ගෙවත්තකින් ලබු ගෙඩියක් සොරා ගත් පුද්ගලයකුට ලබු කිරිබතක් උයා ගැනීම සඳහා හාල් සහ පොල් ද ගෙවතු හිමියා විසින්ම සැපයීමේ පුවතක් සාලියවැව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
මෙය සිදු වී ඇත්තේ පසුගිය පසළොස්වක පොහොය දා උදය කාලයේදීය.
සිය නිවෙස ඉදිරිපිට පුංචි ගෙවත්තේ සරුවට හැඳී තිබූ ලබු වැලක ගෙඩියක් හදිසියේම අතුරුදන් වී තිබීම පිළිබඳව විමසිලිමත් වූ ගොවිමහතාට මද වේලාවකින්ම ඊට සිදු වූයේ කුමක්දැයි අනාවරණය කරගත හැකි වී තිබිණි.
ඒ අනුව ඔහුගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් පදිංචි පුද්ගලයකු බීමත්ව පැමිණ ලබු ගෙඩිය සොරාගෙන ගිය බවට එම තොරතුරු හෙළි වී තිබිණ.
මේ ආරංචියත් සමග ගොවි මතා කැකුළු සහල් කිලෝ 01ක් සමග පොල් ගෙඩියක් ද ලබු ගෙඩිය සොරකම් කළ පුද්ගලයාගේ නිවෙසට ලැබෙන්නට සැලැස්වූයේ සොරා ගැන අනුකම්පාවෙන් සිතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබු කිරිබත් වලට වඩා රසයි ලබු කොළෙන් හදන එක්තරා කෑමක්. (නි)
ඉතින් ඒ මනුස්සයාපුදුම මනුස්සයෙක් (දී)
අකුරස්ස පැත්තෙ ගමක මහත්තයෙකුට රට රැකියාවක් ලැබිලා ගියාලු. ගිය දවසෙ ඉදලා මහත්තයාගෙ යාලුවාගෙන් නෝනට අයුතු යෝජනා එනවලු. මේකට විසදුමක් හොයලා නොලැබුන තැන නෝනා ඒ යාලුවටම කතා කරලා ඇහුවලු "මෙහෙම වනචරයෙක්ගෙන් මට කරදරයි ඒකට මොනවද කරන්නේ" කියලා. මම කියපු දේ තේරුනාද මන්දා? (නි)
අර පොල් සොරකම් කල පුවතට හාත් පසින් විරුද්ද වැඩක් මේ පුවතින් තියෙන්නේ (දී)
හිත හොද වැඩි උනාමත් ප්‍රශ්න (දී)
කාටත් හොද වටිනා ආදර්ශයක් (දී)
ගෙවතු හිමියාට, ඔබ ආදර්ශවත් ගොවිමහතෙකි. කෑ දේ ගදයි, දුන් දේ සුවදයි...! බේබදු සොරාට....... මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙව! අඩුම තරමේ පොහොයටවත්. (නි)
ඉවසීමෙන් සංයමයෙන් වැඩ කළොත් යහපත් සමාජයක් ගොඩනගන්න පුලුවන්. නැත්නම් උසාවි පොලිසි ගාණේ ගිහින් තමයි ගැටලු විසදාගන්න වෙන්නේ. (නි)
නෑ නිමල් මහත්තයා.. එයා අයිත් හොරකම් කරන එකක් නැ... එයාට නියම දඬුවම තමයි දුන්නේ. ගහන බනින ක්‍රමයට වඩා ඒක හොඳයි... (ස)
නිමල් වගේ අය තමයි පොල් ගෙඩියටත් උසාවි යන්නේ... මිනිසුන් ගැන ඔයිට වඩා හිතන්න ඕන. අපි කවුරුත් යනකොට මොනවත් අරන් යන්නේ නෑ. ඉන්නකං අනිත් අයට උපකාර කරන්න ඕන. මේක ආදර්ශයට ගත යුතු ක්‍රියාවක්...(ස)
හොරු බෝ කරන කෙනෙක්.(නදී)
හිතහොද මනුස්සයෙක්. (නි)
ඒ මනුෂ්‍යයා හොඳ කෙනෙක්.. හරිදේ ඒකයි... පින්වැඩි කමට තව තව ලබු වැඩියෙන් හැදෙයි...මේකෙන් හොරාත් හැදෙයි. ලබු අයිතිකරුට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා..! දෙන තරමට තමයි ලැබෙන්නේ..(ස)
අනේ හොදයි. ඒ වුණාට පොල් මුඩ්ඩ අමතක වෙලා. (නි)
පහන්ගේ කතාවට මට මනුතාපය මතක් වුණා. (නි)
ලබු ඕනෑවට වඩා කෑමෙන් ශරීරයේ ඇට මෙලෙක් වෙනවා. බොහොම පරිස්සමින් හොදේ..... (නි)
නියම සිංහල මහත්මයෙක්. (නි)
උපුල්, පහන්, ඔබලාට ස්තූතියි. (නි)
මටත් ආසයි ලබු කිරිබත් කන්න. (නි)
දීය යුතු දඩුවම ලබු ගෙඩියේ අයිතිකරු විසින් ලබා දී ඇත. සොරාගත් අයට මෙය මතක ඇති තාක් කල් මානසික නිදහසක් නැහැ. (නි)
ඒක හොද ක්‍රියාවක් වුණත් සොරකමට අනුබල දීමක් නිසා අනුමත කරන්න පුලුවන්ද? (නි)
පහන් හැබැයි මෙහෙම අයත් ඉන්නවා. ' දෙවියනි ඔබ කොහිද ' කියන චිත්‍රපටයේ අන්තෝනි පෙරේරා පල්ලියට ඇවිල්ලා පල්ලියේ ස්වාමිගේ ඔරලෝසුව හොරකම් කරනවා. ඒක අරගෙන එද්දී ඔහු දකිනවා ජේසු ස්වාමි දරුවන් කුරුසේ ඇණ ගහපු සුරුවම. ඔහු කියනවා ඔබ වහන්සේ ඉතින් දන්නවනේ , මම දුප්පත්නේ, ස්වාමිට ඔරලෝසු දෙකක් වැඩක් නැහැනේ කියලා. උන්වහන්සේව දැකලා මිනිහට සාධාරණය ඒත්තු ගන්වනවා. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා පහන්. මේකට අදාල නොවෙන්න පුළුවන් . ඒත් මම කිව්වේ සමහර අයගේ හැටි. (නි)
මට මනුතාපය පොතේ ජනවර්ජන හා පුජක තුමා මතක් උනා .ජනවර්ජන රිදී පහනක් සොරකම් කරලා අරන් යනකොට පොලිසියට අහුවෙලා ගත්තේ කොහෙන්ද කියලා අහල පූජකතුමා ලගට එක්ක එනවා. ජනවර්ජනව පොලිසියෙන් ගේනවා දැකපු පුජකතුමා ඈත තියාම කියනවා ''ඔබට මා රීදී පහන් 2 ම නේ දුන්නේ ඇයි එකක් අමතක කරල ගියේ කියල". (ස)
අනේ මටත් හිතෙනවා ඒ හරියෙන් ම ගෙයක් හදාගන්න.. දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියමනක් තියෙනවානේ.. (ස)
අයියෝ සල්ලි (දී)
වන සිවුපාවන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත . ඒ දේවතාවන් , දිව්‍යන්ගනාවන් මේ ලෝ තලයේ වාසනාවන් . ගීතයෙන් කියවෙන්නේ ඔබ වැනි අය ගැනයි .(ස)
ගොවි මහත්තයාගේ ගෙවත්තේ ලබු වැලේ ගෙඩි 50ක් පමණ හැදේවි, ඒ මහතාගේ කුසගින්න නිවාගන්න... ! ඔබ කළ දේ හරි..! (ස)
බතල වැලට, කොස්ගෙඩි අටට, උසාවි ගිහින් රිමන්ඩ් කරන යුගයක් මේක.(නදී)
තව ඩිංගෙන් ලබු ගෙඩියත් කොස් ගෙඩි සහ පොල් ගෙඩි නඩුවලට පැටළෙන්න තිබුණා. (නි)
හොරා හොද මිනිහෙක් නම් අනේ මහත්තයෝ සමාවෙන්න කියලා කියාවි. නරක මිනිහෙක් නම් ළගදීම ගෙදරට හොද සුද්ධ කිරීමක් වේවි. (නි)
අන්න මිනිස්සු... (නි)