ඥාතියකුගේ උත්සවයකට සහභාගී වීමට බිරියත් සැමියාත් ගේ වසා දමා පිටත් වූයේ සුපුරුදු පරිදි මල් පෝච්චිය යට යතුර සඟවාය. පසුදා ගෙදර ආ ඔවුන් නිවසේ යතුර මල් පෝච්චිය යට නොමැති බව දැක, විපරම් කර බැලූ විට වෙනත් මල් පෝච්චියක් යට තිබී හමුවිය.
මේ ගැන සැකයෙන් දොර ඇර බැලූ භාර්යාව කෙළින්ම ගියේ අල්මාරිය ළඟටය. අල්මාරිය උඩ තිබූ යතුරෙන් ඇය අල්මාරිය විවර කළාය. ඇයගේ පවුම් හතරක රන්මාලයත්, ඉමිටේෂන් ආභරණත් අතුරුදන් වී තිබිණි. ‘‘අනේ මගේ මාලේ’’ ඇය සිහිසුන්ව ඇද වැටුණාය. සැමියා වහා මුහුණට වතුර ස්වල්පයක් ඉස ඇය සිහිගන්වා ‘‘බලන්න අල්මාරියේ වෙන තැනක තිබ්බද කියලා’’ යැයි පැවසීය. අල්මාරියේ කොනක සිට පරීක්‍ෂා කළත් මාලය හමු නොවීය. දෙදෙනාම පිටුපස දොර හැරගෙන එළියට පැමිණි විට මල් වැටේ යමක් හිරු එළියට දිලිසෙනු දක්නට ලැබුණි. පුදුමයකි. බිරියගේ රන්මාලය මල් වැටේ එල්ලෙමින් තිබිණි.
‘හොරා මේක ඉමිටේෂන් මාලයක් කියලා හිතලා විසි කරලා අල්මාරියේ තිබුණු ඉමිටේෂන් මාල වළළු අරගෙන ගිහින්. රන්මාලය සිඹිමින් ඇය පැවසුවාය. දුක් මහන්සියෙන් හම්බකරලා ගත්තු එකක්නේ. ඒකයි ආපසු ලැබුණේ. අපටත් හොඳ පාඩම් දොර වහලා යතුර මල් පෝච්චිය යට තියලා යනවාට’’ සැමියා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ... (නි)
යතුර මල් පෝච්චිය යට කියලා කොලේක ලියලා දොරේ ගහලා ගියපු අයියා කෙනෙක් මටත් ඉන්නවා. (ස)
යතුර මල් පෝච්චිය යට තියන එක පාරම්පරිකව පැවත එන සිරිතකි, ඒ වගේම පුරුද්දකි (නි)
මෙන්න මේ වගේ හොරු කොච්චර හිටියත් කමක් නැහැ කියලයි මගේ අදහස (නි)
කොහොමහරි නියම රන් මාලය හිමිකරුටම නැවත ලැබුන එක ලොකු දෙයක්. ඔයින් ගියා ඇති (නි)
හොඳ වැඩේ හොරාට...(අ)
තිලා අනේ මන්දා හන්සි මොකට රත්තරන් බඩු තියන් ඉන්නවද කියල.(නදී)
හන්සි, රත්තරන් බඩු තියෙන්නේ ගෙවල් වල තියන්න තමයි (නදී)
යතුර මල් පෝච්චිය යට තබන්නත් එපා. රත්තරන් බඩු අල්මාරියේ තබන්නත් එපා. වෙනත් විකල්ප හොයාගන්න. (නි)
මොකක්ද මේ සිසිරට වුණ පාඩම...? (නි)
තවමත් අපේ රටේ තියෙන්නේ මල් පෝච්චි යට යතුර හංගා යන කාලේද ? ඇයි ඔය යතුර යන තැනක අරන් යන්න බැරි. වෙන වෙන වෙලාවල් වල පවුලේ කට්ටිය ගෙට එනවා නම් අමතර යතුරු කපලා දෙන්න හැකි නේද. (නදී)
පත්මේ දැන් කලේ කව්ද රත්තරන් බඩු දාගෙන ගෙන පාරේ යන්නේ (අ)
රත්තරන් බඩු ගෙදර තියල උත්සවයකට ගිහිල්ල.අස්වාභාවිකයි නේද? (අ)
මේක මතත් හොද පාඩමක්? (අ)
බැද්දර පිට ජයා ....මොළේ කොහෙද තියා...... හොරෙකුගෙ මේ තැන ගත්තේ ...අනේ මොකද ඔයා? (නි)
මේ හොරා ඉමිටේෂන් බඩු එකතු කරන හොරෙක් වෙන්න ඇති (නි)
දැන් රටේ චේන් කඩන රත්තරන් බඩු හොරකම් කරන වේගයට තව ගෙවල් වල රත්තරන් ඉතිරි වෙලා තියනවාද? (නි)
මෝඩ හොරෙක්. ඔහොම වෙලා මදි. ගෙවල් වල ආරක්ෂාව ගැන ගෙවල් හිමියෝ ටිකක් සැළකිලිමත් වෙන්න ඕනෑ කාලයක් මේක. (නි)
මට දුක මේ මෝඩ හොරා ගැන ! රත්තරන් ඉමිටෙසන් අඳුනන්නේ නැති මිනිහ මොකට හොරකමේ ගියාද මන්ද ? හොරුන්ගේ නමත් කැත කරනවා (අ)
යතුර මල් පෝච්චිය යට තියල යතුර තියන මල් පෝච්චිය අමතක නොවෙන්න මල් පෝච්චියේ ගඩොල් ගෙඩියක් තිබ්බ අසල්වැසියෙක් මටත් හිටිය. වෙලාවට අපි හොරු නෙමෙයි. හොඳ මිනිස්සුත් හොරු වෙනවා මේ වගේ මෝඩ වැඩ කරන කොට.(අ)