(වලපනේ අරුණ ඩයස්)
වලපනේ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් සිය රාජකාරි කටයුතු සඳහා වෑන් රථයකින් රෝහලට පැමිණෙද්දි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ සිටි කාන්තාවන් පිරිසක් කොරෝනා වයිරසය ආසාදිත වූ පිරිසක් නිරෝධායන ප්‍රතිකාර සඳහා වෑන් රථයකින් රෝහලට රැගෙන එනවා යැයි සිතා හිස් ලූ ලූ අත දිවයාමේ පුවතක් පසුගිය දිනක වලපනේ රෝහලින් අසන්නට ලැබුණි.
ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසය අප රට තුළ සෑම ගම් ප්‍රදේශයකම පැතිර යාමත් සමග ජනතාව තුළ තමන්ටද ආසාදනය වේ යැයි මහත් බියක් ඇති අතර මේ නිසාම කොරෝනා වයිරසයෙන් බේරීම සඳහා විවිධ සෞඛ්‍ය ක්‍රම භාවිත කරමින් සිටින අතරතුර වලපනේ රෝහලද ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බවට ප්‍රදේශය පුරා ආරංචි පැතිර ගියේය.
දිසා රෝහලව පැවැති වලපනේ රෝහල ප්‍රාදේශීය රෝහලක් බවට පත්වීමත් සමග නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවල නතර වන නේවාසික රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කර යෑවීමක් නිසා හිස්ව පවතින රෝහල් වාට්ටු කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ මගින් පියවර ගෙන ඇත.
කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට වලපනේ රෝහල පත් කරන බව දැනගත් ප්‍රදේශවාසී ජනතාව තමනටද ආසාදනය වේ යැයි සිතා රෝහලටයාමට මේ නිසා මහත් බියක් දැක්වූ අතර පසු ගිය දිනක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උදෑසන රෝහලට ගොස් සිටි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනතුරු රෝහල ඉදිරිපිට රැඳී සිටි කාන්තාවන් පිරිසක් රෝහලට වෑන් රථයක් පැමිණෙනවාත් සමගම හිස් ලූ ලූ අත දිවගොස් ඇත.
මෙම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි කාන්තාවන් වෑන් රථය පැමිණෙනවාත් සමග හිස් ලූ ලූ අත දිව යන අයුරු දුටු හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ ගැන විපරම් කර බලද්දී මෙම වෑන් රථයෙන් ආසාදිතයන් නිරෝධායනය සඳහා රෝහලට රැගෙන එනවා යයි සිතා මෙම කාන්තාවන් දිව ගොස් ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.
පසුව මෙම වෑන් රථයෙන් රෝහලට පැමිණ ඇත්තේ රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයේ පිරිසක් සිය රාජකාරි කටයුතු සඳහා රෝහලට පැමිණි බවට මෙම කාන්තාවන් පිරිසට අවබෝධ කර දීමෙන් පසු මෙම කාන්තාවන් පිරිස රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ගොස් ඇත.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහලේදී වෑන්රියකට බ්යවී කතුන් පිරිසක් හතරඅත දුවලා