IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රෝහල් කංකානමට ගෙදරදී ‘දොස්තර පදවියක්’

(නිකවැරටිය ශ්‍රියාණි මංගලිකා)
ගමේදී දොස්තර මහතෙකු වීමට ගිය රෝහල් සුළු සේවකයකු හෙවත් කංකානම් කෙනෙකු මුහුණ දුන් සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ.


 ඒ මෙසේය.


 රෝහල් වැඩ ඇරී ගෙදර පැමිණෙන කංකානම පදමට බීගත් පසුව දොස්තර මහතෙකු ලෙස රඟපාමින් නන්දොඩවන්නේය. එම හේතුවෙන්ම ගමේ තරුණයන් ඔහුට ‘‘දොස්තර අයියා’’ ලෙස නමක් පටබැඳ තිබුණි.


 මෙදිනද ඔහු හොඳහැටි බීමත්ව නිවසට පැමිණි පසුව සුපුරුදු ලෙස ඔහුගේ බිරිඳ බැන වදින්නට වූවාය. ‘‘නෑ...නැ.. මැණිකේ... හැම ලෙඩෙක්ම බේත් ගන්න එන්නේ මං ළඟටමයි. ඒකයි මේ රෑ වුණේ මහන්සි  නිසා ටිකක් බීවා’’යැයි කියමින්  බිරිඳද මග හැරියේය.


 ඔහු නිවසට පැමිණි විට දොස්තර කෙනකු වීමට දොස්තර නළාව ලෙස වතුර උණු කිරීමට ගන්නා හීටරය බෙල්ලේ දමාගෙන ඔබ මොබ ඇවිදීම සිරිතය.


 මෙදිනද පදම  වැරදී සිටි මොහු හීටරය ද බෙල්ලේ දමාගෙන ගෙමිදුලේ ඇවිදිමින් සිටියේය. පාරේ ගිය තරුණයකු ‘‘හා... දොස්තර අයියා’’ යැයි කියාගෙන යනවිට එයින් උද්දාම වූ මොහු පිළිතුරු දෙමින් කියා ඇත්තේ ‘‘ඔව් මල්ලී මං මේ වාට්ටු රවුමේ යන ගමන්’’  යැයි කියා ඇත.


 හීටරයද බෙල්ලේ දමාගෙන එදින නින්දට වැටුණ රෝහල් කාංකානම පසුදින  අවදි වූයේ රැකියාවට යන වේලාව ද පසුව තිබියදීය. කඩිමුඩියේ අවදි වූ මොහු දඩි බිඩි ගා සූදානම්  වී රෝහලට ගියේද හීටරය බෙල්ලේ දමාගෙන බව ඔහු දැන ගත්තේ වාට්ටුවට ද ගිය පසුවය.


  ‘‘මේ මොකද මේ හීටරයක් බෙල්ලේ දාගෙන’’යි කියමින් වාට්ටුවේ සිටි හෙද හෙදියෝ සිනාසෙන්නට වූහ. කාරණය වටහා ගත් කංකානම වහා හීටරය ගලවා අතට ගත්තේලු.


‘‘ මේ දවස්වල රටේ ලෙඩ රෝග වැඩි නිසා මම වතුර උණු කරලයි බොන්නේ. මාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මම හීටරයක් අරගෙන ආවා. යැයි රෝහල් කංකානම පිළිතුර දී ඇත්තේ තමාගේ ජාම බේරා  ගැනීමට වුවද වාට්ටුවේ සිටි කාර්ය මණ්ඩලය හඬ නගමින් සිනා සී ඇත්තේ මොහුගේ ප්‍රකාශය සැබෑ මුසාවක් බව දැනගෙනය.  

 



අදහස් (0)

රෝහල් කංකානමට ගෙදරදී ‘දොස්තර පදවියක්’

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 450 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 906 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 866 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1156 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9493 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2065 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site