මහනුවර නගරයේ උඩවත්ත රක්‍ෂිතය ආසන්නයේ රජයේ ආයතනක කලකට පෙර සිදුවූ සිද්ධියකි. මෙම ආයතනයේ රාජකාරි කටයුතු සඳහා වෙනත් රජයේ කාර්යාලයකින් නිලධාරි පිරිසකට දින කීපයක් එන්නට සිදුවිය. ආගන්තුක නිලධාරි නිලධාරිනියන්ට රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් පිළියෙළ කෙරිණි. ඔවුන්ට රාජකාරිය ඉටුකිරීමට සුදුසු ස්ථානයක් සේම බඩුබාහිරාදිය තබා ගැනීම සඳහා වෙනත් කාමරයක් සූදානම් කෙරිණි.
පැමිණි නිලධාරි පිරිස සිය ආම්පන්න වෙන්කර, දී ඇති කාමරයේ තබා රාජකාරියේ නියැළුණහ. පෙරවරු කාලයේ රාජකාරි කළ පිරිස අනතුරුව තේ පානය කිරීම සඳහා කාමරයට ඇතුළුවූහ. ගොඩනැගිල්ලට පිටුපසින් වූ උඩවත්ත කැලයෙන් ආ රිලා රංචුවක් කාමරයට රිංගා එහි තිබූ මෙවලම් සීසීකඩ ඇදදමා අලාභහානි කර තිබුණි. කාමරයේ ජනේලයක පියනක් අඟුලූ නොවැටී තිබීම නිසා රිළවුන් කාමරයට ඇතුළුවී තිබිණි. රිලවුන් රැගෙන ගිය භාණ්ඩ අතර ගර්භණී අවස්ථාවේ පසුවූ නිලධාරි මහත්මියක විසින් රැගෙන ආ විටමින් බෝතලයක් ද විය. වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීමට නියමිත විටමින් බෝතලයට සිදුවූ දෙය ගැන නිලධාරිණිය ළතැවිල්ලට පත්ව සිටියාය.
මෙදිනට නියමිත රාජකාරි කටයුතු අවසන් කළ නිලධාරි පිරිස සවස යළි කාමරයට ආවේ සිය බඩුබාහිරාදිය රැගෙන යාමටය.
ඔවුන් දුටුවේ අපූරු දසුනකි.
රිලා රංචුවේ පැටවු බිහිකිරීමට ආසන්න තත්ත්වයේ පසුවු රිලවියක තවත් පැටවුන් කීපදෙනකු සමග විටමින් බෝතල අතැතිව එය පානය කරමින් සිටි අයුරු දුටු පිරිසට සිනහව පාලනය කරගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර අධ්‍යාපන කාර්යාලය තිබුනේ ඔය කියන හරියේ. බොහෝ විට රිලවුන් වහලයේ උළු කැට උස්සා එබී බලා නැවත උළු කැට වසා තබා යනවා. අප හරියට රාජකාරී කරනවාදැයි බලනවා වගේ. (නදී)
වදුරු රැල කිව්වහම මට කතාවක් මතක් උනා මුනුබුරෙක් දවසක් සීයට කිව්වලු ෆිල්ම් එකක් ඇවිල්ල තියනවා බලන්න යමුද කියලා. සීය කිව්වලු මට මොන බයිස්කෝප් ද බන් උබට ඕනේ නම් බලා ගනින් කියලා. ඒ පාර මුණුබුරා කිව්වලු සීයේ ඒ චිත්‍රපටියේ කතාව තියෙන්නේ වදුරු රැලක් එක්ක ජීවත් වෙන ලස්සන ගෑනු ළමයෙක් ගැන. චිත්‍රපටිය අවසාන වෙනකල්ම ඒ ළමය ඇදන් ඉන්නේ පුංචි කොළ අතු කෑල්ලක් විතරයි කියලා. මෙන්න සීය කියනවලු ''හා හා යමන් එහෙනම් කාලෙකින් වදුරු රැලක් දැක්කෙත් නැහැ " (නදී)
ගිය ආත්මයේ දොස්තර කෙනෙක්වද්ද? (නි)
අනේ මන්දා මේ රිළවු? (නි)
රිළා අම්මාගේ පින කියන්නේ ඕකටනේ. අපේ මාතාවට තව විටමින් එකක් ගන්න බැරි නැහැනේ. (නි)
ඇත්තටම හිනාගියා. (නි)
පහන්, නියම කතාව (අ)
මට තියෙන ප්‍රශ්නය තමයි,වසා තිබු විටමින් බෝතලය ගැබ්බර රිලවිය ඇරගත්තේ කොහොමද කියන එක? (නදී)
නිරෝගී රිලා පැටවූ ලැබේවි නේද? (නි)
ලියන්නා කෙසේ ලිව්වත්, කියවන්නා සිහිබුද්ධිය ඇතුව කියවා, තාර බර ඇර, තේරුම් ගත යුතුයි. (නදී)
නියම කතාවක් තමයි (නි)
අනේ අම්මප මේ අයට වෙන ලියන්න දෙයක් එත්තේම නැද්ද (අ)
සුගුනවති අක්කේ,මේ ගොල්ලෝ බොරු ලියනවා ඇත්ත වගේ. (නදී)
මේ අහිතකර රසායන වලින් එම අහිංසක සතුන්ට හානියක් නොවේවා. රිලවුන්ට අමුතුවෙන් විටමින් අවශ්ය නැහැ. උන්ගේ ආහාර රටාව සමබරයි (නදී)
චමින්ද, වතුර කරාම ඇරලා, වතුර බීලා යන රිළවු මම දැකලා තියනවා. (නදී)