ලෝක විනාශය ගැන අසා තමන් ණයට දුන් මුදල් එකතු කිරීමටත් අලූතෙන් ණයදීමත් නැවැත්වූ පුද්ගලයෙක් පිළිබඳව කොළඹට නුදුරු ප‍්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි. ඔහු හැට පැන්න පුද්ගලයෙකි. ඔහු කළ රැකියාවෙන් විශ‍්‍රාම ගැනීමේදී ලැබූ මුදල්වලින් එදිනෙදා රැකියා කරන අයට ණය මුදල් දී එයින් ලැබෙන පොලි මුදලින් ජීවත් විය. කාලයක සිට කරගෙන ආ ණයදීම හදිස්සියේම නවත්වා ණය දී ඇති පුද්ගලයන් වෙත ගොස් මෙම 20 වැනිදාට පෙර ණය මුදල් ගෙවන ලෙස පැවසීම නිසා ණය ලබාගත් අය දැඩි අපහසුතාවට පත් වී ඇත. මේ පිළිබඳව ඔහුගෙන් ණයකරුවන් ඇසූවිට පවසා ඇත්තේ තමාට ශල්‍යකර්මයක් කිරීමට ඇති බවත් ඒ සඳහා මුදල් අවශ්‍ය බවයි. ණයකරුවන් මේ පිළිබඳව කරුණු සොයා බලා ඇතත් ශල්‍යකර්මයක් කිරීමට තරම් ණය දෙන්නා රෝගීව නොසිටි බව පැහැදිලි විය. පසුව සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ ලෝක විනාශයක් ඇතැයි පළවූ ප‍්‍රවෘත්තියක් අසා ඇති බවත් යම් හෙයකින් ණයකරුවන්ට කරදරයක් සිදුවී තමා ජීවත්ව සිටියහොත් මුදල් අහිමි වේයැයි බියක් ඇති කරගෙන මෙසේ කර ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමැරෙන මිනිහෙක් වගෙයි. (නි)
මේ සල්ලි ඒ මන්ස්සයාගෙනේ. මේ ක්‍රියාව සාධාරණයි. (නි)
මැරෙන්න කලින් නය අරන් මොනවා කරන්නද (දී)
ගිනි පොළීකාරයෝ කොහොමත් තණ්හාවයි. (නි)
ගොඩක් ගිනි පොළී කාරයින්ට මැරෙන බව අමතකයි. (නි)
මම හරිම ආසයි ලෝක විනාශක් උනොත් ඔය පුද්ගලයා මගෙ ළගම ඉන්නවානම්.. එතකොට මට අහන්න පුළුවං අපි දෙන්නටම කොහොම හම්බකලත් එකම ගමන නේද යන්න වෙලා තියෙන්නේ කියලා..!(නු)
මේක පුදුම වැඩක්නේ...ඒ මනුස්සයගෙ සල්ලි ගන්න කාගෙන්වත් අවසර ඕනෙද? (ස)
මේක තමයි මනුස්ස කම (ස)
සාමාන්‍ය දෙයක් මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි (දී)
ඒකනේ අපි පොළියට දෙන්නෙත් නැහැ. පොළියට ගන්නෙත් නැහැ. ඒක නිසා ලෝකය විනාශ වුණත් අපිට ප්‍රශ්ණයක් නැහැ. (නි)
අනේ පව් පොලී මුදලාලි ජීවිත කාලයටම බණක් අහන්න පන්සල පැත්තෙ ගිහිං නැහැ වගේ..!(නු)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් පොළීකරුනි, දැනේද මින් සැනසීමක්... (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නවනේ (ස)
එයා යනකොට අරගන යන්න වෙන්න ඇති. ඉක්මනට දීලදාන්න බලන්න. (ස)
එයාට අනාගතය ගැන බය හිතෙන්න ඇති. (නි)
ලෝක විනාශයක් තිබෙනමුත්, එය සිදුවෙන කාලය හෝ වේලාව කොයිමාකාරයේ ජගතෙකුටවත් කියන්න බැහැ. (නි)
එයා මැරෙන්නේ නැතුවද? (නි)
අනේ අනිච්චං.... (ස)
ලෝක විනාශයට කලින් සල්ලි ටික එකතුකරාගන බැංකුවේ දාගන්න හිතුණද දන්නෙ නැහැ. (නි)