IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියාට සුපිරි ප්‍රහාරයක්

(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
සිය සේවිකාවක සමග ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියකු ඉන් පිටතට පැමිණෙමින් සිටිය දී සිය බිරියගෙන් හා තරුණියගේ ඥාතීන්ගේත් ප්‍රහාරයට ලක් වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


ප්‍රදේශ කීපයකම සුපිරි වෙළෙඳසල් හිමි විවාහකයෙක් තමාට වඩා බොහෝ වයසින් අඩු තම සේවිකාවක සමග සම්බන්ධයක් ඇති කරගෙන ඉඩ ලද අවස්ථාවල ලැගුම්හල්වලට යෑමට පුරුදු වී සිටියේය.


සිද්ධිය පිළිබඳව ඇගේ දෙමාපියන්ට හා ඥා​තීන්ට සැලවී ‘‘ඔහු විවාහකයකු’’ බැවින් වහාම මේ සම්බන්ධය නතර කරන ලෙස අවවාද කළ ද, සම්බන්ධය නතර වී නැත. එබැවින් ඥාතීහු ද ඈ ගැන විමසිල්ලෙන් සිටියහ.


මේ අතර දිනෙක වෙළෙඳසල් හිමියා උදෑසන අතරමග දී තරුණිය සිය රථයට නංවාගෙන යනු දුටු ඥාතීන්ගේ ඔත්තුකාරියක් ඒ බව ඇගේ පුංචි අම්මාට දැනුම් දුන්නාය.


පුංචි අම්මා සිය පුත්‍රයා හා ඔහුගේ මිතුරන් පිරිසක් සමග වහාම ක්‍රියාත්මක වී දෙදෙනා ගියේ කුමන ලැගුම්හලකට දැයි සොයා බලන්නට වූවාය. 


විසිරී ගිය පිරිස අතරින් එක් අයකුට වෙළෙඳසල් හිමිගේ වර්ණ දෙකකින් යුතු මෝටර් රථය වෙළෙඳසලට කිලෝමීටර් හයක් විතර දුර පිහිටි ලැගුම්හලක රථ ගාලේ නතර කර තිබෙනු දැක ගත හැකි විය. ප්‍රධාන මාර්ගයෙන් හැරී මීටර් 150ක් පමණ ගිය තැන අතුරු මාර්ගයක පිහිටි මෙම ලැගුම්හලට ඔහු සියලු දෙනාම කැඳවා ලැගුම්හල් හිමියාගේ බිරිඳ ද එම ස්ථානයට කැඳවා ගත්තේය. 


තරුණියගේ පුංචි අම්මා තවත් අයකු සමග ලැගුම්හල් හිමියා මුණගැසී තරුණිය බාර දෙන ලෙස ඉල්ලා සිටියාය. ඇය පිටකරන්නට පොරොන්දු වන ලැගුම්හල් හිමියා ඔවුන් පිටතට යවා මේ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නේය.


පොලිසිය පැමිණ ‘‘කෝලාහල කරන්න එපා. අපි දෙන්නම පොලිසියට ගෙන යනවා’’ යැයි පවසමින් තරුණිය ජීප් රථයේ නංවාගෙන පිටත් වූ අතර, වෙළෙඳසල් හිමියා සිය මෝටර් රථයෙන් ජීප් රිය පසුපස පැමිණියේය.
ඥාති පිරිස අතර සිටි තැනැත්තකු එකවරම සිය අත තිබූ වතුර පුරවන ලද බෑගයක් වාහනය ඉදිරිපසට විසි කිරීමත් සමග කලබල වන ඔහු තිරිංග පෑගුවේය. 


එවිට තරුණියගේ ඥාතීන් ද වාහනයේ දොර හැර ඔවුන් අත තිබූ කුණු බිත්තර හා කුණු තක්කාලිවලින් ප්‍රහාරයක් එල්ල කරද්දී බිරිය ද තමාගේ බෑගය හැර කුඩයක් එළියට ගෙන ඔහුට ප්‍රහාරයක් එල්ල කළාය. 


​පොලිස් නිලධාරීන් පැමිණ ඔහු බේරාගෙන රථයේ දොර වසා දමද්දී ඥාතීන්ගේ සහ අවට පදිංචිකරුවන්ගේ හූ.... හඬ මැද්දේ රථය ඉදිරියට ඇදුණේය.

 



අදහස් (1)

ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියාට සුපිරි ප්‍රහාරයක්

shen Wednesday, 04 August 2021 07:21 AM

දැන් ඔතන බිත්තර ගහපු තක්කාලි ගහපු අය කිසිම කෙනෙක් ඔය විදියට හැසිරිලා නැති අයද ?කාට කියනන්ද ඉතින් ඕවා !

:       2       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 406 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 887 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 854 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9488 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site