(තිහගොඩ - උපසේන ලියනගම)
පසුගියදා අගනුවර පැවති අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම්වරුන්ගේ සාකච්ඡුාවකි. එක් නිලධාරියකුට ජංගම දුරකථන පණිවුඩයක් ලැබුණේ බිරියගෙනි. ගෙදර කෑමට කිසිදෙයක් නැති නිසා එන විට පොළෙන් එළවළු මොනවා හෝ ගෙනෙන ලෙස ඇය කීවාය. ඔහු වටපිට බලා එය විසන්ධි කළත් ඇය යළි කතා කළාය. යළිත් එළවළු කතාවම ඇය කීවාය. ඔහු ”හරි හරි” කීවේ කෝපයෙනි.
මොහොතකින් යළිත් දුරකථනය නාදවිය. ඒත් බිරියගෙනි. ඔහු එය රැගෙන අසල වූ වැසිකිළි බිත්තිය අසලට ගොස් කතා කළ විට එළවළු සමඟ පුතාට කෑම පෙට්ටියක් ද ගෙන එන ලෙස ඇය කීවාය. ඔහු යළිත් ”හරි හරි” කීවේ කෝපයෙනි.
ආපසු සාකච්ඡුා කාමරයට ගියපසු යහළුවකු ඇසුවේ ”කලබලෙන් කතා කළේ කවුද” කියාය.
”ඇමැතිතුමාගෙන් බේරෙන්න බෑ මචං. අලූත් නිසා අත්දැකීම් නෑනෙ” ඔහු කීවේ උපහාසයෙනි. පසුපස සිටි අයකු ”ඇමැතිතුමාට තේරෙන්නෙ නැත්තෙ එළවළු ගන්නද? ළමයට කෑම පෙට්ටි ගන්නද?’’ ඇසුවෙන් ඔහුට තරු පෙනිණ.
කරුණු සෙවීමේදී දැනගන්නට ලැබුණේ ඔහු වැසිකිළිය තුළ සිට තම කතාවට සවන් දී සිටි බවක්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනට මාර්කට් යන්න තිබුන කාර් එක ආණ්ඩු මාරුවේදී ආපසු දීලා ඇති. ඒකයි නෝනට කේන්ති. (නි)
කතාව තාත්විකයි. එ්ත් මේ චීත්ත හැමතැනම කන්දීගෙන ඉන්නවනේ.(නදී)
මහත්තයට එක පාරක් කියපුවම ඇහෙන්නේ නැතුව ඇති. එ්ක වෙන්න ඇති දෙපාරක් කියන්න ඕනි. හැම දෙයක්ම මෙහෙමද දන්නේ නැහැ. (නදී)
ගෙදර උන්දෑ තමන්ගේ මහත්තයාට කියන්නේ නැතිව අල්ලපු ගෙදර එකාට කියන්න යැ (නදී)
මගේ ප්‍රශ්නය මෙහෙම ලේකම් ලා ලේකම් බිරින්දෑවරු ලංකාවේ ඉන්නවද කියලයි ? (ර)
මෙයාලගේ මෝඩ වැඩ ඇමති පිටින් යවන්න නේද හැදුවේ?(නදී)
ගේන්න තියෙන දෙයක් ගේන්න එස් එම් එස් එකක් යවන්න තිබුනේ. ඕකනේ කියන්නේ ගැහැනුන්ගේ මොලේ හැඳි මිටේ තරම් කියලා (නදී)
හැම ගැහැණියක්ම ඔහොම තමා මිනිහගේ එල්ලෙන්නේ කුඩැල්ලන් වගේ (නදී)
ඇත්ත කියන්න ලජ්ජා වෙන්නේ මොකටද? කෙලින්ම කිව්වා නම් ඉවරනේ නෝනා ගෙදරට බඩු ටිකක් ගෙන්න කිව්වා. කියල. දැන් මිනිසුන්ට තියෙන්නේ හිනමානේ.ගෙදරට සැමියා අඩුම කුඩුම ගෙනියන එක ලජ්ජා වෙන්න දෙයක් නෙමෙයි. එහෙමත් නැත්නම් කවුද දන්නේ හොර අඹුවක් කියපු නිසා කියන්න ලජ්ජා හිතෙන්න ඇති. (බ)
සමහර උසස් නිලධාරියෝ දෑවැද්ද නිසා මොලේ අංශු මාත්‍රයක් හෝ බුද්ධියක් නැති බවලතුන්ව බැඳගන්නවා. මේක බොහෝ විට එහෙම දෙයක ප්‍රතිපලයක් වෙන්න පුළුවන්. අපි දන්නා පවුලක දොස්තර කෙනෙක් බැඳ ගත්තේ සල්ලිකාර මුදලාලි කෙනෙකුගේ හද්දා මෝඩ දුවෙක්. ඒගොල්ලන්ගේ ගෙදරත් මෙහෙම ප්‍රශ්න තිබෙන බව දැන් දැන් කන් කොණෙන් ආරන්චියි .(නදී)
සැමියා අතට සල්ලි දෙන්නේ නැති හෝ තමන් නැතුව ගෙදරින් එළියට යනවාට මනාපයක් නැති ගෙදරක නෝනා කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම නම් ඉතින් මෙහෙම දේවල් නිතර දෙවේලේ සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් මහත්තයටම කරදර කරන්නේ නැතුව කඩේට ගිහින් එළවලු ටිකක් ගේන්න බැරිකමක් නැහැනේ. (නි)
මේ වගේ වැදගත් රැස්වීමකටත් අනුන්ගේ දේවල් වලට කන් දෙන, කිසිම සදාචාර ගතිගුණ නැති මොට්ටයෝ කීප දෙනෙකුත් ඇවිල්ල තිබෙන බව මේ කතාවෙන් මොනවට පැහැදිලි වෙනවා. (අ)
ඔහොම උදවිය තව ඉන්නවා. අපේ ඥාති මල්ලි කෙනෙක් බැඳලා ඉන්නේ මහගෙදරදී වැඩිහිටියන් ඇති පදම් හුරතල් කරලා හැදුණු තරුණියක්. ගෙදර වැඩකටයුතු සංවිධානය සහ තේරුම් ගැනීමේ හැකියාව අන්තිමයි. කිසිම දෙයක් එයාට තනිවම කරගන්න බැහැ. එයාලට ගෙදර උයලා දෙන්න තරුණියගේ අවිවාහක ලොකු අක්කා උදේට බස් එකේ මහ ගෙදර ඉඳලා එනවා. (නි)
කුස්සියේ යුද්දේ ඉවර වෙන්නේ නැහැ (දිල්)