බරපතළ රිය ගැටුමකට ලක්ව රෝහල් ගතවී සිටින විට තමාගේ සුවදුක් බැලීමට ආවේ නැතැයි කියමින් අනියම් බිරියකගේ දරුවාට ගෙවිය යුතු වන්දි මුදල් නොගෙවා මඟහැර යාමට තැත් කළ තැනැත්තකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ දේව කන්නලව්වලට ප‍්‍රසිද්ධ ප‍්‍රදේශයකින් වාර්තාවිය. තම බිරිය මියගිය පසු අනියම් බිරියක ඇසුරු කළ ඔහු දරුවකු ලද පසු මඟහැර යාමට තැත් කළත් උසාවිය මගින් දරුවා සඳහා වන්දි මුදලක් ගෙවීමට නියම කරනු ලැබීය. දැව කර්මාන්තයට සම්බන්ධ රැුකියාවක නිරතවූ ඔහු යතුරු පැදියකින් යද්දී රිය ගැටුමකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කළත් වන්දි ලබා ගන්නා අනියම් බිරිය නිකමටවත් ඔහු බැලීමට ආවේ නැත. මේ නිසා කෝපයට පත් ඔහු ‘‘මං ඒ වෙලාවෙ මැරුණ නං කවුද වන්දි ගෙවන්නේ’’ කියමින් දරුවාට වන්දි ගෙවීම පැහැර හැරියේය. මාස තුනකට පසු තමාට වූ අසාධාරණය ගැන කියමින් අනියම් බිරිය පොලිස් පොතේ එය සටහන් කළෙන් ඔහුට පොලීසි යාමට සිදුවිය. ‘‘ඒ වෙලාවේ මැරුනේ නැති නිසා ඉතිං මැරෙණකම්ම වන්දි ගෙවනවා’’ කී පොලිස් පරීක්‍ෂකතැන සහනයක් උවමනා නම් ආයෙත් උසාවි යන ලෙස කීවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසා අහන්නේ අනියම් බිරිඳටත් වන්දි ගෙවන්න ඕනද ?? මීට කලින් අහල නැහැ. (ස)
එහෙත් දරුවට ගෙවන්න වෙනවා.මොකද බිරිදත් වරදක් කරලා තියෙනවනේ අනියම් සබඳතාවක් තියාගෙන (නි)
නියම උත්තරය දීලා තියෙන්නේ (නි)
ඒ මනුස්සයා බලාඉන්න ඇත්තේ කොහොමද ගැළවෙන්නේ කියලා.අනතුර මුවාවෙන් දාලා ඇඟ බේරා ගන්න හැදුවට යස දඩුවම. (නි)
අන්තර්ජාලයෙන් මුදල් සොයන වැඩක් පටන් ගත්තා නම් හරිනේ ඉතින් (නි)
මොහුගේ පිංතුරයවත් ලංකාදීපය වැනි වටිනා පුවත් පතක දැමීම සුදුසු නොවේ (දී)
අනියම් බිරිදට වන්දි ගෙවනවනම් කොහොමද ඒ මනුස්සයා අනියම් වෙන්නේ. පැහැදිලි මදි මටනම් (දී)
සොයිසා,කොහෙන්ද දැක්කේ මේ මනුස්සයාගේ පින්තූර හැබෑටම? (නි)
මරුනානම් වන්දි ඕන නැහැ. නොමරුනා නම් ගෙවන්න ඕන. එතකොට මැරුණා නම් හොඳයිද? නොමරුනා නම් ....නෑ! නෑ!! නොමරුන එක හොඳයි!. මාරයි නේද? (ස)