මාතර නගරයෙන් තරමක් බැහැර වූ කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක ප‍්‍රධානියකුවූ ඔහු සේවකයන්ගේ ප‍්‍රසාදයට පත් නිලධාරියෙකි.
පසුගියදා පස්වරුවේ කාර්යාල කාමරයට ආ සේවකයකු තේපැන් සංග‍්‍රහයකට අවශ්‍ය දේ මේසය මත තැබීය.
”ඇයි, කාගෙවත් උපන් දින සාදයක්ද?” ඔහු සේවකයාගෙන් ඇසීය.
”නෑ සර් පොඩි ජොලියකට” කී සේවකයා පිටතට ගියේ ඔහු තුළ කුතුහලයක් ඇතිකරවමිනි.
කාර්යාල සේවය අවසානයේ වාහනයට නැග සාක්කුවට අත දැමූ ඔහුට දෙවියන් සිහිවිය. ගෙදරින් එද්දී වාහනයට ඉන්ධන ගැසීමට දමාගත් රුපියල් දෙදහසේ නෝට්ටුව එහි නොවීය.
යළි කාර්යාලයට ගොස් තොරතුරු සෙවීමේදී ඔහුට වටින් පිටින් දැනගන්නට ලැබුණේ තමාගේ රුපියල් දෙදහසේ නෝට්ටුව මිදුලේ වැටී තිබියදී එය අහුලාගත් සේවකයකු එය ලොක්කාගේ බව නොදැන පස්වරුවේ සාදය පවත්වා ඇති බවලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොක්කාගේ සාක්කුවෙන් වැටුණු රු. 2000 න් ටී පාටියක් දාලා
අජිත් Wednesday, 02 July 2014 04:59 PM
මට නම් ඒ හැටි වැරැද්දක් පෙනෙන්න නැහැ. ඔහු තනියෙන් බුක්ති වින්ඳා නම් තමයි වැරදි. (නි)
චන්දික Thursday, 03 July 2014 05:46 PM
පොඩ්ඩක් හොයලා බලන්න තිබුනා නේද? (නි)
නන්ද Tuesday, 01 July 2014 09:00 PM
වැටුන කෙනා දන්නේ නැත්නම් වෙන මොනවා කරන්නද ? (නි)
ගාමිණී - සිරි Tuesday, 01 July 2014 11:19 AM
එක් අතකට තේ පැන් සංග්‍රහයක් දීම හොඳ වැඩක්.. හොරෙන්ම සාක්කුවේ දමාගෙන ගොස් හැන්දෑවට තනියම අඩියක් ගහන වාට වඩා !! (දී)
ටෙරන්ස් Thursday, 03 July 2014 06:21 PM
සොරිම තමයි. (නි)
පිටිගල Tuesday, 01 July 2014 12:35 PM
හොඳ මිනිහෙක්. නිකම් ලබුන දේ හංගා නොගෙන කවුරුත් එක්ක භුක්ති විඳලා. හැබැයි ඒ නිසාම වැඩේ අහුවෙලා. මේක හොරකමක් හෙම නෙවේ ඔන්න.. (ස)
මර්වින් Tuesday, 01 July 2014 12:41 PM
මොනවා උනත් හොඳ අවංක සේවකයෙක්; (ස)
පහන්දී Tuesday, 01 July 2014 11:56 PM
කාර්යාල මිදුලේ තිබුන නිසා ටිකක් හොයලා බලන්න තිබුනා නේද? (නි)
රූපවතී Tuesday, 01 July 2014 03:22 PM
සමදරා අක්කේ හිටියා ඇති ඉක්මනට එන්න (දී)
නදීක Wednesday, 02 July 2014 03:41 PM
අනුන්ගේ සල්ලි වලින් පාටි දාන්න දන්සල් දෙන්න අපේ අය හරිම දක්ෂයි. (දී)