රජරට ප‍්‍රධාන නගරයක පවත්වාගෙන යන තේ කඩයකි. ඒ අවට රජයේ හා පෞද්ගලික ආයතනවල බොහෝ දෙනෙක් විවේකයේ දී මෙම තේ කඩයට ගොඩ වෙති.
තේ කඩයේ මුදලාලි කාගේත් සිත් දිනා ගත්තෙකි. ඔහුගේ අහිංසකකම මෙන්ම ප‍්‍රියමනාප බව නිසාත් තේ විකිණීමේ දී එය සාධාරණ මිලකට පිරිසුදුවට දෙන නිසාත් එතැනට බොහෝ දෙනෙක් යති.
කෙටි කෑම, පැණි රස කෑම අතර මෙම තේ කඩයේ බිත්තර බනිස් ද අලෙවි කරයි. අසල ප‍්‍රසිද්ධ බේකරියෙන් දිගු බනිස් ගෙනැවිත් තේ කඩය තුළ දී මුදලාලි එය සකස් කරයි. තැම්බු බිත්තරයක් දෙකට කපා ඉන් එකක් ද බී ලූනු කැබැල්ලක් ද කැපූ තක්කාලි පෙත්තක් ද ගම්මිරිස් කුඩු හා අමු මිරිස් කරලක් ද බනිස් ගෙඩිය මැදින් දෙකට පලා ඊට බහාලයි.
මේ බිත්තර බනිස් සැකසීමේදී තේ කඬේ මුදලාලි ලොකු අර්බුදයකට මුහුණ පා ඇත්තේ බිත්තර, තක්කාලි බී ලූනු හා අමු මිරිස් මිල දිනෙන් දින ඉහළ යාම නිසාය.
තේ කඬේ මුදලාලි මෙයට විසඳුමක් සෙව්වේය. දින කිහිපයක්ම කල්පනාවේ යෙදුණු ඔහුට විසඳුම මතක් විය.
දැන් බිත්තර බනිස් ගෙඩියට යොදන බී ලූනු තක්කාලි සහ අමුමිරිස් මාරුවෙන් මාරුවට දිනයක් හැර දිනයක් නොදැමීම මේ විසඳුමය. දින කිහිපයක සිට බිත්තර බනිස්වල අමුත්ත ගැන දැනුණත් ඒ ගැන කිසිවකුත් ප‍්‍රශ්න නොකරයි. ලැබෙන උත්තරය ගැන අවබෝධයක් ඔවුනට ඇති නිසාය.
බිත්තරයක මිල තවත් ඉහළ ගියහොත් බනිස් ගෙඩියට බහාලන බිත්තර පලූවෙන් අඩක් අඩු කිරීම ඊළඟ විසඳුම විය හැකි යැයි තේ මුදලාලි කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජුල, ඔයා කියන්නේ මොන බිත්තරද (දී)
මේවා නම් එසේ මෙසේ මොළ නෙමෙයි. (නි)
මෙන්න රජ කාලේ රජ මොළ. (නි)
තායි, චීන, කොරියා, වැනි දියුණු වූ රට වලින් ආදර්ශයක් ගත්තා නම්? ගොළුබෙල්ලො, කෘමි වර්ග, මී මස් දැන් යුරෝපෙ සහ ඇමරිකාවෙත් ප්‍රචලිත වෙමින් පවතිනවා. මා දන්න සමහර ලංකාවෙ වඩේ සහ බයිට් මුදලාලිලා දැනටමත් මෙම ක්‍රම අනුගමනය කරනවා. ඉස්සත් කැරපොත්තාත් අතර කිසි වෙනසක් නැහැ කියලා දන්නවානේ...? (නි)
ඇයි බිත්තර නැතිව බනිස් කන්න බැරිද?(නු)
බනිස් ගෙඩිය මිල ගියොත් මොකද වෙන්නේ. එහෙම උනොත් බනිස් ගෙඩිය නැතිව ඉතිරි කළමනා ටික විතරක් දෙයිද ? (ස)
මමත් ඒ පැත්තේ ගියා මේ ළගදී. මටත් මතකයි ඒ වගේ කඩේකින් බනිස් කෑවා. (නි)
දාන දේවල් ඔක්කොම ඒ විදිහටම දාලා පාන් ගොඩිය දෙකට කපලා විකුනුවානම් ඔයිටත් වැඩා වැඩි ලාභයන් එයි.(නදී) .
ඇත්ත වශයෙන්ම මේ ලිපිය ලියපු කෙනා මේ කියන තේ කඩේ බිත්තර බනිස් පාරිභෝජකයෙක්. ඒ බිත්තර බනිස් එකේ සුළු වැරැද්දක් වෙන්න ඇති. (නි)
මංජුල කියන්නේ අලි බිත්තර ගැන. (නි)
අනෙකුත් මුදලාලිලාට මේක ආදර්ශයක් (දී)
මුදලාලි හරි. කතාව ඇත්ත (දී)
අයියෝ කල්පනා කරන්න දෙයක් නෑනේ . මුදලාලි තට්ටු මාරු ක්‍රමයට කල එකේ , බිත්තර බෑය ආයි කපන්න උවමනා නෑ. අද ප්‍රමිතියට අනුව බිත්තර නොලෑබුන නිසා පාරිභෝගික යන්ගෙ සුභසිද්ධිය තකා බිත්තර නොදෑමුවෙමි. කියා පුංචි බෝඩ් කෑල්ලක් දිනයක් ඈර දිනයක් ගෑසුවානම් , පාරිභෝගිකයන් සිතාවි මුදලාලි බිත්තර ගන්නෙ හෑමදාම අපගෑන සිතාකියා. මතක ඈතිව වරහන් ඈතුලේ ලියන්න ඕනෑ ඉතරම් බිත්තර අඩු මිලට ගනු ලබේ කියලා.(නදී)
මම ඇහටම දැකල තියනවා ලීටරේ බිම බෝතලෙන් බඩී බෝතල් වලට පුරවනවා මම ඇහුවා මොකද මේ කරන්නේ කියලා මෙහෙම කලාම ලාබයි කියල කිව්වා. ඕක මම දැක්කේ 95 හරි 96 හරි අවුරුද්දේ . (දී)
මුදලාලිගේ කතාව ඇත්ත (දී)
මමත් කරලා බලන්න ඕනේ (දී)
අන්න වැඩ (දී)
බිත්තර 2යි තක්කාලි ගෙඩියයි මිරිස් කරලයි දාලා ලොකු ඔම්ලට් ඒකක් හදාගත්තනම් පාන් ගෙඩි 10 කට 12 දැම්මහැකි. (දී)
වර්තමානයට ගැලපෙන ක්‍රමයක් (දී)
කාලෝචිතයි (දී)
කාලෝචිතයි (දී)
සිංහලයේ ඇත්තේ අතුරු ආහාරයි. (නි)
අන්න නියමයි (දී)
කොස්ට් කටින් කියන්නේ ඕකට තමයි. (නි)