IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ලබු හොරාට කිරිබත් කන්න කියා අයිතිකාරයා හාලූයි පොලූයි දීලා

ගෙවත්තකින් ලබු ගෙඩියක් සොරා ගත් පුද්ගලයකුට ලබු කිරිබතක් උයා ගැනීම සඳහා හාල් සහ පොල් ද ගෙවතු හිමියා විසින්ම සැපයීමේ පුවතක් සාලියවැව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
මෙය සිදු වී ඇත්තේ පසුගිය පසළොස්වක පොහොය දා උදය කාලයේදීය.
සිය නිවෙස ඉදිරිපිට පුංචි ගෙවත්තේ සරුවට හැඳී තිබූ ලබු වැලක ගෙඩියක් හදිසියේම අතුරුදන් වී තිබීම පිළිබඳව විමසිලිමත් වූ ගොවිමහතාට මද වේලාවකින්ම ඊට සිදු වූයේ කුමක්දැයි අනාවරණය කරගත හැකි වී තිබිණි.
ඒ අනුව ඔහුගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් පදිංචි පුද්ගලයකු බීමත්ව පැමිණ ලබු ගෙඩිය සොරාගෙන ගිය බවට එම තොරතුරු හෙළි වී තිබිණ.
මේ ආරංචියත් සමග ගොවි මතා කැකුළු සහල් කිලෝ 01ක් සමග පොල් ගෙඩියක් ද ලබු ගෙඩිය සොරකම් කළ පුද්ගලයාගේ නිවෙසට ලැබෙන්නට සැලැස්වූයේ සොරා ගැන අනුකම්පාවෙන් සිතමිනි.



අදහස් (0)

ලබු හොරාට කිරිබත් කන්න කියා අයිතිකාරයා හාලූයි පොලූයි දීලා

වරුණ Thursday, 28 February 2013 07:51 AM

බතල වැලට, කොස්ගෙඩි අටට, උසාවි ගිහින් රිමන්ඩ් කරන යුගයක් මේක.(නදී)

:       0       0

හේරත් Thursday, 28 February 2013 07:18 PM

අනේ හොදයි. ඒ වුණාට පොල් මුඩ්ඩ අමතක වෙලා. (නි)

:       0       0

දිසානායක Friday, 01 March 2013 09:48 AM

නෑ නිමල් මහත්තයා.. එයා අයිත් හොරකම් කරන එකක් නැ... එයාට නියම දඬුවම තමයි දුන්නේ. ගහන බනින ක්‍රමයට වඩා ඒක හොඳයි... (ස)

:       0       0

සරත් Thursday, 28 February 2013 02:14 PM

මටත් ආසයි ලබු කිරිබත් කන්න. (නි)

:       0       0

මලිත් Monday, 04 March 2013 10:21 PM

ඉතින් ඒ මනුස්සයාපුදුම මනුස්සයෙක් (දී)

:       0       0

සංක Friday, 01 March 2013 10:04 PM

අර පොල් සොරකම් කල පුවතට හාත් පසින් විරුද්ද වැඩක් මේ පුවතින් තියෙන්නේ (දී)

:       0       0

රන්දි Thursday, 28 February 2013 10:10 AM

ගොවි මහත්තයාගේ ගෙවත්තේ ලබු වැලේ ගෙඩි 50ක් පමණ හැදේවි, ඒ මහතාගේ කුසගින්න නිවාගන්න... ! ඔබ කළ දේ හරි..! (ස)

:       0       0

උපුල් Thursday, 28 February 2013 10:22 AM

වන සිවුපාවන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත . ඒ දේවතාවන් , දිව්‍යන්ගනාවන් මේ ලෝ තලයේ වාසනාවන් . ගීතයෙන් කියවෙන්නේ ඔබ වැනි අය ගැනයි .(ස)

:       0       0

තුෂාර Thursday, 28 February 2013 03:05 PM

උපුල්, පහන්, ඔබලාට ස්තූතියි. (නි)

:       0       0

දයාන් Thursday, 28 February 2013 10:27 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

වනිතා Thursday, 28 February 2013 09:40 PM

ඒ මනුෂ්‍යයා හොඳ කෙනෙක්.. හරිදේ ඒකයි... පින්වැඩි කමට තව තව ලබු වැඩියෙන් හැදෙයි...මේකෙන් හොරාත් හැදෙයි. ලබු අයිතිකරුට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා..! දෙන තරමට තමයි ලැබෙන්නේ..(ස)

:       0       0

නිශ්ශංක Thursday, 28 February 2013 10:35 AM

අනේ මටත් හිතෙනවා ඒ හරියෙන් ම ගෙයක් හදාගන්න.. දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියමනක් තියෙනවානේ.. (ස)

:       0       0

පහන් Thursday, 28 February 2013 10:40 AM

මට මනුතාපය පොතේ ජනවර්ජන හා පුජක තුමා මතක් උනා .ජනවර්ජන රිදී පහනක් සොරකම් කරලා අරන් යනකොට පොලිසියට අහුවෙලා ගත්තේ කොහෙන්ද කියලා අහල පූජකතුමා ලගට එක්ක එනවා. ජනවර්ජනව පොලිසියෙන් ගේනවා දැකපු පුජකතුමා ඈත තියාම කියනවා ''ඔබට මා රීදී පහන් 2 ම නේ දුන්නේ ඇයි එකක් අමතක කරල ගියේ කියල". (ස)

:       0       0

සම්පත් Friday, 01 March 2013 11:14 AM

ඉවසීමෙන් සංයමයෙන් වැඩ කළොත් යහපත් සමාජයක් ගොඩනගන්න පුලුවන්. නැත්නම් උසාවි පොලිසි ගාණේ ගිහින් තමයි ගැටලු විසදාගන්න වෙන්නේ. (නි)

:       0       0

ගාමිණී Thursday, 28 February 2013 03:50 PM

ලබු කිරිබත් වලට වඩා රසයි ලබු කොළෙන් හදන එක්තරා කෑමක්. (නි)

:       0       0

උපුල් Thursday, 28 February 2013 11:00 AM

පහන් හැබැයි මෙහෙම අයත් ඉන්නවා. ' දෙවියනි ඔබ කොහිද ' කියන චිත්‍රපටයේ අන්තෝනි පෙරේරා පල්ලියට ඇවිල්ලා පල්ලියේ ස්වාමිගේ ඔරලෝසුව හොරකම් කරනවා. ඒක අරගෙන එද්දී ඔහු දකිනවා ජේසු ස්වාමි දරුවන් කුරුසේ ඇණ ගහපු සුරුවම. ඔහු කියනවා ඔබ වහන්සේ ඉතින් දන්නවනේ , මම දුප්පත්නේ, ස්වාමිට ඔරලෝසු දෙකක් වැඩක් නැහැනේ කියලා. උන්වහන්සේව දැකලා මිනිහට සාධාරණය ඒත්තු ගන්වනවා. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා පහන්. මේකට අදාල නොවෙන්න පුළුවන් . ඒත් මම කිව්වේ සමහර අයගේ හැටි. (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 01 March 2013 11:20 AM

ගෙවතු හිමියාට, ඔබ ආදර්ශවත් ගොවිමහතෙකි. කෑ දේ ගදයි, දුන් දේ සුවදයි...! බේබදු සොරාට....... මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙව! අඩුම තරමේ පොහොයටවත්. (නි)

:       0       0

ජයන්ත Friday, 01 March 2013 04:56 PM

කාටත් හොද වටිනා ආදර්ශයක් (දී)

:       0       0

ලලිත් Thursday, 28 February 2013 11:16 AM

ඒක හොද ක්‍රියාවක් වුණත් සොරකමට අනුබල දීමක් නිසා අනුමත කරන්න පුලුවන්ද? (නි)

:       0       0

අමරා Thursday, 28 February 2013 11:16 PM

හිතහොද මනුස්සයෙක්. (නි)

:       0       0

අසිරු Sunday, 03 March 2013 11:10 PM

අකුරස්ස පැත්තෙ ගමක මහත්තයෙකුට රට රැකියාවක් ලැබිලා ගියාලු. ගිය දවසෙ ඉදලා මහත්තයාගෙ යාලුවාගෙන් නෝනට අයුතු යෝජනා එනවලු. මේකට විසදුමක් හොයලා නොලැබුන තැන නෝනා ඒ යාලුවටම කතා කරලා ඇහුවලු "මෙහෙම වනචරයෙක්ගෙන් මට කරදරයි ඒකට මොනවද කරන්නේ" කියලා. මම කියපු දේ තේරුනාද මන්දා? (නි)

:       0       0

රංජිත් Thursday, 28 February 2013 12:09 PM

දීය යුතු දඩුවම ලබු ගෙඩියේ අයිතිකරු විසින් ලබා දී ඇත. සොරාගත් අයට මෙය මතක ඇති තාක් කල් මානසික නිදහසක් නැහැ. (නි)

:       0       0

සංජු Thursday, 28 February 2013 04:59 PM

ලබු ඕනෑවට වඩා කෑමෙන් ශරීරයේ ඇට මෙලෙක් වෙනවා. බොහොම පරිස්සමින් හොදේ..... (නි)

:       0       0

සරත් Thursday, 28 February 2013 04:56 PM

පහන්ගේ කතාවට මට මනුතාපය මතක් වුණා. (නි)

:       0       0

වගුරේගම Thursday, 28 February 2013 03:15 AM

නියම සිංහල මහත්මයෙක්. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Thursday, 28 February 2013 04:18 AM

අන්න මිනිස්සු... (නි)

:       0       0

ජනක Friday, 01 March 2013 07:59 PM

හිත හොද වැඩි උනාමත් ප්‍රශ්න (දී)

:       0       0

සෙනරත් Thursday, 28 February 2013 05:33 AM

හොරා හොද මිනිහෙක් නම් අනේ මහත්තයෝ සමාවෙන්න කියලා කියාවි. නරක මිනිහෙක් නම් ළගදීම ගෙදරට හොද සුද්ධ කිරීමක් වේවි. (නි)

:       0       0

සිල්වා Thursday, 28 February 2013 06:57 AM

තව ඩිංගෙන් ලබු ගෙඩියත් කොස් ගෙඩි සහ පොල් ගෙඩි නඩුවලට පැටළෙන්න තිබුණා. (නි)

:       0       0

නිමල් Friday, 01 March 2013 08:19 AM

හොරු බෝ කරන කෙනෙක්.(නදී)

:       0       0

පවන් Friday, 01 March 2013 09:00 AM

නිමල් වගේ අය තමයි පොල් ගෙඩියටත් උසාවි යන්නේ... මිනිසුන් ගැන ඔයිට වඩා හිතන්න ඕන. අපි කවුරුත් යනකොට මොනවත් අරන් යන්නේ නෑ. ඉන්නකං අනිත් අයට උපකාර කරන්න ඕන. මේක ආදර්ශයට ගත යුතු ක්‍රියාවක්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 313 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 500 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site