මුහුදේ නාමින් සිටිය දී රළ පහරට හසුවී අනතුරකට ලක්වීමට ගිය පිරිසක් එයින් බේරා ගැනීමට උපදෙස් දුන් ජීවිතාරක්ෂක සේවකයකුට එම පිරිස විසින් ස්තූති කරනවා වෙනුවට නෑමට බාධා කළේ යැයි උරණ වී පොලූ පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් බෙන්තොට මුහුදු වෙරළේ දී සිදුවිය.
මේ දිනවල බෙන්තොට මුහුදු තීරයේ නෑම අනතුරුදායක නිසා ඒ බව හැඟවීමට රතු කොඩියක් ද වෙරළේ සවිකර තිබේ.
ඒ ගැන නොතකා බොහෝ දෙනා මුහුදේ නෑමට පෙළඹී සිටිති.
එවැනි පිරිසක් මුහුදේ නාමින් සිටිනු දුටු බෙන්තොට මුහුදු වෙරළේ ජීවිතාරක්ෂක ඒකකයේ සේවකයකු වූ ඩබ්ලිව්. කුමාර සිල්වා මහතා වහා මුහුදට බැස නලාවක් ශබ්ද කර මුහුදේ රළ පහර වේගවත් බව හඟවා දියඹට නොගොස් ගොඩට එන ලෙස එම පිරිසට දැන්වීය. එහෙත් ඔවුන් එම දැන්වීම නොතැකූ නිසා තවත් කීපවරක් කුමාර මහතා මෙම අනතුරු හැඟවීම කළේය.
එවිට එම පිරිසෙන් කීප දෙනෙක් ගොඩට පැමිණ නෑමට බාධා කළේ යැයි බැණ වදිමින් කුමාර මහතා එළවාගෙන ගොස් ඒ අසල තිබූ මුහුදේ අනතුරු බව හඟවන රතු කොඩිය සවිකර තිබූ ලීය ගලවා එයින් කුමාර මහතාට පහරදී ඇත. මේ හේතුවෙන් පිට පෙදෙසට තැලූම් තුවාල ලද කුමාර මහතා බෙන්තොට පොලිසියට පැමිණිල්ලක් ද කර ප‍්‍රතිකාර ලබා ගැනීමට රෝහල්ගත විය.
පසුව වෙරළේ සිටි තවත් පිරිසක් මේ අරගලය සමථයට පත් කිරීමට යාමේදී කුමාර මහතාට පහරදුන් පිරිසේ අයකු ද තුවාල ලබා තිබිණි.
කෙසේ හෝ පසුව පොලිසිය මැදිහත් වී දෙපාර්ශ්වයේම එකඟතාව මත මෙම ආරවුල සමථයකට පත් කළේය.
වසර ගණනාවක් තිස්සේ මුහුදේ ගිලීමට ගිය සිය ගණනක් බේරාගැනීමට දායකවී සිටි තමාට ප‍්‍රථම වරට සිදුවූ මෙම අලකලංචිය අමතක නොවන සිද්ධියක් වූ බව කුමාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතින් ප්‍රියන්තට මතු වුනා ගඟෙන් මෙහා ගතිය.ඕක ඉතින් කවදාකවත් මකන එක බොරු. (නි)
බෙන්තර ගගෙන් එහානම් ඉතින් කතාකරල වැඩක් නෑ.(නදී)
අද අපේ මව්බිමේ සදාචාරය මනුස්සකම නැති වෙලා ඉවරි. අද දෙමපියුනුත් එම අය බිහිකරන දරුවනුත් හැසිරෙන්න මිනිසුන් වගේ නොවී තිරිසන්නු වගේ (අ)
ප්‍රියන්ත, උඩින් පල්ලෙන් බලල ප්‍රතිචාර දාන්න එපා. කොතනද තියෙන්නෙ මෙතන වැරැද්ද කරේ දකුණෙ කෙනෙක් කියලා.(නදී)
ඉන්දු ඔයා පිස්සු නම් කතා කරන්න එපා. ඒ ගොල්ලන්ව එහෙම මරන්න දෙන්න බැහැ. ඒ ගොල්ලා බේරාගන්න අපි හොදට සංවිදානය වෙලයි ඉන්නේ. නිකන්වත් එහෙම හිතන්න එපා. ඒ අය මේ බිපු කොල්ලෝ වගේද?(නදී)
නිමන්ත! ඔයාට ස්තුතියි ., මන් දැක්කා කිහිප පළකම දකුණට අපහාස කරලා තියෙනවා ,සමහර අය හොදට කියවන්න දන්නේ නැහැ මට හිතෙන්නේ .(නදී)
මම බෙන්තර සංචාරක හෝටල් 2ක අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා... මේ කියන පහරදීම වියහැකි උනත්. වෙරල ඉන්න අය හා ඒ අවට අය කිසිම මානුෂික හැගීමක් නැති අය. (නදී)
මැටි හරක් ටිකක්.(නදී)
දෙන්න ඕනේ හොදට රිදෙන්න. කුමාර මහතාට ඉක්මන් සුව.(නදී)
මේක වර්තමාන ශ්‍රී ලංකාවේ වුනු සිද්ධියක් නිසා "දෙයියෝ සාක්කි" කියන්න තරම් අරුමයක් නැහැ. ඒත් අපේ රටට, සදාචාරයට සිදුවෙලා තිබෙන අපරාධය ගැන කනගාටු හිතෙනවා..(දී)
හරක් ! මැරෙන්න අරින්න තිබුනේ, ජීවිත ආරක්ෂක සේවක මහතාට ඉක්මන් සුව !(නදී)
ඕකටනේ කියන්නේ කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියලා.මැරෙන්න නියම වෙලා හිටපු එක මරණෙන් බේරගත්තට කෙලෙහිගුණ සළකන්න පොලුපාර දීලා.මේ ගොල්ලන්ට තමා කියන්නේ ලෝකෙට පව් දෙන්න උපන් අය කියලා. (නි)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ හින්දා පුදුම වෙන්න දෙයක් නෑ!(නදී)
අයෙමත් වරුණ මෝඩ කතාවක් කියලා වගේ. (ස)
කුමාර මහත්තයෝ, ඔය වගෙ වසලයෝ අද සමාජයේ ඕනෙ තරම් ඉන්නවා. ඔබ කරන සේවයට ශිෂ්ට සම්පන්න මිනිසුන්ගෙ ප්‍රණාමය ඔබට සැමදා තියේවී. (ස)
කොහොමත් බිවුවහම අපේ කට්ටිය වීරයෝ වෙනවනේ. පොලිචිය ක්‍රියා කළ ආකාරය වැරදියි. ගහපු කට්ටියව හිර කරන්න තිබුනා. (නි)
මට නම් ඔක්කොම එකයි (නි)
එක පාරක් කියලා අහන්නේ නැත්තම් මැරෙන්න අරින්න. ඔය වගේ අය ජීවත් වුනත් අනිත් මිනිස්සුන්ට කරදරේ. (නි)
මැරෙන්න අරින්න තිබුනේ, ජීවිත ආරක්ෂක සේවක මහතාට ඉක්මන් සුව (දී)
සේරටම හේතුව කාගේ කාගෙත් බීඹත්කම. මූදට නාන්න එන අය 75% ක්ම බීලා ඉන්නේ.(නදී)
බෙන්තොට.......... අර ගහපු කට්ටිය යහතින් ගෙදර ගිහිල්ලද?මම නම් හිතන්නේ නැ අතපය තියනවද දන්නේ නැහැ.(නදී)
ලංකාවේ කව්ද ඕවා කරන්න යන්නේ. ඕනෑ කෙනෙක් පිනාලා ගිහින් මැරුණත් බේරා ගන්න යන්න එපා. මේ අය හරිම දරුණු මිනිසුන්. කිසිම හැදියාවක් නැති ජාතියක්.(නදී)
මට මේක කියවල ,හිනහව නවත්වා ගන්න බැරුව කදුළුත් ආවා..මට මතක් උනේ මහදැනමුත්තයි ,ගෝලයෝ රොත්තයි ,,,,?(නදී)
මැරෙන්න දුන්නනම් ඉවරනේ.. ඉවක් බවක් නැති අමනුස්සයන්ට...(නදී)
පව් වැඩේ.මහා ජරා වැඩ.(නදී)
මාත් බෙන්තොට මුහුදු වෙරල තීරයට ගිහින් තියෙනවා , ඔතන ඉන්න ජීවත ආරක්ෂක කට්ටියත් සමහරක් වෙලාවට බීලයි ඉන්නේ,හොඳින් කිව්වොත් ලංකාවේ පොඩි ළමයෙක් වුනත් අහනවා , කුණුහරපෙන් කිව්වොත් කාටත් කේන්ති යනවා.මට මේක සැක සහිතයි .මෙතන වෙන යම් කිසි දෙයක් සිද්ද වෙලා ඇති .(නදී)
ලංකාවේ සුලභ දෙයක් රාජකාරිය හරියට නොකිරිම, මිනිස්සු මුහුදට බහින කල් ජීවිත ආරක්ෂක කොහෙද හිටියේ මුහුදට බැස්සට පසු අනතුර ගැන පහදලා දුන්නද? නැත්නම්....... මේක මගේ මුහුද , එහෙමද කිවුවේ (ස)
හොඳින් හෝ නරකින් කිව්වත් ඒ කියන්නේ ඒ මහතාගේ ආරක්ෂාවට නෙවෙයිනේ. හිතන්න ඕනේ ඒ අපේ ආරක්ෂාවටයි කියලා. තමුන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න කියලා වැඳලා කියන්න නැතුව ඇති සමහරවිට.(දී)
ඕකට කියන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා කියලා.(නදී)
රාජකාරියට බාධා කිරීම කියලා නීතිමය ක්‍රියා මාර්ග ගන්න බැරිද? (ස)
"මට මේක කියවල ,හිනහව නවත්වා ගන්න බැරුව කදුළුත් ආවා..මට මතක් උනේ මහදැනමුත්තයි ,ගෝලයෝ රොත්තයි ,,,,?" මට පනයනකන් හිනාව මොකද රූප ව්ති නැන්දගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවට. මහදැනමුත්තයි ,ගෝලයෝ රොත්තයි කොහොමද මේ කතාවට එකතු වෙන්නේ? අනේ නැන්දේ පොඩ්ඩක් කියනවද? (නදී)
මත්පැන් බීලා මුහුදේ නාන කොට විනෝදය සනීපය වැඩිද ? මම බීලා මුහුදේ නාල නැහැ . දන්නේ නැති නිසයි අහන්නේ. (ස)
මම නම් දකින්නේ අපේ රටේ බලධරයන්ට අවනත වීම මදිකමක් යැයි සලකන සමජයකුයි බිහිවෙලා තියෙන්නේ.ඒ නිසා අර මනුස්සයා කියපු දේ අහන්නේතුව ගහලා තියෙන්නේ. සමාජය වල් බිහිවෙලා තියෙන්න, මතකනේ දවස් කීපයකට ඉස්සෙල්ලා එකම පන්තියේ ළමයෙකුට ගහලා වීඩියෝ කරලා තිබ්බේ. ඒකයි දැන් රටේ තත්වය. වෙනස් කරන්න ගොඩක් අමාරුයි. (ස)
පිටිගල හොද ප්‍රශ්නයක්. සමහරවිට වීර ක්‍රියාවක් කරනවා කියන හැගීම දැනෙනවා ඇති .අපේ අයට වැවක්, දිය ඇල්ලක් දැක්කහම තමා නාපු නැති වග මතක් වෙන්නේ . (ස)
අද ලංකාවේ බොහොමයක් කළගුණ නොදත් ජාතියක් බවට පත්වීගෙන යනවා එයයි පිරිහීමට මුල. (ස)
කොච්චර කිව්වත් අහන්නේ නැතිලු.වෙරළාරක්ෂක අයගේ බෝට්ටුවකුත් පෙරලලා කියලයි දැනගත්තේ. මගේ නෑදෑ වෙන පුතෙක් වෙරළාරක්ෂක කෙනෙක් හැටියට දැන් බෙන්තොට සේවය කරනවා. කියනදේ අහන්නේ නැත්නම් මැරෙන්න දුන්නා නම් එක්කෙනෙකුට අනෙක් අයවත් බය වෙලා නොගිහින් ඉදිවී (නි)
මනුස්සකම කෝ? (දී)