අධිකරණයෙන් ඇප මත මුදා සිටි සැකකරුවකු ලෝක විනාශය නතර කිරීමට ගොස් වරෙන්තු නිකුත්කර තිබූ සිද්ධියක් මෙසේ වාර්තාවේ. සැකකරු ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ඇපමත මුදා හරිනු ලැබ සිටියේය. ඔහු නියමිත දිනට අධිකරණයට නොපැමිණීම නිසා වරෙන්තු නිකුත්කර තිබිණි. එම වරෙන්තුව ආපසු කැඳවීමට නීතිඥ මහතෙක් සැකකරු වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ අනුව සැකකරු මුණගැසුණ නීතිඥ මහතා ඇයි එදා උසාවි ආවේ නැත්තේ යැයි විමසීය. ‘‘ඇයි සර් ලෝක විනාශය නතර කිරීමට මම ඉර්දිවුණා’’ ඔහු පැවැසීය. ‘‘ඉතින් උසාවියට ඇවිත් යන්න තිබුණනෙ’’ කාරණාව වැටහුණ නීතිඥ මහතා නැවත පැවැසුවේය. ඉතින් සර් මොනවා කරන්නත් ලෝක විනාශය නතර කරන්න ඕනෑ නේ. සැකකරු පැවැසීය. පසුව විනිසුරු වෙත ඉදිරිපත් කැරුණු සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත යැවීමට නියම කෙරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාළුවනේ, මේ ලෝකය එකපාරටම විනාශ වෙන්නේ නැහැ. (නි)
පනාගොඩයි, සිල්වායි දෙන්නම ගංජා බොන අය නේද? (නි)
මානසික ලෙඩක් වීම කෙසේවෙතත් ගංජා සුරුට්ටුවේ වැඩක් වියහැකියි. (නි)
මොන මානසික ලෙඩක්ද මේ මනුස්සයට. එදා ගංජා සුරුට්ටුවක් බීලා ඉඳලා තියෙන්න (ස)
අයියෝ සල්ලි
නියම උත්තරයක් නේ දීල තියෙන්නේ
මොන ලෝක විනාසයක්ද
ගංජා බ්ව්වම පිස්සු හැදෙනවා . හැබැයි එ වෙලාවට විතරයි (ස)
මටනම් හිතෙන්නේ පොඩ්ඩක්හරි එයාට පිස්සු ඇති (ස)
ආයෙත් අලුතින් වෙන්න දෙයක් නෑ. මේ තමයි ලෝක විනාශය (ස)
මේක වුණේ කොයි රටේද? (ස)
මුකුත්ම මතක නැහැ කිවුවා නම් ඉවරයිනේ. (නි)
මෙහෙම දේවල් වෙනකොට ලෝක විනාශයත් ඉක්මන් වෙයි තමයි. (නි)
මනිහනම් නියම වැඩ කාරයෙක්.නියම කපටියෙක් (ස)
කපටිකමක් වෙන්න බැරිද? (නි)
කොහොම වුණත් ලෝක විනාශය නම් කොහොමහරි නවත්වන්න ඕනෑ. පිස්සුවෙන් වුණත් එයා කියන්නේ සහතික ඇත්ත. (නි)
මට මතක නැහැ කියලා පහුගිය කාලේ වෙච්ච සිද්ධි දිහා බලලා යම් අලුත් දෙයක් කරන්න හදපු උත්සාහයක්වද්ද? (නි)
මේවා විහිලුවට ගන්න හොද නැහැ. (නි)
අනේ අනිච්චං දුක්ඛං... (නි)
ඔය ලෝක විනාශය අපේ රටෙන්ම පටන් ගනීවිද කියලයි මට සැක. (නි)
මානසික රෝහලට යැවිය යුතු ජනතා මුදල් කාබාසීනියා කරනඅය තව ලංකාවේ ඉන්නවා.(නු)
ලෝක විනාසය වෙලා ඉවරයි (ස)
දකුණේ අයටයි වෙන්නප්පුවේ අයටයිනම් මේවා විහිළු (ස)
මට නම් හිතෙන්නේ, මානසික රෝහලකට යවන්න තරම් එයාට ලෙඩක් නැහැ කියලයි. (නි)