෙන් ක්ලාන්තය ඇතිවීමට හේතුව විමැසීය.
ලෙඩක් ඇද්දැයි පොලිසිය ඔහුගෙන් ඇසීය.
තමා ආවරණය කර තිබූ රෙද්දේ ගඳ ඉවසාගත නොහැකිව ක්ලාන්තගතියක් සැදුණු බව සැකකරු පවසා ඇත.
කොළඹ දිස්ත‍්‍රික්කයේ අධිකරණයකින් මෙම සිද්ධිය වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් වුනත් මනුස්සයෙක් නේ? නීතිය බව ඇත්ත. ඒත් අපි හොරෙකුටත් වැඩිය අමානුෂික විය යුතුද? (නි)
මේක රෙද්දේ ගදද පොලිස් ගදද දන්නෙ නැහැ (නි)
ඕක නේ සකලබුජන් ආතා කියන්නේ ඉඳල හිටලාවත් වහලා තියෙන රෙද්ද උස්සලවත් බලන්න කියලා? (නි)
මේ යකා රෙද්දේ හොරෙක් නේ. ග්‍රීස් යකෙක්ද දන්නේ නැහැ රෙදි අරහන්.(නදී)
රෙද්දේ ගදට වඩා ඔලුවේ සිට රෙද්දකින් ආවරණය කරගෙන සිටි නිසා ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබෙන්න ඇති! එසේම ඇතුලත කාබන් ඩයොක්ෂයිඩ් සාන්ද්‍රණය වැඩි වීමත් හේතුවෙන්න ඇති! රෙද්දේ ගඳම පමනක්මනම් මෙලහකට මම මැරෙන්නම ඕනේ! මම හැමදාම පොරවන රෙද්දත් ඔයවගේ !(නදී)
ඈත්තම කතාවනම් පොලිසිය ඈඳගෙන ඉන්න රෙදිවල ගඳ සහ පොලිසිය ලඟ එන බුලත් විට ගඳ කාටවත් ඉවසන්න බෑ මතක් වෙද්දි මටත් කලන්තෙ වගේ.(නදී)
ඔය හෝදන්නේ නැති රෙද්ද වෙනුවට පාවිච්ච්යෙන් පසු ඉවත් කල හැකි ආවරණ යොදා ගන්නවානම් මන් හිතන්නේ පරිසරයටත් හොඳයි අදාල පුද්ගලයාටත් හොඳයි.(නදී)
මේවා අහලා අපටත් කලන්තේ වගේ.(නදී)
හේරත්,මහත්තයෝ.. කතාව නම් නියමයි!,හහ්,හහ් ,හහ්,හාහ්!!!!(නදී)
පොලීසියෙන් එහෙම අහපු එකත් පුදුමයි නේද? (නි)
හනේ බෝල ඌරන්ට මොන සෞඛ්‍යද !!(ස)
හහ් හහ් හා!! (නි)
විමල් ගේ ප්‍රතිචාරය සදාචාරාත්මක නොවේ. අධිකරණ තීන්දුව ලැබෙන තෙක් සැකකරුවෙක් වරදකරුවෙක් නොවේ. (නි)
ඔකේ කැලි හොස්පිටල් වලට දුන්නනම් ශල්‍යාගාර වල ලෙඩුන් සිහිසුන් කරන්න එන්නත ඕනේ නැතිවේවි.(නදී)
සරත් කොහොම වුනත් රෙද්ද සෝදාගන්න මාසෙකට සැරයක් වත්.(නදී)
ඒ රෙද්ද පොලිස් කාරයෙක් ගෙදර අරන් යන්න ඇති. ඔය පාරේ ඉන්න හිගන්නෙක්ගේ එකක් ගෙනත් දාන්න ඇති.(නදී)
කෙහෙළිය රබුක්වැල්ල කොහෙද ඉන්නේ?(නදී)
ඔව් ඔව් කලිසමක ගද වගේ නෙමෙයි, රෙද්දේ ගද ටිකක් වැඩියි තමයි (නි)
පව් අනේ මේ හොරා. ජීවිතේටම රෙද්දක් අස්සේ හිටිය පලවෙනි දවස වෙන්න ඇති නේද? (නි)
හෝදන්න 'මිස් වුන' රෙද්දක්ද කොහෙද? (නි)
විහිලුත් දැකලා තියෙනවා මෙන්න විහිලු (දී)
ඇත්තටම මම අද හිනාවුණා (නි)
දැන් දන්නවා කොහොමද සැකකරු හඳුනාගන්නේ කියලා. කිලිටු රෙද්දෙන් වහල හිටපු කෙනා පෙන්නුවම හරි.(නදී)
පිරිසිදුවට ඉන්න හොරක් වන්න ඇති හොර ආදර්ශයට අරන්වත් ඔය රෙදි හෝදන්න දාන්න.හොර හොර කරාද කියලත් බලන්න. (ස)
හී හී කවදාවත් ඔය රෙද්ද හෝදලා නැතුව ඇති..(ස)
අපුල්ලන්න බැරි තරමටම ඔය රෙද්ද ගදයි. අපිටත් ඔය රෙද්දේ ගද ලගක ඉදල දැනෙනවා.(නදී)
රෙද්ද රාළහාමිලා රෑට පොරවන්න ගන්නවද දන්නේ නැහැ නයිට් ඩියුටි කරනකොට උසාවියේ (නි)
හොඳ වැඩේ හොරාට, හොරකම් ජිවිතේ අමතක නොවන සිද්දිය.(ස)
සෙන්ට් පවුඩර් ගහපුවද ඉල්ලන්නේ.(නදී)
මාර රෙද්දක් නේ.. (ස)
පොලිසියට නම් ඕන රෙද්දක්.(නදී)
දවසේ කතාව. (ස)
ගද නැතුව තියෙයිද පොලිසියේ රෙද්දක්නෙ.(නදී)
හොරු කියන්නේ ගඳ වැඩ කරන පිරිසක් .හොරකමට ගිහාමත් ගද ,සුවඳ බලනවද ?හැදුනයි කියන ක්ලාන්තය නම් උප්පරවැට්ටියක් !
නියම කථාව. අදනම් ඇත්තටම හිනා ගියා.(ස)
අනේ පව් අහිංසක හොරා. දඩුවම අඩු කරන්න වටිනවා. රෙද්දේ ගද ඉවසන්න උන නිසා.(නදී)
පොලිසිය ඉන්නේ අනුන්ගේ රෙදි හෝදන්නනේ , ඉතින් කොහෙද එයාලගේ රෙදි හෝදන්න වෙලාවක්? (නි)
ඕන රෙද්දකට පොලිසිය කිවුවලු (නි)
මට මගේ මාලක පුතා මතක් උනා.(නදී)
රෙදි අපුල්ලන අය ඔය ඕනෑතරම් ඉන්නේ අර පැත්තේ. (නි)
පොලීසියේ රෙද්ද පෙරවගන කලන්තෙ හැදිල බේරුනානන් ලොකු දෙයක්, මැරිල වැටෙන්නෙ නැතිව.
ඔය රෙද්ද තියලා තියන්නේ පොලිසියේ නම් මේ ගද ඉවසන්න පුළුවන් නිලධාරීන් කීදෙනෙක් සමත්ද?(නදී)
මොන අධිකරණයේද ඕක උනේ.(නදී)
නොදන්නාකමට අහන්නේ. ඔය පෙරට්ටුවට තියන අනිත් අයගේ මානව අයිතිවාසිකම් කැඩෙන්නේ නැද්ද, ඔහොම බලෙන් පෙරට්ටු වලට තිබ්බහම? (නි)