බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා
ලොක්කාගෙන් වැඩි මුදලක් කඩා ගැනීමේ අරමුණෙන් ලොක්කාගේ කැඩුණු රූපවාහිනිය තම අතින් වියදම් කර අලුත්වැඩියා කරගෙන ගිය අයකුට ‘ස්තූතිය’ පමණක් ලැබීමෙන් කෝප වී බැණ වදිමින් ආ අයකු පිළිබඳව තරු පන්තියේ හෝටලයකින් දැන ගන්නට තිබේ.
තරු පන්තියේ සංචාරක හෝටලයක ඉංජිනේරු අංශයේ සේවය කරන මොහුට රූපවාහිනි, දුරකතන ආදිය අලුත්වැඩියා කිරීමට යම් හැකියාවක් තිබිණි. ඇතැම් අවස්ථාවල දී නිෂ්පාදිත ආයතනයෙන් පවා අලුත්වැඩියා කිරීමට බැරි බව දන්වා එවා ඇති බවත්, තමාට ඒවා අලුත්වැඩියා කිරීමට හැකි බව පෙන්වීම නිසා ආයතනයේ ලොක්කා ඇතුළු සෑම දෙනාම නිතර පැවැසුවේ මොහු ආයතනයට වටිනා සම්පතක් බව කියමින් මුරුංගා අත්තේ තැබීමය.
දිනෙක ලොක්කාගේ රූපවාහිනිය අක්‍රීය විය. ලොක්කා මොහුට කතා කොට රූපවාහිනිය අලුත්වැඩියා කරදෙන මෙන් ඉල්ලා සිටියේය. ‘හරි සර්.. මම සුටුස් ගාල හදල දෙන්නම්’ යැයි කියමින් හැදීමට සූදානම් වුවත් මොහුට කර ගැනීමට බැරි තත්ත්වයක් පෙනුණි. පසුව ලොක්කා හමු වී ගෙදර ගෙන ගොස් හදාගෙනැවිත් දෙන්නම් යැයි කීවේ හෝටලය ඇතුළේ තමාට බැරි වැඩක් නැතැයි කියමින් තබාගෙන සිටි හොඳ නමට කැළලක් වන හෙයිනි. රූපවාහිනිය ගෙදර ගෙන ගොස් හදාගෙනැවිත් දුන්නොත් ලොක්කාගෙන් ලොකු ගානකුත් කපන්න පුළුවන් බව සිතා ගත් මොහු රූපවාහිනිය ගෙන ගියේ ගෙදර නොව නගරයේ රූපවාහිනි අලුත්වැඩියා කරන අයකු ළඟටය.
ඊට පසුවදාම රූපවාහිනිය අලුත්වැඩියා කර දුන්නේ මොහුගේ හිතවත් කම අනුවය. රූපවාහිනිය අලුත්වැඩියා කිරීමට වැය වූ මුදල ගෙවා ලොක්කාට ගෙනැවිත් දුන්නේ වැඩිපුර මුදලක් කඩා ගැනීමේ අරමුණෙන්ය.
එහෙත් බලාපොරොත්තු වූ කිසිවක් ඉටු නොවීය. ලොක්කා රූපවාහිනිය ගෙන ‘තෑන්ක් යූ‘ පමණක් කීය. ආපසු හැරී එන ගමන් තනිවම ලොක්කාට බැන බැන එද්දී තව මිතුරෙක් හමුවිය.
‘මොකෝ මචං තනියම කතා කර කර එන්නේ’ ඔහු විමසීය.
‘මේවට පිස්සු නොහැදී ඉන්නවද මචං... ලොක්කගේ කබල් ටී. වී. එක මගේ අතින් වියදම් කරගෙන ටවුන් එකට ගිහින් හදල ගෙනැවිත් දුන්නම සල්ලි කීයක්වත් දුන්නේ නැහැ. ‘තැන්කිව්’ විතරක් කිව්වා. අඩු ගානෙ කීයක් වියදම් වුණාදැ කියලත් ඇසුවේ නැහැ. තැන්කිව් කන්නද බං. අපරාදෙ මගේ අතින් ටී.වී. එක හදන්නයි, ගෙනියන්න ගේන්න ත්‍රීවීල් එකට ගාස්තුව ගෙවන්න වුණා‘ යැයි කීය.
‘ඕවට තමයි කියන්නේ අතින් කාල හරක් බැලුවා වගෙයි’ කියමින් මිතුරා උත්තර දුන්නේ ඇඟට පතට නොදැනීය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොක්කාගෙන් ලකුණු දාගන්න අතින් කාලා හරක් බලලා