රුපියල් හතරකට පොල් ගෝනියකින් සංග‍්‍රහයක් ලැබුණ කතාවකි මේ. රතුගම කොළඹ බස් රථයකි. සෙනඟ අඩුක්කු කර මුදල් අය කරමින් සිටි කොන්දොස්තර මහතෙකි. මැදිවියේ කතකි. ළමයෝ මගේ ඉතිරි සල්ලි දෙන්නකෝ තැනකින් ඇසුණි. ඉන්න ඉන්න ආච්චි මං ඔයාගෙ රුපියල් හතර අරගෙන බැහැල යන්නෙ නෑ. මද වේලාවක් ගතවිය. එම දෙබසම ආයෙත් ඇසුණි. කොන්දොස්තර නිහඬය. කළුතරදී බස් රථයෙන් බැසගත් කාන්තාව නැවතත් ඉතිරි මුදල ඉල්ලීය. එවිට කොන්දොස්තර මෙසේ කීවේය. ඉතිරි නෑ.... ගාන හරි රුපියල් හතරකට මැරෙන්න හදනවා.... පරුෂ වචන කීපයක් ද කීවේය. ඒත් සමගම කොන්දොස්තරගේ පිට හරහා අකුණු පහරක් වැදුණි. ඒ විශාල පොල් ගෝනියකි. සිදුවීම දෙස බලා සිටි මගියකු ප‍්‍රහාරය එල්ල කර තිබුණි. ඒත් සමග මෙසේ ඇසුණේය. ඕයි මිනිස්සුන්ගේ ඉතුරු සල්ලිවලට වංචා කරන්න එපා ලබන ආත්මයේදී මේ වගේ බර අදින බූරුවන් වෙලා උපදීවි. මෙහාට දෙනවා මේ අම්මගේ ඉතුරු සල්ලි. රුපියල් හතරට වැඩියෙන් රුපියලක් දී ගණන් බේරා හරි... හරි යාං... කියමින් කොන්දොස්තර බස් රථයේ පාපුවරුවට ගොඩවූයේය. බසය කොළඹ දෙසට ඇදුනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන්,රුවන්, පිනා, රතුගම නෙමෙයි මතුගම විය යුතුයි. මතුගම බස්රිය කොළඹ යන්නේ කළුතර හරහාය. (නි)
මුල්කාලයේ දුරකතන කාඩ්පත් වගේ මුදල් ගෙවා ලබාගත් කාඩ්පතකින් ගෙවීමේ විදියක් තිබුණා නම් මගියාටත්, බස් අයිතිකාරයාටත් පහසුයි. (නු)
කොන්දොස්තරගේ කොන්ද නෙවෙයි කඩන්න තිබුණේ. මට කියන්න නම් පුලුවන්. ඒත් ඉතිං මොකටද? (නි)
ඉතාමත්ම හොදයි. මේ අයට මේ ගසා කෑම පුරුදු වෙලා තියෙන්නේ දේශපාලුවන්ගෙන්. (නි)
ලියල තියෙන විදියයි , වෙලා තියෙන වැඩෙයි දෙකටම හොඳටම හිනා යනවා. හුඟ කාලෙකින් ඇත්තටම හිනා ගියා. කොන්දොස්තරට හොඳ වැඩේ. මගියා නියම පොරක්. (නි)
කොන්දොස්තර කියන්නේ කොන්දක් නැතුව වැඩ කරන අයටද? (නි)
පව්..කොන්දොස්තර ළමයට තව කුඩා ගණනක් මදි ඇති ඉස්සරහට ගන්න ඉන්න වාහනේට.අනෙක් කොන්දොස්තරලට කදිම ආදර්ශයක්. (ස)
රතුගම කොහෙද තියෙන්නේ? (ත)
අයියෝ ඔයාලට කතාවක්වත් තේරෙන්නේ නෑනේ ?(ස)
ඉතාම හොද වැඩක්.. අනෙක් කොන්දොස්තර මහත්වරුනුත් මෙය බලනවානම් තමයි හොද!!(නු)
හොද වැඩේ. මම හිටියා නම් ඕක වෙන්නේ මගේ අතින්. (නි)
ගාමිණී - කුවේට් මම හිතුව මතුගම වෙන්න ඇති කියල . නිවැරදි කළාට ස්තුතියි
නියම වැඩේ.. ගහන්න තිබුණෙ ඔහොම නෙවෙයි එලල්ලලා...!!(නු)
ගහපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා. (ත)
මෙහෙම මිනිසුන් බූරුවන් වෙලා නෙවෙයි බල්ලන් වෙලා නැවත ඉපදුණත් මේ ලෝකෙට බරක්. (නි)
කොන්දගේ කොන්දට ගහපු කෙනා හොඳ කොන්දක් තියන කෙනෙක්. (ත)
වැඩේනම් හොදයි. ඒත් පොල් ටික අපරාදෙනේ. (නි)
නියම ප්‍රහාරයක්. (නි)
කොන්දගේ කොන්ද කඩන්නනේ තිබුණේ. (නි)
නියමයි කරපු වැඩේ. (නි)
ලංකාවේ කොන්දොස්තරලා බහුතරයක් මේ වගෙයි. අපිත් ඉතින් බැණුම් අහන්නේ මොකටද කියලා ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව බැහැලා යනවා. මේක වෙනස් විය යුතුයි... (නි)
හොද වැඩේ. (නි)
කොන්දොස්තරට එලොව පොල් පෙනෙන්න ඇති.... (නි)
හොද වැඩේ. (නි)
හුග දෙනෙක් ලැජ්ජාවට ඉල්ලන්නේ නැති වුණත්, කාටවත්ම ඉතුරු දෙන්නේ නැහැ. (නි)
හොදම වැඩේ... බුරුවෙක්ම තමයි වෙන්න ඕනෑ. (නි)
ගහන්න තිබුණේ පොල්ලකින් ඔළුවටම. (නි)
නියමයි ආ..... (නි)
වයසටවත් සළකන්නේ නැති නරුම මිනිසුන්.............. (නි)
පොල්ලකින් ගහන්න තිබුණේ.
හොද වැඩේ. අපේ පාරෙත් බස් වල මට කවදාවත් ඉතුරු දෙන්නේ නැහැ. හූ හූ හූ........ හොදම වැඩේ. (නි)
කොන්දස්තරලා කියන්නේ මහම හොරු ජාතියක්. රුපියලක්වත් වැඩිපුර දෙන්න හොද නැහැ. මගින් විදියට අපි කොහොම හරි ඉතිරි මුදල් ලබා ගත යුතුයි. කොන්දස්තරලා පාරේ මැරෙන්න වැටිලා හිටියත් උදවු නම් කරන්න හොද නැහැ. (නි)
කොන්දොස්තරගේ කොන්ද....... (නි)
හොද වැඩේ.තවත් ගහන්න තිබුණේ. (නි)
මේ රතුගම කොහේද තියෙන්නේ? මම අළුත්ගම. අල්ලපු ගම මතුගම. රතුගම අහලා නෑනේ. (නි)
ඇත්තටම රතුගම කොහේද තියෙන්නේ? (නි)