(වියලූව වාර්තාකරු)
ආරක්ෂක අංශයේ රැුකියාවක් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට යාම සඳහා බාධාවක් වූ තම අතේ කොටා තිබූ පච්චයක් මකා ගන්නට ඒ මත රත්වූ විදුලි ස්ති‍්‍රක්කයක් තබා අත පුලූස්සා ගත් තරුණයකු පිළිබඳ පුවතක් වියලූවේ ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද තරුණයෙකි. සම වයසේ ඇතැම් තරුණයන් සේ ඔහුද එක් අතක උඩබාහුවේ පච්චයක් කොටා ගත්තේ එය අපූරු විලාසිතාවක් යැයි සිතමිනි.
පච්චය තරුණකමට කිසියම් ජීවයක් ගෙන දුන්නද එය ආරක්ෂක සේවයේ රැුකියාවට ඇතුළුවීමට බාධාවක් බව ඔහුට වැටහුණේ ඒ සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට ගිය අවස්ථාවේදීය.
ආරක්ෂක අංශයේ රැුකියාවක සම්මුඛ පරීක්ෂණය සඳහා දෙවතාවක්ම ඉදිරිපත්වුවද ඒ හැමවිටම පච්චය හරහට හිටියේය.
‘‘ඔය පච්චය තියෙද්දී මේ රැුකියාවට ගන්නේ නැහැ. ඔයා ඔය පච්චය මකාගෙන එන්න. එතකොට අපි රස්සාවට ගන්නම්.’’
සම්මුඛ පරීක්ෂණය සඳහා සිටි නිලධාරීන්ගෙන් ඔහුට ලැබුණේ එවැනි පිළිතුරකි.
තමා සැබෑවටම ආදරය කළ මේ රැුකියාවට යන්නට අතේ වූ පච්චය බාධාවක් වීම නිසාම මේ තරුණයා සිටියේ දැඩි කනස්සල්ලෙනි.
නිවෙසට පැමිණි ඔහු පච්චය මකන්නට මගක් සිතුවේය. ඔහුගේ සිතට ආවේ අපූරු සිතුවිල්ලකි. සිතුවිල්ල කි‍්‍රයාවට නැංවිණි. හොඳින් රත්කළ විදුලි ස්ත‍්‍රික්කය ඔහු පච්චය මතින් තැබුවේ එහි සලකුණු සියල්ල මැකී යන පරිද්දෙනි.
දැන් අතේ පච්චය වෙනුවට ඇත්තේ රත් පැහැයෙන් බබලන ලොකු තුවාලයකි. දැන් දිනක් හැර දිනක් ඔහු ගමේ රෝහලට යන්නේ පච්චය මත ඇති තුවාලයට බේත් දමන්නලූ. ‘‘තුවාලය සනීපවුණු ගමන් මම ආයෙත් ඉල්ලූම්පත‍්‍රයක් දානවා.’’ ඔහුගෙන් සිය මිතුරන්ට ලැබුණේ අපූරු උත්තරයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. පච්ච මකන්න දැන් ලේසර් කිරණ වලින් පුළුවන්. (නදී)
කවුරුත් දුරදිග හිතන්න ඕනා සිරුරේ පච්ච කොටනකොට. තරුණ වයසට ගැලපෙන පච්ච කොටාගත්ත අයට මතක නැති වෙච්ච දෙයක් තමයි, තරුණකම තාවකාලිකයි, වැඩිහිටියෙකු, වයෝවෘධ කෙනෙකු ලෙස මේ පච්ච එක්ක සමාජයට මුහුන දෙන්නේ කොහොමද කියලා. (නදී)
අනුගමනය කලේ හරිම විදිය නොවුනත් අධිෂ්ටානයක් ඇති තරුණයෙක් (නදී)
තරුණ විසේට ඕන දේයි එපා දේයි හැම එකම කරනවට හොඳ වැඩේ. (නදී)
පච්ච කොටන්න කලින් දහස් වාරයක් හිතන්න ඕනේ කොටනවද,නැද්ද කියලා.පිටරටවල වුනත් වැදගත් රැකියාවකට ගන්නේ නැහැ පේන තැනක පච්ච කොටලා තිබුනොත්.(දිල්)
ඔහු ආරක්ෂක අංශයේ රැකියාවට හොඳටම ගැළපෙනවා. උත්සාහය අත්හරින්න එපා මල්ලියේ... (නි)
මොළයක් තියෙන කෙනෙක් මේ වාගේ වැඩක් කරයිද? (නි)
හමුදාවටම ගැළපෙන හිත හයිය කොල්ලෙක්. සුබ පතනවා රැකියාව ඉක්මනට ලැබෙන්න කියලා (නි)
දකුණේ කෙනෙක් වගෙයි!! (නි)
උත්සාහවන්තයා ජයගන්නවා මල්ලි. (නි)
අනේ මල්ලි, ඔයාට ඉතාම සුළු දවසකින් ඔයාගේ තුවාලය හොඳවෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. හොරකම් කර කර ,රස්තියාදු ගහනවට වැඩිය රස්සාව උතුම් කියලා ඔයාට තේරුණා නේද? (නි)
පුදුම වැඩනේ කරන්නේ! (නි)
කරන්නන් වාලේ පච්ච කොටාගන්න වර්තමාන තරුණයන්ට තරුණියන්ට මේක හොඳ පාඩමක්. මන් ඉන්න රටේනම් පච්ච කාරයෝ කිසිම රජයේ රැකියාවකට ගන්නේ නැහැ. නොපෙනෙන තැන වල පච්ච කොටා ගත්තත් මෙඩිකල් එකේදී අහුවෙනවා. (දිල්)
ලංකාවේ පච්ච දේශපාලකයින් කී දෙනෙක් ඉන්නවද? පච්ච නැත්නම් , අයියෝ! කිසි වැඩක් නැහැ. (නි)
මේ අපි දන්න කෙනෙක් නේ. (ස)
ඇයි දැන් කවුරුවත් ස්ත්‍රික්කය ගැන කතා නොකරන්නේ? දැන් ඒ පච්චය ස්ත්‍රික්කයේ ඇලිලා ඇති නේද? (නි)