තමාගේ ඉඩමට පැමිණෙන රිළවුන් බයකොට එළවීමට වෙස්වලාගෙන ඉඩමේ ඇවිදපු පුද්ගලයකුට අවට ඉඩම් හිමියන් විසින් ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වූ පුවතක් හේවාහැට පෙදෙසින් වාර්තා වේ.
හේවාහැට ප‍්‍රදේශයේ රිළා රංචුවල ව්‍යාප්තිය වැඩිවීම නිසා ඉඩකඩම්වල ඇති ගස්වල කිසිම ඵලදාවක් රැුක ගැනීමට නොහැකි නිසා තම ඉඩම්වලට පැමිණෙන රිළවුන් පැන්නීමට නොයෙක් ක‍්‍රම අනුගමනය කිරීමටත් නොයෙක් ක‍්‍රම අත්හදා බැලීමටත් ගම්මු පුරුදු වී සිටිති.
රතිඤ්ඤා දැමීම, අහස් වෙඩි දැමීම, විශාල ටක එල්ලීම වැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ප‍්‍රදේශයේ පුද්ගලයකුට තවත් අපූරු අත්හදා බැලීමක් කරන ලෙස හිතවතෙක් උපදෙස් දී ඇත. එනම්, මුහුණ ද ඇතුළු මුළු සිරුරම වැසෙන සේ කළු කබායක් ඇඳගෙන රිළවුන් පැමිණෙන විට එම ඉඩමට වී සිටින ලෙසයි. එවිට රිළවුන් එම රූපයට බය වී පලා යන බවත් නැවත කාලයක් යනතුරුත් ඔවුන් මෙම ඉඩමට නොපැමිණෙන බවත්ය.
ඒ උපදෙස අනුව දිනක් රිළවුන් පැමිණෙන විට කළු කබායක් හැඳගෙන ඉඩමේ ඇවිදින්ට පටන්ගෙන ඇත. මෙය දුටු තරුණයෙක් කෑගසා මෙම වෙස්වලාගත් පුද්ගලයාට ගල් ගසා ඇත. එම සද්දයට අවට ඉඩම්වල අයද පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරේ පිටට මරේ කිවුවලු! (නි)
අපේ ගෙදරටත් දවසක් රිළවෙක් ඇවිල්ලා මුළු ගෙදරම වැනසුවා (නි)
සම්පත්, රිළව් බෝග විනාශ කරනවා කිව්වට උන්ට තේරුමක් නැහැ අපිට හානි වෙනවා කියලා. උන් උන්ට කෑමට සුදුසු අහුවෙන දෙයක් කනවා කියන එකයි මගේ අදහස (නි)
ඉස්සර අපේ අයියලගේ වත්තට එන රිලවෙක් ගහෙන් අඹ කඩන් කාල ගෙදර කවුරුත් නැත් නම් ඉස්තෝප්පුවේ තිබ්බ හාන්සි පුටුවේ පොඩි නැප් එකකුත් දාල තම යන්නේ. අපි ෆොටෝ ගන්න හැදුවට හරි ගියේ නෑ(රේ).
යාළුවා සැලසුම් කරපු වැඩක් ද දන්නේ නෑ (ම)
රිලව් බෝග අස්වැන්නෙන් 30% කට වඩා විනාස කරනවා. පොල් පලදාව කෙසෙල් බඩ ඉරිඟු අලි පේර ගස්ලබු අඹ අන්නාසි වගේ බෝග වලට ඉතා හානි කරනවා. මේ නිසා ගොඩ ගොවිතැනින් වගේම ගෙවතු වගාවෙන් මිනිස්සු ඈත් වෙලා. මාතර දික්වැල්ල ප්‍රදේශයේ ඉතා තදින් මේ ප්‍රශ්නය තියෙනවා. (ස)
බදුල්ලේ අපෙ නංගිලාගේ ගෙදර පැත්තේ ඔය රිළව් කරදරය තිබුනා. පසුව වනජීවී දෙපාර්තමේන්තුවෙන් [මට මතක හැටියට] ඇවිල්ලා රිළව් දැල් කූඩු වල දමා අල්ලලා යාල වනෝද්‍යානයට මුදාහැරියා (නි)
රිළවුන් ගොඩක් වෙලාවට ගම්වදින්නේ කෑම සොයාගෙන (නි)
පුෂ්පගේ කතාවට නම් මහත්තයට රිදෙයිද දන්නෙ නැහැ. (නි)
මේ රිලව් ගැන කියවනකොට මට මතක් වෙන්නේ, මහනුවර තියන අපේ ගෙදරට රිලව්ගෙන් වෙන හිරිහැර. ගේ වටේ තියන අලිගැට පේර වලට කරන අපරාදයක්. අම්මා කුස්සියේ උය, උයා ඉන්නවිටදී අම්මාගේ බෙහෙත් තියන පුංචි බෙහෙත් පෙට්ටියත් උස්සගෙන රංචුවම දුවනවාලු. ඒ විතරක් මදැයි, වැලේ වේලෙන්නට දාපු රෙදිත් ඇදලා පොලවේ ගහලා තමයිලු නවතින්නේ. කුස්සියේ දොර අගුලු දාන්න අමතක උනොත් අතින් තල්ලු කරගෙන ඇවිත් පොල් බැයත් උස්සගෙන යනවාලු. මම ඒ වෙලාවේ අම්මාට කියන්නේ රිලව් හැට පැන්නත් බිමින් යන්නේ නැහැ කියන කතාව බොරු කියලා. (ර)
රැහෙන් පන්නපු, අතක් පණ නැති රිළවෙක් අපේ ගෙවල් පැත්තෙ හිටියා. ගෙදරට ඇවිල්ලා වහළය උඩට වෙලා බලා ඉඳලා, අපි ඉස්සරහ පැත්තෙ ඉන්නවා නම් පිටිපස්සෙන් කුස්සියට රිංගලා අහුවුණ දෙයක් කාලා යනවා. අත පණ නැති නිසා ඉවසගෙන හිටියා වෙන පාඩුවක් වෙද්දෙන් කියලා. එළෙව්වෙ නැහැ. (නි)
මෙහෙම කඩාවැදුණු රිළා මොටෙක් අපේ ගමේ ගෙදරක එළියේ වනලා තිබුන පිරිමි යට ඇඳුමක් අරගෙන ගිහින් අසළ වෙනත් නිවසකට අතහැරලා එතන ගෙදර අඹුසැමියන් සැකය නිසා, රිළා නැටුම් සංදර්ශනයක් පවත්වන්න යෙදුනා (නි)
ඉනෝකා, රිළව් නෙමෙයි. වඳුරායි හැට පැන්නත් බිමින් නොයන්නේ. කොහොම වුණත් ඉනෝකා ගත් උත්සාහයට මම සුබ පතනවා. (නි)
කොහොම වුනත් රිලව් ඔක්කොම නැටුම් පෙන්වන්නේ බවලත් උදවියට තමයි. (බ)
මෙලනි, ඕක නුවර විතරක් නොවෙයි කොහෙත් එකයි. හරි ඇමතුම එනකොට ඔය කොයි මහත්වරුන්ගේත් ඔලුව පාත්වෙනවා. (නි)
නුවර රිලවුන් ගේ තරම බලාගන්න පුළුවන් තපෝවනයට දානේ අරන් ගියාම. අපේ නැන්දම්මාගේ කැවුම් පෙට්ටියම උස්සලා තිබුනා. (ර)
නුවර රිලව් බවලතුන්ට බය නැති වුනාට නුවර මහත්වරු නම් මහගෙවල් වල බවලතුන්ට සෑහෙන්න බය පක්ෂපාත බව පෙනෙන්න තිබෙනවා. අපේ මහත්තයා නුවර අක්කලා හරි නංගි හරි කතා කලොත් දුරකථනය ට දුවන්නේ පණ කඩාගෙන. (ර)
ඉනෝකා, නුවර පළාතේ රිලව් ගැනු උදවියට බය නැහැ. ඒනිසා බය නැතිව ගේ අතුලටම එනවා. කොල්ලෙකුට කැටපෝල් එකකින් නායක රිලවාට රිදෙන්න විදින්න කියන්න. එ ගල් පාර හරියට වැදුනොත් කාලේකට රිලව් පැත්ත පළාතේ එන්නේ නැහැ. (ර)