රියදුරු පුහුණුව අවසන් කළ අයඳුම්කරුවන් පිරිසකට රියැදුරු බලපත‍්‍ර ලබාදීම සඳහා පැවැති පරීක්‍ෂණයකි. ගැහැනු හා පිරිමි අයඳුම්කරුවෝ රැසක් මෙම පරීක්‍ෂණයට ඉදිරිපත් වී සිටියහ. මෙම පරීක්‍ෂණයට ඉදිරිපත් වීමට පැමිණි පිරිස හලාවත-කුරුණෑගල මාර්ගයේ හලාවත නගරයට ආසන්න ස්ථානයකට එක්වූහ. සැහැල්ලූ වාහන ත‍්‍රිරෝද රථ හා යතුරුපැදි පැදවීම පිළිබඳව පරීක්‍ෂා කිරීමට මෙම මර්ගය තෝරාගෙන තිබිණි. මෙහිදී අයඳුම්කරුවන්ට මුලින්ම අවස්ථාව උදාවූයේ යතුරුපැදි පැදවීම පිළිබඳව පරීක්‍ෂණයට ඉදිරිපත් වීමටය. මේ අනුව වයඹ පළාතේ එක් එක් ප‍්‍රදේශවල රියැදුරු පාසල් මාර්ගයෙන් ඉදිරිපත් වූ අයඳුම්කරුවන්ට පිළිවෙළකට අනුව පෙළ ගැසී සිටින ලෙස රියැදුරු උපදේශකවරයකුගෙන් උපදෙස් ලැබිණි. මෙසේ පෙළ ගැසී සිටි අය අතර එක් පුද්ගලයෙකු දෙස අවධානය යොමු කළ රියැදුරු උපදේශකවරයා ඔහුට ඉවත්ව යන ලෙස දැනුම් දුන්නේය. තමාගේ උප්පැන්න සහතිකය වෙනුවට දියණියකගේ උප්පැන්න සහතිකය ඔහු රැගෙනවිත් තිබූ බැවින් ඔහුට රියැදුරු පරීක්‍ෂණයට ඉදිරිපත් වීමට එදින වරම් නොලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම
අලිබබාගේ කතාව ඇත්ත... එක් දෙයකට පමණක් සීමා නොවී All Roundersලා විය යුතුයි අපේ ජීවිතවලදී... එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙන්න අමාරුයි....
මාත් දැන් අලිබබා පාඨකයෙක්
අලි බබාගේ මොලේ ළදරුවකුගේ වගෙයි. අදාල නැති කමෙන්ට්ස් ලියන්න එපා...
දැන් දෙයියෝ සාක්කි නතර කළොත් හොද නැද්ද?
අලි බබා ඔයා නමි මරු ඇත්තටම අද කාලේට ඉතාමත් වටිනා ආදර්ශමත් කතාවක්.
අලි බබා වෙබ් එකක් හදන්නේ නැද්ද...
මම නම් අලි බබාගේ පාඨකයෙක් වෙලා දැන් ටික දවසක් වෙනවා. ලංකාදීප පත්තරේ අලි බබාට තැනක් වෙන් කරලා දෙන්න. එයා මේ ආර්ටිකල් එක ලස්සනට කර ගෙන යයි... අලි බබාගේ ආර්ටිකල් කියවන්නත් ආසයි...
අලි බබාගේ කමෙන්ට් වලට මාත් කැමතියි...
ජය ශ්‍රී අලි බබා, ඔයා දිගටම ලියන්න. මාත් දැන් අලිබබා පාඨකයෙක්. ජය වේවා අලි බබා. ජය වේවා. දිගටම ලියන්න.
අලිබබාට කරුනාකර දෙයියෝ සාක්කි ලිවීමට භාර දෙන්න.ඒ සදහා හරිනම් පත්තරෙන් ඔහුට ගෙවීමක් කළ යුතුයි
හිකිස්........ අන්න නුවණක්කාර කොළුවා..... අනේ අලි බබෝ. “දෙයියෝ සාක්කි“ ඇදගෙන යං. මං හෙටත් එනවා........... අලි බබාගෙ කතාව කියවන්න. :D:D
මේකත් අපේ සමහර අයගෙ ප්‍රතිචාර(කමෙන්ට්ස්) වගේ. කිසිම හරයක් නැහැ...
මෙන්න එක්තරා පුදේශයක්. එහි විශාල ගගක් තිබුණා. මේ ගමේ ජීවත්වු අයට ගගෙන් එගොඩ පිහිටි නගරයට යාමට පාලමක් පිහිටා තිබුණේ නැහැ. පහසුකමි අඩු දුෂ්කර ගමක්. එම ගග තරණය කිරීම සදහා ඔරුවක් දමා තිබුණා. එම ඔරුවෙ තොටීයා ලෙස කටයුතුකලේ කොලු ගැටයෙක්. ඔහුගේ දිනචාර්යාව වුයේ මේ පැමිණෙන මිනිසුන්ව එගොඩ මෙගොඩ කිරීමයි.ඒ උපයාගන්න මුදලින් ඔහු අහිංසක ලෙස ජීවත්වුවා. දිනක් මෙම ගමේ පාසැලේ රැකියාව සදහා පැමිණි ගුරුවරුන් තිදෙනෙක් නගරයට යාම සදහා පැමිණියා. මෙම ගුරුවරුන් මෑතකදී ගුරුවෘත්තියට ඇතුලත්වු තරුණයන් තිදෙනෙක්. ඔවුන් නිතරම විහිළුතහලුවෙන් තමයි තම ජීවිතය ගතකලේ. පාසැලේදීත් ළමුන්ට ඉගුන්වුයේ කුමක්හෝ විහිළුවක් කරලයි.එක් අයෙක් ඉංග්‍රීසි ගුරුවරයෙක්. අනෙක් අය ගණිතගුරුවරයා. තුන්වැන්නා විද්‍යාගුරුතුමා. මෙ තිදෙනාද සුපුරුදු පරිදි ගගෙන් එගොඩවීම සදහා ඔරුවට නැග්ගා. තරුණ කොලුගැටයාද සිනහවක් පා තමඔරුව පැදගෙන ගියා. එදිනට පෙර දින වැසිදිනයක් වු හෙයින් මෙදින ගගේ වතුර පාර සැඩපාර ඉතා දැඩිවපැවතුනා. මෙසේ යන අතර එක් ගුරුවරයෙක් මෙම කොලුගැටයාට විහිළුවක් කිරීමට සිතා මෙසේ විමසුවා. ළමයෝ ඔය ළමයා ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවාද? එවිට එම කොලුවා අනේ මහත්යෝ මම දන්න ඉංගීසියක් නෑ. මම දන්නේ මෙ ඔරුව පදින්න විතරයි යනුවෙන් පිලිතුරු දුන්නා. එවිට ගුරුතුමා අයියෝ ළමයෝ ඔය ළමයාගේ ජීවිතෙන් කාලක්ම ඉවරයැයි පිළිතුරු දෙමින් සිනහවෙන්න පටන් ගත්තා. එවිට අනෙක් තරුණ ගුරු ළමයෝ ඔය ළමයා විද්‍යාව සමිබන්ධව මොනවාද දන්නේ යනුවෙන් විමසුවා. එවිට පෙර ලෙසම කොලුවා අනේමහත්තයෝ මම දන්නේ මෙ ඔරුවෙන් මිනිසුන්ව එගොඩ මොගොඩ කරන්න විතරයි යනුවෙන් පිළිතුරු දුන්නා. එවිට ගුරුවරයා අයියෝ ළමයෝ ඔය ළමයාගේ ජීවිතෙන් භාගයක්ම ඉවරයිකියා පැවසුවා. එවිට අනෙක්ගුරුවරයා ළමයෝ ඔය ළමයා ගණිතය සමිබන්ධව මොනවාද දන්නේ යනුවෙන් විමසුවා. පෙර ලෙසම මෙම කොලු ගැටයා පිළිතුරු දුන්නා. එවිට ගුරුතුමා මෙසේ පැවසුවා අයියෝ ළමයෝ ඔයළමයාගේ ජීවිතෙන් තුන්කාලක්ම ඉවරයි. මෙ අයුරින් විශ්වවිද්‍යාලයේ මෙන් මෙ ළමයාට රැග්එකක් දෙමින් මෙම ගුරුවරුන් තිදෙනා සිනා සිසී සතුටින් විනෝදයෙන් ඔරුවෙ යන අතර දැන් ඔරුව ගග මැදට පැමිණ තිබුනා. වතුරපාරද සැරයි. ඔරුව හසුරුවා ගැනීමට කොලුවා සෑහෙන උත්සහයක් දරයි. නමුත් සැඩපහර නිසා ඔරුව එකතැන කැරකෙමින් තිබුණා. කෙසේ වෙතත් සුලියකට හසුවී ඔරුව ගිලෙන්නට යන බව කොලුවාට හැගුණා. එවිට කොලුවා මෙ පංඩිත ගුරුවරුන් තිදෙනාගෙන් මෙසේ පුශ්න කළා. මහත්තයෝ මහත්තයලට පීනන්න පුළුවන්ද කියා. එවිට ඒ තුන්දෙනාම බයේ ගැහෙමින් අනේ ළමයෝ අපි පීනන්නනමි දන්නේ නැහැ. අපිට ස්විමින් දන්නේ නැහැ යනුවෙන් පවසනවාත් සමගම ඔරුව ගිලෙන්න පටන් ගත්තා. එවිට කොලුවා මෙසේ පවසමින් මගේ ජීවිතේ තුන්කාලක්ම ඉවරයි. මහත්තයලගේ ජීවිතේ සමිපුර්නයෙන්ම ඉවරයි යනුවෙන් පවසා එගොඩට පීහිනුවා.
ඕව ඉතිං පත්‍තරේ දාන්න තරම් දේවල්ද? ඔවට වඩා අලකලංචි ඕන තරම් වෙනවා..
රියදුරු පරීක්ෂණයෙදී උප්පැන්නේ බලන්නෑ නේද ????
අත්වැරදීමක් වෙන්න ඇති..
අයියෝ මගේ ......පඩිය
අනේ ඇත්තටම මේවත් දෙයියෝ සාක්කිද? මීට වඩා හොද කතා නැද්ද ලියන්න...
මොලෝ රහක් නෑ. එහෙම තමයි මිනිස්සුන්ට අතපසුවීම් වෙනවා...
කවුරු කවුරුත් කරන්නේ පිස්සු වැඩ තමයි...
කුඡිතයි
මෙලෝ රහක් නෑ..
ඕක දෙයියෝ සාක්කියක්ද? ..... ඔයවගේ අතපසුවීම් කාටත් වෙනවානේ.