කොළඹ ජනාකීර්ණ නගරයක ප්‍රධාන මාර්ගයක සවස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හසුරවමින් සිටි රථවාහන පොලිස් කොස්තාපල් දැක කලබල වූ තරුණ යතුරුපැදිකරුවකුට උතුර දකුණ මාරුවී මාර්ගයේ විරුද්ධ දිසාවට ධාවනය කරනු දක්නට ලැබිණි. ඔහු අල්ලා ගැනීමට පොලිස් නිලධාරියා දුව යනවිට යතුරුපැදිකරු තම පැදියද මහමග දමා දුවන්නට විය. පුද්ගලයකු පසුපස පොලිස් නිලධාරියකු ලුහුබඳිනු දුටු මාර්ගයේ ගමන් ගත් ජනතාවද පොලිස් නිලධාරියා පසුපස දුවන්න වූහ.
කිලෝමීටරයක් පමණ දුව ගොස් අල්ලා ගත් යතුරුපැදිකරු ‘අනේ මට ගහන්න එපා බුදු සර්’ කියන විටත් ජනතාව ඔහුට බඩ පිරෙන්න ගුටි බැට දී හමාරයි. තමන් දැක යතුරුපැදියද දමා පැන යාමට හේතු විමසූ පොලිස් නිලධාරියාට තරුණ යතුරුපැදි පවසා සිටියේ ‘සර් යාළුවන් සමග හවස බියර් බෝතලයක් බිව්වා. සර්ව දැක්කාම බය හිතුනා. ඒකයි දිව්වේ’ යනුවෙනි.
වැල්ලවත්ත බී. ජානක
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාලහාමි දුටු යතුරු පැදිකරු වැරැද්ද මාට්ටු වෙතැයි පැන දුවලා