මාර්ග අංකය 255 ය. දිනය ඉකුත් 15 වැනිදාය.
වේලාව 7.45ට පමණ ඇත. පිම්මේ හඹා ගිය බස් රථය බස් නැවතුම්පළවල් කිහිපයකින් මගීන් නංවා ගැනිණි. බස් රථය නැවත නැවතුමක නවත්වා මගීන් නංවයි, බස්සයි.
ඊයේ යාමට තිබූ ගමනක් යන ආකාරයෙන් නැවත ධාවනය කරයි. කොට්ටාව පිළියන්දල මාර්ගයේ බස් නැවතුමේ බසය නතර කෙරිණි. බස් රථය තුළ විශාල මගී පිරිසකි. බසයට නගින්නට පොරකන පිරිස ද විශාලය. කොන්දොස්තර බස් රථයේ පිටුපස දොරෙන් මගීන් නංවයි. ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඔහු කෑ ගසයි.
රියැදුරු ඉදිරිපස දොරටුවෙන් මගීන් නංවයි. ‘‘පස්සට යන්න පස්සට යන්න’’ ඔහු කෑ ගසයි. මගීහු අන්දමන්ද වෙති. රියැදුරු තැන මහහඬින් කෑගසමින් මගීන් නංවයි. මගීන් නංවා අවසන් වූ තැන ඔහු මහ හඬින්ම හරි රයිට් යන් යැයි කෑගැසීය. තදබදයේ හිරවී සිටි නමුත් මගීන් මහ හඬින් සිනාසෙන්නට විය.
රියැදුරට යමක් වැරදුණ බව වැටහිණි. ඔහු තව ටිකක් තප්පර ගණනක් සිට හරි මමනේ යන්න ඕනෑයැයි කියමින් ගියරය මාරු කර බස් රථය ඉදිරියට ඇද්දුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති පස්සට ගියේ නැතිව. කවුද දන්නේ නෑ ලයිසම දුන්නේ. (බ)
සුළු අතපසු වීමක්. (ර)
අපිට හරි හිනා. (ර)
අම්බලන්ගොඩ බස් නැවතුමෙන් පිටිසර පළාතකට යන අවසාන බසයට මගීන් පිරී ගිය පසු කොන්දොස්තර සීනුව ගැසුවාලු . නමුත් රියදුරා ආසනයේ නැති බව මගීන් කිව්වාලු . ඊට පසුව වට පිටේ හැම තැනම හොයා බලනකොට රියදුරා බැටරි පෙට්ටිය උඩ ඉඳගෙන ඉන්නවාලු . වෙන කෙනෙක් අතේ පණිවිඩයක් ඇරලා මිනිහව බසයෙන් බස්සාගෙන ටිකවෙලාවකින් නැවත බසයට ගොඩ කරලා ගමන ගියාලු . හේතුව රියදුරා ගංජා බීලා මත්වෙලා සිහින ලෝකෙට ගිය එකලු. මේක 80 දශකයේ වෙච්ච සිදුවීමක්. (ර)
දෙකක් නැහැ මේ රියදුරා හොරට බස් එලවන කොන්දොස්තර කෙනෙක් , කලබලේට මිනිහට අමතක උන අද කරන්නේ රියදුරු කම කියලා මොනවා උනත් හිනා යන කතාවක්. (ර)
හොඳ කතාවක්. (ර)
සමහරවිට අලුත ලයිසන් එක ගත්තු රියදුරෙක් වෙන්ට ඇති. කලින් කොන්දොස්තරයෙක් වෙලා අමතක වුණා. දැන් මිනිහගේ ජොබ් එක. (බ)
කොට්ටාවෙන් කොළඹ දුවන බස් කීපයක ඉන්නේ කේරල ගිහින් ආපු අය බව වෙනත් බස් රථ ධාවකයන් දනී.කේරල භාෂාව නම් නොදනී (බ)
අපේ මලයා අනූ ගණන් වල බස් එකක් දැම්මා ගාල්ලෙ ටිකක් එහාට වෙන්න තිබුණ ගමකට. සෙනඟ ගොඩක් හිටියෙ නැති හින්දා කොන්දොස්තර වැඩේ කළෙත් මල්ලිමයි. ගමේ මිනිස්සු සල්ලි වෙනුවට මී කිරි, හකුරු, එළවලු දීලා ගිහින් (නි)
ඒ කාලේ අපේ ගෙදරත් ඉතින් මී කිරි , හකුරු , එළවලු අඩුපාඩු උනේ නැහැ , මොකද වික්‍රමගේ බාගෙන් කොටසක් නොවැරදීම අපේ ගෙදරට ලැබෙන නිසා , අපි ඉතින් වික්රමටත් මල්ලිටත් පිං දිදී කනවා. (ර)
හිනා යන කතාවක්. දකුණේ කට්ටිය වගේ මෙතන ලියලා තියෙන්නේ මී කිරි ගැන ලියපු නිසයි. එහෙම කිවුවේ අපේ දකුණට. ජය වේවා! (නි)