(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ආයතන ප්‍රධානියකු සේවා ස්ථානය වෙත පැමිණ තමා පැළඳගෙන සිටි මුඛ ආවරණය ආයතනයේ තබා සේවිකාවකගේ මුඛ ආවරණයක් දමාගෙන ආයතනයෙන් නික්ම යාමේ පුවතක් රජරට පුරවරයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
කොරෝනා තත්ත්වය හමුවේ පැවැති ඇඳිරි නීතිය ඉවත් කර සාමාන්‍ය පරිදි වැඩ කටයුතු පවත්වාගෙන යෑමේ දොරගුළු ඉකුත් 11 වැනිදා විවර විය.
ඒ අනුව මෙම රාජ්‍ය ආයතනයට පැමිණි ආයතන ප්‍රධානියා සෞඛ්‍ය විධි අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය තබාගෙන තම සේවකයන්ට කටයුතු කරන්නට උපදෙස් දී තිබුණි.
එලෙස පැමිණි නිලධාරීන් හා ලිපිකාරිනියන් කිහිප දෙනකු සමග ආයතනයේ ප්‍රධානියා ද කාර්යාලයේ රැඳී කටයුතු කළ අතර, අන් සේවක සේවිකාවෝ යාබද කාමරවල සේවය කළහ.
ඔහු දුර බැහැර සිට පැමිණෙන්නකු බැවින් අන් අය සේවා ස්ථානයේ රැඳී සිටියදීම ඔහු ආයතනයෙන් නික්ම ගියේය.
ඔහු ගිය පසුව අන් අය ද සේවා ස්ථානයෙන් නික්ම යාමට සැරසෙන අවස්ථාවේදී එහි සේවිකාවකගේ මුඛ ආවරණය නොමැති බව පවසා අන් අය හා එක්ව එය සොයන්නට විය.
ආයතන ප්‍රධානියාගේ පුටුව අසල මුඛ ආවරණයක් ඇතත්, එය ඇයගේ නොවන බව ඇය කියයි.
ඇය ආයතනය පවිත්‍ර කර ඇයගේ මුඛ ආවරණය ඉදිරියේ කාමරය අසල වේළෙන්නට තැබූ බවත්, ආයතන ප්‍රධානියා එකී ටැප් එක අසලට ගොස් මුහුණ කට සෝදාගෙන පසුව ඒ අසල තිබූ මුඛ ආවරණය දමාගෙන නික්ම ගොස් ඇති බවත් පසුව අනාවරණය විය.
ඒ ගැන විමසීමේදී එකම හැඩයෙන් යුත් මුඛ ආවරණ නිසා මෙම අකරතැබ්බය සිදුවී ඇති බවත්, සිද්ධිය අන් නිලධාරීන් දැනුම්දීමත් සමගම ප්‍රධානියා වහ වහා පාමසියක් වෙත ගොස් අලුතින් මුඛ ආවරණයක් මිලදී ගෙන පැළඳ සිටි මුඛ ආවරණය ඉවත් කර ඇති නමුත්, සේවිකාව කිසි දෙයක් කර කියා ගත නොහැකිව අන්ත අසරණ වූ බවත් දැන ගන්නට ලැබුණි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොක්කට වැරදිලා - සේවිකාව මැළවිලා