(අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස)
ඇය රිය පුහුණු පාසලක සේවය කළාය. සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ ඇය තම දෛනික කටයුතුවල යෙදී සිටිය දී ඒ ආයතනයේම තරුණයකු හා යම් බහින් බස්වීමක් සිදුවිය.
එය දුරදිග යාමෙන් කෝපයට පත් තරුණයා රිය පුහුණුවට ආ පිරිමින් බලා සිටියදීම කාන්තාවට පහර දෙන්නට පටන් ගත්තේය. පහර කෑමට ලක්වූ කාන්තාව කෑ ගසන්නට වූවාය.
ඇගේ කෑගැසීම ඇසී එහි සිටි තිදෙනෙක් වහාම එතැනට ගියහ. කාන්තාවට පහරදෙන තරුණයා අල්ලාගත් ඔවුහු ඒ තරුණයාට පෙරළා පහර දී මෙල්ල කළහ. ඔවුන් වහාම පොලිසියට හදිසි ඇමැතුමක් දී රිය පුහුණු පාසලට පොලිස් නිලධාරින් ගෙන්වා ගත්තේය.
පොලිස් නිලධාරින් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර කාන්තාවට පහර දුන් තරුණයා අත්අඩංගුවට ගෙන ඔහු පොලිසියට කැඳවාගෙන යාමට සැරසුණි.
මේ අවස්ථාවේ පහර කෑමට ලක් වූ කාන්තාව ඉදිරියට ආවාය. ඇය පොලිස් නිලධාරින්ට මෙසේ කීවාය.
අනේ මහත්තයෝ එයාව ගෙනියන්න එපා. ඔය මගේ මහත්තයා.”
ඇගේ කීමට අවනත වූ පොලිස් නිලධාරිහු එතැනින් ඉවත්ව ගියහ. කෙසේ වුවද කාන්තාවට පහර දුන් තරුණයා ඇයගේ සැබෑම ස්වාමි පුරුෂයාදැයි හරියටම දන්නේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන හැටියට රිය පුහුණුවට එන ඔක්කොම පිරිමි ඔය වගේද ? (නදී)
කසාද සහතිකයෙන් නම් මේක හොයන්න බැරිවෙයි වගේ. නරකද ඩී එන් ඒ පරීක්ෂණයක් කළොත්? (නි)
මොකක්ද අප්පේ මේ හුටපටය හැබෑටම? (නි)
සමන්තිට පිස්සුව තදවෙලා වගෙයි මට නම් පෙනෙන විදියට (නි)
මටත් හිතෙනවා මෙතන මොකක් හරි පටලැවිල්ලක්.(හේ).
ඇත්තටම එම( වාහනයේ) බලපත්‍ර හිමිකරුවා ගුටි කෑ තරුණයා නම් ...ඔහුට තව පාරක් හිතන්න වෙනවා ...(කාන්තාව) ගැන?(හේ)
මේක සාමන්‍ය දෙයක්. මේක ගණන් ගන්න එපා.(හේ)
මේක සිදුවුනේ කාටදැයි සිතාගත්තහැකි. (ස)
පවුල් ආරවුල් වැඩකරන තැනටත් ගේන එකයි නරකයි.(හේ)
ගෑනි වාරියපොළ නම් ඕකේ අනිත් පැත්ත වෙන්න තිබුනා. (නදී)
නෝනට හොද නම් අපිට මොකද?(හේ)