හිඟුරක්ගොඩ සුනිමල් හේවගේ
තම තරුණ බිරිය දරු ප්‍රසූතිය සිදුකර සති දෙකක් යාමටද පෙර මිතුරකු හඳුන්වා දුන් වෙනත් තරුණියක සොයා ගිය 35 හැවිරිදි පුද්ගලයකුගේ ලක්ෂ හතහමාරක රන් මාලයක් තරුණිය විසින් ගිල දැමීම නිසා සතියකට අධික කාලයක් තිස්සේ තරුණිය බලහත්කාරයෙන් නිවෙසක රඳවාගෙන රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයක පලතුරු ආහාරයට ලබාදීමේ පුවතක් හිඟුරක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.
නැති වූ මාලය තරුණියගේ තිසර පට තුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
රන් මාලය නැතිවීම සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණිය සහ ඇය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් සහ තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මාලය නැතිවූ පුද්ගලයා ධනවතකු වන අතර බිරිය තෙවැනි දරුවා බිහිකර සති දෙකකට පමණ පසු ඔහු තම පෞද්ගලික අවශ්‍යතාව යහළුවකුට පවසා ඇත.
ඒ අනුව ඔහු සිය නිවසේදී ඉකුත් ජූලි 29 දා තරුණිය මුණගස්වා ඇති බව පොලිසිය පවසයි.
ටික වේලාවක් තරුණිය සමග කතා කරමින් සිටින විට තරුණිය ‘ආ අයියා ලස්සන චේන් එකක් දාගෙන ඉන්නවානෙ. පොඩ්ඩක් දෙනවද දාගෙන ඉන්න’ යැයි පවසා තරුණයාගෙන් පවුම් තුනහමාරක් බරැති මාලය ගලවාගෙන ඇයගේ ගෙලේ පළඳවාගෙන ඇත.
මද වේලාවකට පසු තරුණයා අසල වෙළඳසලකට ගොස් පැමිණ බලද්දී තම මාලය තරුණියගේ ගෙලේ නොමැති බව දැක ප්‍රශ්න කිරීමේදී ඇය මාලය ගිල දැමූ බව පවසා ඇත.
තරුණිය එදින එම නිවසේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන පසුදා එක්ස්රේ එකක් ලබාගෙන ඇති අතර එහි තරුණියගේ උදරය තුළ රන් මාලය තිබෙන බව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව ඇය තම මිතුරකුගේ නිවසේ නවත්වා ඇයට නිරන්තරයෙන් පලතුරු ආහාර ලබාදී ඇත. දින පහක් පමණ රුපියල් 20,000ක් පමණ වටිනාකමකින් යුතු පලතුරු ලබා දුන්නද මාලය ලැබී නොමැති බව අනාවරණය වී තිබේ. හයවැනි දින අලුයම තරුණියට මාලය හමුවී ඇය එයද රැගෙන නිවසින් පලා යද්දී ඇය රඳවාගෙන සිටි තිදෙනා ඇය සොයා ගොස් ඇති අතර බියට පත් තරුණිය යුද හමුදා කඳවුරකට දුවගොස් ඇතැයි කියයි.
යුද හමුදා කඳවුරේ නිලධාරීන් මින්නේරිය පොලිසියට බාරදුන් තරුණිය පසුව හිඟුරක්ගොඩ පොලිසියට බාරදී ඇති අතර එම අවස්ථාවේදී රන් මාලය හිමි තරුණයාද තම මාලය නැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණ ඇත.
පැමිණිල්ල ලියාගැනීමෙන් අනතුරුව තරුණිය පරීක්ෂා කිරීමේදී ඇයගේ තිසරපට තුළ තිබී රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා මාලය හමු වූ බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
සැකකාරිය සහ සැකකරුවෝ සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විමලදාස මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක ජයසිංහ, සැරයන් ප්‍රියන්ත (51138), කාන්තා පොලිස් සැරයන් අසෝකා (2408), කාන්තා පොලිස් කොස්තාපල් ඉඩමේගම (6782) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ 7 ක රන්’ මාලය ගන්න තරුණියක ගේක හිරකර විසිදාහක පලතුරු කන්න දීලා