දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කිරීමට පැමිණි තරුණ මවුවරුන් දෙදෙනෙකි.
එකම පවුලක අයිය මලෝ දෙදෙනා සමග විවාහ වී සිටින අසල නිවස දෙකක පදිංචිව සිටින දෙදෙනෙකු බව පසුව හෙළිවිය.
පැමිණිල්ල වූයේ ලොකු නෑනාගේ නිවසට කිසිවකු නොමැති අවස්ථාවක රාතී‍්‍ර කාලයේ ජනෙල් පියන් සවිකර නොමැති නිසා ඉටි කොළයක් ගසා තිබුණු ජනේලයකින් සොරෙකු පැන නිවසේ තිබූ ලොකු නෑනාගේ අත් බෑගයක වූ රන් මුදු දෙකක් හා රුපියල් තුන්දහසක් සොරකම් කිරීමය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී වඩාත් උනන්දු වූයේත් වැඩිපුර දුක්වූයේත් බාල නෑනාය. ‘‘බලන්න සර්, කරපු වැඬේ. කොහොම හරි හොරු අල්ලලා මතක හිටින දඬුවමක් දෙන්න’’ බාල නෑනා පොලිස් නිලධාරීන්ද උනන්දු කළේ එලෙසය.
මෙම හැසිරීම පිළිබඳව අත්දැකීම් බහුල පොලිස් නිලධාරීන්ටද යම් කුකුසක් ඇතිවිය. කෙසේ වෙතත් සොරකම සිදුවූ නිවස වෙත ගොස් පරීක්‍ෂණයේ යෙදුණු පොලිස් නිලධාරින්ට එහිදීද බාල නෑනාගේ හැසිරීම් රටාව පිළිබඳව සැකයක් ඇතිවිය. ඒ අනුව ඇයගෙන් වෙනම ප‍්‍රශ්න කිරීමේදී සොරකමේ සුලමුල හෙළිකර ගැනීමට නිලධාරීහු සමත්වූහ.
මෙම සොරකම සිදුවනවිට පෙදරේරුවන් වන මෙම දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා රැකියාව සඳහා කොළඹ ප‍්‍රදේශයට ගොස් තිබූ අතර ස්වාමිපුරුෂයා නොමැති අවස්ථාවල රාතී‍්‍ර කාලයේදී දරුවන් සමග ලොකු නෑනා මහගෙදරට ගොස් තිබිණි. ඒ පිළිබඳව දැන සිටි පොඩි නෑනා මෙම සොරකම සිදුකර තිබිණි. පසුව ඇයගේ නිවසේ ඇඳක මෙට්ටයක් යට තිබී රන් මුදු දෙක හා මුදල් සොයාගැනීමට හැකිවිය.
පොලිස් නිලධාරින් මුලා කිරීමට පහසු නොවන බව පොඩි නෑනාට අවබෝධ වනවිට අය නීතියට කොටුවී හමාරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාහ වුණාට පසුව දෙපැත්තේම නෑදෑයන්ගෙන් හැතක්මක්වත් දුරින් වාසය කිරීම හැම අතින්ම හොඳයි. හොරකම් කරන්නේ නැත්නම් ගෙදර බත් මුට්ටියට හරි එබිලා බලලා නෑදෑයින්ගේ වැඩ වලට ප්‍රමාණය ඉක්මවා ඇඟිලි ගහන ශ්‍රී ලාංකික පුරුද්ද සොරකමට වැඩිය ප්‍රශ්න ඇති කරනවා. (නි)
ඔන්න දැන් පිටබැද්දර ජයා මේ පුවත දැකපු ගමන් මුළු ලෝකේම බවලත්තු හොරු කියන්නේ නැද්ද බලන්න. අලුත් අවුරුද්ද පටන්ගත්තෙත් මෙතන කාන්තා සංහතියටම බැනලානේ. (නි)
අපොයි අපිත් දෙපාර්ශවයේම නෑදෑයන් සමග කොහොමත් ගණනට ආශ්‍රය. නෝනාගේ අක්කා, ඉටි රෙදි නෙමෙයි වහපු කාමර වලටත් කණ තියාගෙන ඉන්න පුරුද්දක් තිබෙනවා. රත්තරන් නෙමෙයි කාමරේ පුස් පැටියෙක්වත් තියලා යන්න බැහැ. (නි)
අපි බැඳපු අලුත මම මහත්තයා එක්ක ගමන් යනකන් ඉඳලා එයාගේ නංගිලා අපේ කාමරේ අවුස්සනවා. අපේ කෙනාගේ හිත රිදෙන නිසා මම ඉවසුවා. මෙන්න දවසක් මම එයාලා දැකලාවත් නැහැ කියලා හිතා ගෙන හිටපු මගේ රත්රන් බඩුවක පැටන් එක ගැන මගෙන් ඇහුවා. වහාම බැංකු සේප්පුවක් අරන් වටිනා බඩු එකට දැම්මා. හොරකම නෙවෙයි ඔය ලජ්ජා නැති කාමරේ අවුස්සන කැත පුරුද්ද නිසා නෑකමත් නැති වෙන්න පුළුවන් .(කෞ)
අදනම් මම මුකුත් කියන්නේ නැහැ මොකද ලියන්න හිටි ටික කවුදෝ ලියල ! (කෞ)
ඔන්න මම අදනම් මුකුත් කියන්නේ නැහැ , කවුදෝ මන්ද මට කියන්න කිසිම දෙයක් ඉතුරු කරලම නැහැ (කෞ)
පළපුරුද්ද මදි. හොරාට ඉස්සර කෙසෙල් කැන වැටපැනලා. (නි)
කතෘ මණ්ඩලයේ සියලු දෙනා ඇතුළුව එසැණ දෙවියෝ සාක්කි පාඨක ඔබ සැමට ලැබූ නව වසර නිරෝගීමත් සෞභාග්‍ය පිරි නව වසරක් වේවා ..! (නි)
නියම නෑනා කෙනෙක්නේ! (නි)
මම තරුණ කාලයේ බෝකුන්දර සිටි බෝඩිමේ අයිතිකාරයා මගේ සූට්කේස් එක පිටින් උස්සලා, මම එන්න පෙර පොලිසි ගිහිල්ලා පැමිණිලි කරලා. පොලිසියෙන් ආවහම හොඳට සළකලා ඇරියා. ඒකත් ටිකක් මෙයට සමානයි. (නි)
මේ ජයා කියන නමින් අදහස් දැම්මේ පිටබැද්දර ජයා වන මම බව කරුණාවෙන් දන්වමි. රූපවතියාටත් ලැබූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වීමට සුබ පතනවා (නි)
නෑනලා මස්සිනාලා අතර නම් ප්‍රශ්න නැතුව ඇති (නි)
ප්‍රතිචාර දක්වන සියලු දෙනාටත් ,ලංකාදීප පත්‍රයේ කාරක මණ්ඩලයටත් සුභ නව වසරක් පතල පිටුවට එක්වෙනවා . ඒ වගේම ඔය පොඩි නැනටත් සමාවක් දෙන්න මේ අලුත් අවුරුද්දේ කියා මා ඉල්ලා සිටිනවා (කෞ)