ගුණපාල තරමක් මෝඩ පහේ කෙනෙකු වුවද ඕනෑම වැඩක් කඩිනමින් කරන්නට දක්වන්නේ ඉතාම දක්ෂකමකි.
පාසල් අධ්‍යාපනය ලබමින් සිටි ගුණපාල තම පන්තිභාර ගුරුවරියගේ යම් අවවාදයක් නිසා උරණවී පාසල් ගමන අතහැර නිවසට වී සිටියේ තම මවුපියන් දෙදෙනාගේ ද නොසතුට මැදය.
මෙසේ නිවසට වී යහළුවන් සමග වෙල් ඉපනැල්ලේ කෙළි සෙල්ලම් කරන ගුණපාල තරමක දඟයෙකු නිසාම රබර් කපා පවුල් රකින ගුණපාලගේ පියා උදේ පාන්දරම ගුණපාලට කථාකරගෙන තමා වැඩ කරන වැඩපලට එක්කර ගෙන යන්නට පුරුදු වී සිටියේය.
ටික දවසක් සිය පියා සමග රබර් වැඩපලට යන ගුණපාල තාත්තාගේ රබර් ඇඹරීමේ වැඩට ද උදව් වුණේ අකමැත්තෙනි. ටික දිනක් යද්දී පන්සලේ මුරදානය ගෙන යාමට තාත්තා සමග පන්සලට යන්නට ගුණපාල කැමැති වුණේය.
දානය පූජා කිරීමෙන් පසු පන්සලේ නායක හාමුදුරුවන් ගුණපාලට කථාකර පාසලේ කීවැනි පංතියේ දැයි විමසුවේ හොඳට ඉගෙන ගන්නවා ඇතැයි යන විශ්වාසයෙනි.
ගුණපාල ඇඹරි ඇඹරී සිටින විට පියා ස්කෝලේ ගිහිල්ලා ඉවරයි, අපේ හාමුදුරුවනේ කොලුවා ස්කෝලේ යන්න බැහැයි කියනවා හාමුදුරුවනේ යි කීය.
“එහෙනම් පිරිවෙනට එවන්න මම පොත්පත් ටික දෙන්නම්” යැයි හාමුදුරුවෝ පැවසූහ. ගුණපාල පිරිවෙනට භාර දී ගත වූයේ ටික කලකි. ඉතා කීකරු ශිෂ්‍යයක් ලෙස ඉගෙනීම් කටයුතු කරන ගුණපාල පන්සලේ වැඩ පල ද කරදුන්නේය.
ටික කලක් ගත වන විට පන්සලේ නායක හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම සඳහා සූදානම් කෙරෙමින් පැවතිණි.
එදින මධ්‍යම රාත්‍රිය දක්වා බණ දේශනා හා විවිධ පින්කම් පැවැත්වුණු අතර පසු දින හීල, දවාල සාංඝික දානය සඳහා කටයුතු යොදා තිබුණි.
මධ්‍යම රාත්‍රියේ යහළුවන් සමග පන්සල පිරිසුදු කරමින් සිටි ගුණපාල කාමරය තුළ බිම පැදුරු එළාගෙන නිදාගෙන සිටිය දී උදේ අවදිවෙන්නටත් පෙර පිරිවෙන අසල නිවසක ලැගුම් ගෙන සිටි විශ්‍රාමික ගුරු යුවළක් වූ අතර විශ්‍රාමික ගුරුවරයා කාමරයේ උළුවස්සට අත්දෙක තබා ගුණපාල නැගිටපන් මගේ බයිසිකලයෙන් ගිහින් මට ලීස් භාගයක් ගෙනත් දියන් යැයි කීවේය.
නිදිමතේ සිටි ගුණපාලට මේ වදන් පෙළ ඇසුනේ ලීස් නොව ග්‍රීස් යනුවෙනි. වහා පාපැදිය ගත් ගුණපාල එළිවෙන්නටත් පෙර පිටියේ කඬේ නමින් හැඳින්වෙන නගරයේ වෙළඳ සලට කතාකොට ග්‍රීස් භාගයක් ඉල්ලා සිටියේය.
කඬේ ලියනමහත්තයා “මොකටද බං උදේම ග්‍රීස්?” යනුවෙන් ඇසීය. “පෙරේරා මහත්තයට” ගුණපාල පැවසීය. ග්‍රීස් බෑගය බයිසිකලයේ එල්ලාගෙන නිවස දෙසට යද්දී ගුරු මහතාගේ බිරිඳ දානය සඳහා එළවළු සූදානම් කරමින් සිටියාය.
ගුණපාල ද බයිසිකලය නවතා “මෙන්න නෝනා” කියා ග්‍රීස් මල්ල පෙරේරා නෝනා අතට දුන්නේය. ගුණපාලගේ උජාරුවෙන් පෙරේරා නෝනා වැඬේ වැරදුණු බව දැන ගුණපාල අපේ මහත්තයා කීවේ ලීස් ගේන්න මොකටද මේ බටර්’ යැයි ඇසුවාය.
“මට ගේන්න කියපුවා තමයි මම ගෙනාවෙ. පෙරේරා නෝනා ග්‍රීස් තලියක් රැගෙන ගොස් පෙරේරා මහතාට ග්‍රීස් පාර්සලය දී මහත්තයෝ වෑංජනයට දාන්න ලීක්ස් ගේන්න කීවාම ගුණපාල බටර් ගෙනැල්ලා.
දානය පිළියෙළ කරමින් සිටි පිරිස අතර බටර් ග්‍රීස් අඳුනන අයකු නොසිටියෙන් අසල සිටි අයෙකුට කථාකර මේ මොනවාදැයි ඇසීය.
“මේ මහත්තයෝ ග්‍රීස් මේවා මොකටද?”
ගුණපාලට මම කියුවේ ලීක්ස් ගේන්න ගෙනැල්ලා තියෙන්නේ ග්‍රීස්නෙ යැයි ගුරු මහතා කීය.
(පිටිගල ඩී.ජේ. විජේසිංහ)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලීක්ස්-ග්‍රීස්-බටර් පටලැවිල්ල