එදින ආයතනයේ සේවය කරනා ආරක්‍ෂක නිලධාරියකු අඩු වූයෙන් වෙනත් ආරක්‍ෂක නිලධාරියකු යෙදවුනි. ඔහුගේ රාජකාරිය වූයේ ආයතනයේ කාර්ය මණඩලයේ වාහන සඳහා ගේට්ටුව විවර කිරීමය. ඔහු රාජකාරියේ යෙදී සිටියදී ආයතනයේ නිලධාරිනියක් රියදුරු සමග වාහනයෙන් පැමිණ කාර්යාලය තුළට පිවිසියාය. ආරක්‍ෂක නිලධාරියා ඇමැතූ රියැදුරු ”මල්ලී මේ බෑග් එකයි කෑම එකයි මැඩම්ගේ කාමරයෙන් තියන්නැ”යි පැවැසීය.
ආරක්‍ෂක නිලධාරියා එයට මැලිකමක් දැක්වූ විට රියදුරා ”මෙතන ඉන්න එස් ඕත් එහෙම කරනව” යනුවෙන් පැවැසීය.
ගේට්ටුව විවර කළ ආරක්‍ෂක නිලධාරියා දිවා ආහාරය සහ බෑගය රැුගෙන යනු ආයතනයේ ආරක්‍ෂක කටයුතු භාර අධ්‍යක්‍ෂවරයා බලාගෙනය. ආපසු පැමිණෙන ආරක්‍ෂක නිලධාරියා දුටුවේ ගේට්ටුව අසල සිටින ආරක්‍ෂක අධ්‍යක්‍ෂවරයාය. ”එස් ඕ ගේට්ටුව ඇරලා කොහෙද ගියේ” ඔහු විමසීය. ”සර් මම අර මැඩම්ගේ බෑග් එක අරන් ගියා.” ආරක්‍ෂක නිලධාරියා පැවැසීය.
”ඔයා ඔයාගේ රාජකරිය පැහැර හැරලයි තියෙන්නේ නිලධාරීන්ගේ බෑග් ගෙනියන්න ඔයාලට අයිතියක් නැහැනේ” අධ්‍යක්‍ෂවරයා කීය.
”දැන් බලන්න ඒ ඔෆිසර්ට වඩා ඉහළ නිලයක් මම දැරුවත් කිසිම දවසක මගේ කෑම එකවත් බෑග් එකවත් ගෙනියන්න කියලා මම කිසිම කෙනකුට කියලා නැහැ. ඔයාලගේ රාජකාරිය ආයතනය ආරක්‍ෂා කිරීමයි. අනුන්ගේ බෑග් අරන් යන එක නෙමෙයි”. ආරක්‍ෂක අධ්‍යක්‍ෂවරයා පැහැදිලි කළේය.
දැන් පෙර කී නිලධාරිනිය තම බෑගය සහ දිවා ආහාරය තමාම රැුගෙන යන බව මරදාන පැත්තෙන් වාර්තා වේ.
කි‍්‍රස්ටෝපර් සීපියන්, අනුරාධපුරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දැන් බලන්න ඒ ඔෆිසර්ට වඩා ඉහළ නිලයක් මම දැරුවත්.." අධ්‍යක්‍ෂවරයා පොඩි පම්පෝරියකුත් ගහලා ඒ අස්සේ. වැරැද්ද පෙන්නලා දුන්නා නම් ඉවරයිනේ. (ර)
ආරක්ෂක නිලධාරියා මැඩම්ට බයට කඩේ යන්න ඇති.(හේ)
මේ මැඩම් විවාහකද දන්නේනැහැ නේද. අම්මපා (නදී)
ලලිත්ගේ කතාව හරි ආයතන වල ඉන්න ගොඩක් ලොක්කෝ බයෙන් ඉන්නේ හැමෝටම එක හරි කියමුකෝ පහල මිනිස්සුන්ට වැදි බන කියනවා එකේ වැරැද්ද ?(හේ)
තමන්ගේ වැඩ තමන්ම කරගන්න එපාය (දිල්)
වතුර බහින්නේ මිටි තැනින්. ලොක්ක කොන්දක් තියෙන එකෙක් නම් මැඩම්ට් කතාකරලානේ ඕක කියන්න තිබුනේ. මට පේන්නේ මැඩම් දැක්කම ලොක්කත් බයයි නගේ (නදී)
මේවා කියල හදන්න පුලුවන් දේවල් නෙවෙයි. දෙමව්පිය උරුමයෙන්ම එන්න ඕන දේවල්. කාල කන්නි සමාජ රටාවකට අපි අවතීර්ණ වෙමින් තිබෙන බවනම් ඉතාම පැහැදිලියි. (නදී)
ඕව මොනවද .. රටේ තීන්දු තීරණ ගන්න කට්ටිය මේ දවස් වල ඔය රෙදිත් අපුල්ලන්නේ .. (අ)
ගුණවර්දන එක තමයි අපේ රටට වෙලා තියන නස්පැත්තිය ....බල්ලන්ගේ වැඩ බූරුවන් කරන්න ගියාම ....බුරන්න වෙන්නේ නෑ... බර අදින්න විතරයි වෙන්නේ ....මොන අංශයක් වුණත් ...කව්රුත් කැමති නෑ ...පක්කලි වැඩ කරන්න... නැති බැරි කමට හොරකම් නොකර ....මන් කොල්ල නොකා ...ආරක්ෂක නියාමකයෙක්...වෙලා කරන සේවය අපේ රටේ ගණන් නොගත්තට ...ඊට වඩා පිළිගැනීමක් හා ගෞරවයක් දක්වනවා එම රටවල මිනිස්සු..... (ස)
අහිංසකයා හැම පැත්තෙන්ම තැළෙනවා. (නි)
ආයතනය රජයේ ද පුද්ගලික දන්නේ නෑ නේද?(දිල්)
කුමාරි, මේවගේ අය වැඩකට කියල කරන්නේ ලොක්කො ටික සතුටු කරන එක විතරයි. (ර)
අතට පයට උදවුකාරයෝ අවශ්‍ය මේ අය මොන විදියට රාජකාරි කරනවද දන්නේ නැහැ නේද? (නි)
ගුණවර්ධන හරි (නි)
පුද්ගලික අංශයේ ආරක්ෂකයෙක් වගේ. ඕක මොකක්ද පොලිස් අංශයේ අය ඔයිට වඩා දේවල් කරන්නේ (නදී)
අනේ මේ මැඩම්ව කාර්යාලයේ මේසය ළඟටම වාහනයෙන් ගිහින් දාන්න (නි)
මේ සමහර අය තමන්ගේ ඉඳුල් පිඟානත් හෝදාගන්නේ සේවකයෙක් ලවායි. (නි)