වේලාව උදේ අටට පමණය. බසයක් පැමිණෙන තුරු බස් නැවතුමකට වී බලා සිටි මගියෙකි. ටික වේලාවකින් පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට අයත් බසයක් පැමිණියත් පෙරකී මගියා එයට ගොඩවූයේ නැත. ඔහුගේ අධිෂ්ඨානය වූයේ නව වසරේ සිටවත් ලංගම බසයක ගමන් කර, එය වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා දශමයකින් හෝ දායක වීමය. විනාඩි විස්සකින් පමණ නැවතත් පෞද්ගලික බසයක් ඈතින් පැමිණෙනු දක්නට ලැබිණි.
ඊට මදක් පිටුපසින් ලංගම බසයක් ද මගියාට දිස්විය. පෞද්ගලික බසය ප‍්‍රථමයෙන් බස්නැවතුමේ නවත්වන ලද අතර, පෙරකී මගියා හරුණු විට අනෙක් මගීහු එයට ගොඩවූහ. බසය පිටත්වන විටම ලංගම බසය ද බස් නැවතුමට ළඟාවිය. එහි ආසන කිහිපයක්ම හිස්ව පැවතුනි. මගියා වහාම අත දිගු කරමින් ලංගම බසයට නවත්වන ලෙසට සංඥා කළේය. අවාසනාවකි. ලංගම බසය නොනවත්වමින් පෞද්ගලික බසය පිටුපසින් ධාවනය වන්නට වූයේ නළාවද හඬවමිනි.
මදැයි ලංගමට ලාබ කරන්නට ගියා යැයි තමාටම කියා ගනිමින් මගියා කිලෝමීටර් එක හමාරක් පමණ දුර පයින්ම ගමන් කරන්නට විය. මෙය කොළඹ නගරයේ දී සිදුවූවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද කොහොම ගොඩ ගන්නද කියලා..!(නු)
ලංගම මගම කළා.. මගම ලංගම කලා මොනවා කළත් ලංගමත් මග අපිත් මග..!(නු)
ලංගම දිනේවා (අ)
චින්තන , කොහොම කරත් ඔය දෙගොල්ලොන්ටම පඩි හම්බෙනවනේ (ස)
ඔය වාගේ රියදුරෝ කීපදෙනෙක් ඇරුනම ලංගමට ගොඩක් ආදරේ කරන සේවක මහත්වරු සහ ජනතාව ගොඩක් ඉන්නවා. කැස්බැව ලංගම ඩිපෝව, රත්මලාන, මොරටුව ඩිපෝවේ බස් වල මම නිතරම යනවා. ඒ ගොඩක් සේවක මහත්වරු ඉතාම විනිතයි, ලංගමට ගොඩක් ආදරෙයි. ජනතාව හැකි සැමවිටම ලංගම බස් වල යන්නේ. ඉක්මනින් ආත්ම ගෞරවය රැකගෙන යන්න පුළුවන් නිසා. ඕනම අයතනයක ඔයවගේ නරුමයෝ ඉන්නවා. ගණන් ගන්න එපා. ලංගමට ආදරය කරන ඔබට ජය. ලංගමට ජය වේවා. (ස)
අපෝ මටනම් ඔව අනන්ත වෙලා තියනවා.... ලංගම ගොඩක් නැවතුම් වල නවත්වන්නෙ නෑ.............(ස)
මේ දෙයම මටත් වෙලා තිබෙනවා බොහෝ වාර ගණනක්. ඒ වුණත් මම අදත් විශ්වාස කරනවා ලංගම ගොඩගන්න පුලුවන් දේශපාලන බලපෑම් නැති ස්වාධීන ආයතනයක් වෙන විදියට පාලකයන් වැඩ කරනවා නම්. (නි)
අනේ මන්දා, මට කියන්න මොකුත් නැහැ (දී)
ලංගම අයට ප්‍රයිවට් මුදලාලිලා ගෙවන නිසා මගීන් ගැන ගානක් නෑ (ස)
ලැජ්ජයි අහන්නත් , කිලෝමීටර් 1 1/2 යන්නද මේ පැයක් විතර බලා ඉඳලා තියෙන්නේ (ස)
බලධාරීන් හැර අනිත් ඔක්කොම ලංගම වැටිලා තියෙන්නේ මොකද කියලා දන්නවා. (නි)
ලංගම රියදුරන් සහ කොන්දොස්තරමහත්තුරැ පෞද්ගලික බස් මුදලාලිලාට සමග ඒකාබද්ද වෙලා සහයෝගයෙන් පෞද්ගලික බස් පිටුපස්සෙන් ලංගම බස් යනවා..!(නු)
බොහොමයක් පෞද්ගලික ආයතන වලට ප්‍රසිද්ධිය ලබාදෙන්නේ රජයේ සහ සංස්ථාවල අය තමයි.,!(නු)
ලංගමේ නහස්තිය සහ දූෂණය ගැන මොන කතාද? නිට්ටඹුව ඩිපෝවෙ බස් ගොඩක් යකඩ ගොඩක් වෙන පාටයි..!(නු)
ලංගමය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.!(නු)
ඔය දෙකම ඒකාබද්ද වෙලානෙ තියෙන්නෙ..!(නු)
ඕක කවදාවත් හදන්න බැහැ, වහන්නයි වෙන්නේ කවදාහරි. (නි)
අපරාදේ! ත්‍රීවිල් එකක යන්නනේ තිබුණේ. (නි)
සිල්වා, ඔය විදියට හිතුවොත් බස් එක කෙසේවෙතත් හැමදාම පයින් තමයි යන්න වෙන්නේ. (නි)
මොනවා වුණත් ඒකෙන් ඇගට අවශ්‍ය ව්‍යායායාමය ලැබුණා. (නි)
මොනවා? (නි)
මටනම් හිනාව නවත්වන්න බැහැ (දී)
වචන නැහැ මට කියන්න (දී)
මොනවා උනත් ඇඟය හොඳයි පයින් ඇවිද්දම (ස)
මේ විදියට හැමදෙනාම හිතනවා නම් රට කොච්චර දියුණු වෙයිද? (නි)
සිටීබී එකට වළ කපන්නේ ඒකෙම රියැදුරන් සහ කොන්දොස්තරවරුන් තමයි. (නි)
ලංගම නැති කලෙත් කරන්නෙත් එහි රියදුරු සහ කොන්දොස්තරු වරුන්මයි. අපිට කරන්න දෙයක් නැහැ. (ස)
ඔන්න ඕක තමයි අද ලංගමට වෙලා තියෙන්නෙ.. මගීන් ටික පුද්ගලික බස් එකට දීලා ලංගම පිටිපස්සෙන් එනවා. ඉතිං කොහෙද ආදායම් හොයලා ලංගම ගොඩගන්නෙ.?(නු)
ලංගම කොට උඩ යන්න හේතුවත් ඒකමයි. (නි)
රියදුරන්ට හා කොන්දොස්තරලාට ලංගම ගොඩනගන්න ඕන නැති කොට මගීන් කොහොමද ලංගම ගොඩගන්නෙ..?(නු)