ලෝක විනාශයක් සිදුවෙතැයි තද විශ්වාසයකින් යුතුව කල්ගෙවමින් සිටි අයකු වසර අවසානයේ ලද මාසික වැටුප අන්තිම සතය දක්වා වැය කොට මිලදී ගත් දේ බිරිය දරුවන් සහ ඥාති පිරිස සමග බුක්ති විඳ ලෝක විනාශය සිදු නොවූ බැවින් ඉදිරි දින කීපය ගෙවා ගැනීමට මුදල් නොමැති කම නිසා ඥාතීන්ට යළි අතපෑමට සිදුවූයේ යයි කියන පුවතක් බස්නාහිර පළාතෙන් අසන්නට ලැබිණි.
හේ රජයේ සේවකයෙකි. මාසික වේතනයෙන් පමණක් ජීවත් වන්නෙකි. පාරම්පරික විශ්වාසයන් පිළිබඳ මුල්බැසගත්තෙකි. ලෝක විනාශයක් සිදුවේ යයි යන්නද තදින් විශ්වාස කර සිටි අයෙකි.
දෙසැම්බර් මස වැටුප අතට ලැබී ඇත්තේ ලෝක විනාශයක් සිදුවේය යන්න ඉලක්ක කරගෙන සිටි දිනට පෙර දිනය. අතට ගත් වේතනය අන්තිම සතය දක්වා වැය කොට මිලයට ගත් සියලූ දේ උයා පිහා එක රාත‍්‍රියක බුක්ති විඳ ඇත්තේ බිරිය දරුවන් ඇතුළු සියලූ ඥාතින් සමගය.
ලෝක විනාශයක් සිදු නොවූ බැවින් හේ පසුතැවිල්ලට පත්ව මාසයේ ඉදිරි දින කීපය ගෙවා දැමීමට තරම් මුදලක් නොමැති කමින් ඥාතීන්ට යළි අතපෑමට සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලංකාවෙද (ස)
මොන ලෝකෙද මාසය අවසන් වෙන්න කලින් වැටුප් දෙන්නේ? (නි)
අනෙක් පඩිය ලැබෙනකල් බත් නෙමෙයි කන්න දෙන්න තියෙන්නේ. (නි)
මෙයා දකුණේ කෙනෙක් වෙන්න බැරිද? (නි)
දයා , මං හිතන්නෙ එයා ඔයාගෙම නෑයෙක්. ඒකයි ඔයා මේ වගේ මෝඩ අදහස් දරන්නෙත් (ස)
දයා ඔයාට මොකක් හරි වෙලාද ? (ස)
මෙහෙමත් මෝඩ මිනිහෙක් . (ස)
හොඳම මෝඩයා තේරීමේ තරඟයට ඉදිරිපත් වුණොත් පළවෙනි තැන ලැබේවි (ස)
නැහැ නැහැ මෙයා දකුණේ කෙනෙක් බස්නාහිර තමයි පදිංචිය (ස)
පාරම්පරික අදහස් තියෙන කෙනෙක් (ස)
මේවා ඇත්තටම සිදුවෙන්නත් පුළුවං මිනිසුන් ඒ තරමට දැං අන්ධ විශ්වාස වල ඉන්නෙ..!(නු)
එයා දකුණෙද බස්නාහිරද දන්නෙ නැති වුනත් ශෘෆික්ගෙ පවුලෙ කෙනෙක් කියල නම් හිතෙනව.(නු)
ඇයි චන්නට තරහා ගියාද? (නි)
ශාන් ශෘෆික්ට ආවඩන්නේ මොකද? (නි)
දයා ඔයා ඔයාගේ මොලේ ටිකක් පරීක්ෂා කර ගන්න. (ස)
දයා, ඔයා කෝකටත් ඔයාගේ මොළට ටිකක් පරීක්ෂා කරලා බලන්න. (නි)
ශාන් හරි වගෙයි පෙනෙන්නේ. (නි)
රුවනි , ශාන් හරි වගේ පේනෙන්නේ ඇයි ? (ස)
මේ මුදලින් පිනක් කළා නම් නරකද යාලුවා? (නි)
මෙයා බස්නාහිර පළාතේ උනානේ.....?(නු)
දෙසැම්බර් පඩිය ලැබෙන්නේ දෙසැම්බර් මාසේ මුලදී ද? (නි)
ශ්රී ලංකාවේ තවමත් මෝඩයින් පිරිසක් ඉන්නවනේ. (නි)
තවම ලෝකයවත්, තමනුත්, අනෙක් අයවත් විනාශ වුණේ නැහැනේ. දැන් ඉතින් ඉදිරි කාලය සුභවාදීව ගතකරනන් සුදුසු දෙයක් කරන්න බලන්න. (නි)
ලබන අවුරුද්දේවත් හොද පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න. (නි)
රජයේ සේවකයේකුට කවදාවත් දෙසැම්බර් මුල පඩ් ලැබෙන්නේ නැනේ ද? (නු)
මෙයාට තිබුනෙ එම මුදල් කන්න බොන්න වියදම් කරන්න නෙමෙයිනෙ යන තැනකට පිං කරගන්නයි..!(නු)
අද අද එයි මරු පිං කර ගන්නේ.. කුමටද කුසලට කම්මැලි වන්නේ..!(නු)
අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)
සංජේ,අශාන්, දෙසැම්බර් 20 කියන්නේ මාසයේ මුල නෙමෙයි නේද? (නි)
ආ...බස්නාහිර පළාතෙද? එහෙ කොහොමත් ඉන්නෙ ඔය වගේ මොළේ තියෙන මිනිස්සු තමයි. (නි)
ඕක ඉතින් හැමදාම වෙන දෙයක්නේ. මාසේ අවසාන වෙන්න කලින්ම පඩිය ඉවරනේ. (නි)
දෙසැම්බර් 20 පඩි දුන්නේ ගුරුවරුන්ටයි. ෂුවර් එකට මෙයත් ගුරුවරයෙක් වෙන්න ඕනෑ. එසේ වුණොත් දරුවන්ට නම් දෙවියන්ගේම පිහිටයි..... (නි)
මෝඩයෝ කවුද කියලා දැන් පේනවනේ..පුළුවන්නම් මෙයාට හොඳ තනතුරක් දෙන්න (ස)
මෙහෙමත් මිනිස්සු (ස)
එතකොට රාජ්‍ය සේවකයෝ මෝඩයිද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් මෝඩ මිනිස්සු (ස)