IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලෙඩා ඇඳේ සිටිද්දී සාත්තුවට ආ දෙන්නා ජෝඩු දමා රෝන්දේ ගිහින්

(වියලු‍ව වාර්තාකරු)
ආබාධිත පිරිමි හා කාන්තා රෝගීන් දෙදෙනකු රැක බලාගැනීම සඳහා රෝහලක යාබද වාට්ටු දෙකක රැඳී සිටි තරුණියක හා තරුණයකු හාද වී තමුන්ගේ රෝගීන්ට උපස්ථාන කිරීම පසෙක තබා දිවා කල රෝන්දේ ගිය බව කියැවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


එය එක්තරා රජයේ රෝහලකි.


එකිනෙකට යාබදව තිබූ වාට්ටු දෙකක ප්‍රතිකාර ලැබුවේ ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවන් හා පිරිමි පුද්ගලයින්ය. යාබදව වාට්ටු දෙක පැවැතීම නිසාත්, කලක් තිස්සේ වාට්ටුවල රැඳී සිටීම නිසාත් රෝගීන් රැක බලාගන්නා උදවිය නිතර මුණගැසුණු අතර, ඔවුන් අතර ඇතැම්විට මිතුරු දම් ද දලුලා වැඩෙන්නට වීම අරුමයක් නොවීය..


මේ අතර ගම්බද ප්‍රදේශයෙන් පැමිණ තම ආබාධිත සහෝදරයා රැක බලාගත් තරුණයකු යාබද වාට්ටුවේ සිටි කාන්තා රෝගියකු රැක බලාගත් තරුණියක සමග ඇයි හොඳයිකම් පවත්වන්නට පටන් ගත්තේ සීමාව ද ඉක්මවා යමිනි.


හිතවත්කම ප්‍රේමයට හරවාගත් දෙපළගේ ආදර පලහිලව්ව වාට්ටුවල උදවිය පවා දැන ගත්තේ ඔවුන්ගේ හැසිරීම් නිසාය.


කලින් කතිකා කරගත් පරිදි පසුගිය දිනක ඔවුන් රෝගී සාත්තුව පසෙකලා රෝහලින් පිටව වෙනත් ස්ථානයක් කරා පිටව ගොස් ඇත්තේ සිත් සේ පෙම් සුව විඳීමේ අටියෙනි. දිවා කල හතර දිග්භාගයේ ඇවිද යමින් රිසි සේ පෙම් සුව විඳි ඔවුන් රෝහලට පැමිණෙන විට සවස් වී තිබිණී.


තරුණයාගේත් තරුණියගේත් සබඳතාව ගැන හොඳ හැටි දන්නා වාට්ටුවේ සිටි සෙසු රෝගීන් බලාගන්නා පිරිස ඔවුන් දෙපළගේ රෝගීන්ට ද අඩුවක් නැතිව සලකා තිබීම නිසා කිසිදු ගැටලුවක් මතු නොවූවත් තරුණයාගේත් තරුණියගේත් ඥාතීන්ගෙන් නම් ඔවුන්ට ගැලවුමක් නොවිණි.

 



අදහස් (1)

ලෙඩා ඇඳේ සිටිද්දී සාත්තුවට ආ දෙන්නා ජෝඩු දමා රෝන්දේ ගිහින්

ana Wednesday, 04 May 2022 11:04 AM

රජයේ රෝහලක ගැහැණු, පිරිමි රෝගීන් එකට ඉන්නවා. ඇහුවේත් අදයි.

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 430 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 459 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 657 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 656 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1095 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 918 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 517 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site