පිටරට පාවිච්චි කළ ඇඳුම් විකුණන තැනකින් ලාබෙට දිගු කලිසමක් මිලට ගත් අයකුට එය අඳින්න පෙර සෝදද්දී රහස් සාක්කුවක තිබී පිටරට මුදල් නෝට්ටුවක් හමුවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
උත්සව සමයේ ඇඳුම් විකුණන තැන් බහුල ප‍්‍රදේශයකි. මෙහි තැනක ලාබෙට ඇඳුම් විකිණීමට තිබෙන බව කියූ ආරංචියකට පුද්ගලයකු එතැනට ගොස් ඇත. පිටරට මද වශයෙන් භාවිතා කළ ඇඳුම් බොහොමයක් එහි තිබූ අතර ඒවා මිලට ගැනීමට උනන්දු වෙන අයද අඩුවක් තිබී නැත.
අලවියට තිබූ ඇඳුම් අතරින් සිත්ගත් ඩෙනිම් කලිසමක් තෝරාගෙන රුපියල් පන්සීයකට එය මිලට ගත් ඔහු නිවසට පැමිණ තිබේ.
මිලට ගත් කලිසම පාවිච්චි කළ එකක් නිසා අඳින්න පෙර සේදීම වඩා හොඳ යැයි කල්පනා කර එය වතුර බේසමකට දැමීමට සූදානම් වී නිකමට මෙන් කලිසමේ සාක්කුවට අත දමා පරීක්ෂා කර තිබේ. එහි පිටරටක නෝට්ටු කොළයක් තිබෙනු දැක පුදුමයට හා සතුටට පත් ඔහු එහි වටිනාකම බලද්දී මිලට ගත් කලිසමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක්වීම නිසා ‘මේකට තමයි දෙන දෙයියෝ ගෙදරටම ගෙනවිත් දෙනවා යැයි කියන්නේ’ කියා මිතුරන්ට පවසා සතුටු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුම් මිලට ගන්න කොට මීට පස්සේ හොදට බලල ගන්න ඕනේ. (දී)
අලුතින් ඇඳුම් ගන්න බැරිකෙනෙකුට නේ මේ ලැබීම ඒගැන සතුටුයි. ඒත් වඩාත් සතුටු වෙන්න ඕන මොහුගේ විමර්ශණ ශිලිත්වය ගැන (ස)
දැන් එතනටම ගිහින් ඕකෙ යට කලිසම හොයා ගන්න. ඒකෙත් වටින මුදල් නෝට්ටු තියෙන්න පුලුවන්. (නි)
ඕක මහා ලොකු දෙයක්යෑ? (නි)
මේක ඇවිල්ලා ගණිතමය ප්‍රශ්නයක්. (නි)
සල්ලි මාරුකරලා තියාගන්න සමේ රෝග වලට බෙහෙත් ගන්න. (නි)
ලැබෙන්න තියෙනවානම් ඒ දේ කොහෙන් හෝ ලැබෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ (ස)
බොරුවක් වෙන්න ඇති (ස)
දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනාවා. (ස)
ලෙඩක් හැදුනොත් කාට කියන්නද ? පරිස්සමින් ඕවා අරන් අදින්නේ (ස)
මට අපේ මිනිස්සු ගැන දුකයි. (නි)
ඒ කියන්නේ මේ ඇදුම් ඇදපු ඒවාද? (දී)
ලාබ බඩුවේ සල්ලි කියල වෙනස් වෙන්න ඕනේ (දී)
බොරුවක් වෙන්න ඇති (ස)
අනේ දෙවියනේ මිතුරන්ට කියලා සතුටුවෙලා ලංකාදීපයටත් කියලා සතුටුවෙලානේ.. (නු)
සුද්දෝ ඇදපු ඇදුම් ගන්න අපේ සිංහලයින්ට ලැජ්ජාවක් නැද්ද ? (නි)
ඒ වුණාට කියන්නේ ලාභ බඩුවේ හිලක් කියලානේ. (නි)
හිත හොදනම් හරියනවා අයියා (ත)
ආච්චි මුත්තා කාලේවත් අහලා නැති, ළගක් වෙනකල් ලංකාවේ තිබුණේ නැති ලෙඩ දැන් මිනිස්සුන්ට හැදෙන්නේ ඔය පරණ කඩමාලු ඇදලා තමයි. (නි)
කොහොමද පින පලදෙන හැටි (දී)
මිතුරන්ට පවසා සතුටු වී ඇත. (ස)
කනවනම් කන්න ඕනේ මේ වගේ පාන්.(නදී)
මේක නම් පිළිගන්නත් අමාරුයි. (නි)
මේක ලාබෙට ඇදුම් විකුණන්නන්ගේ බිස්නස් ට්‍රික්ස් එකක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
කලිසමේ ෆොටෝ එකක් එක්ක මේ නෝට්ටුවේ ෆොටෝ එකකුත් පත්තරේට දාන්නනේ තිබුණේ. (නි)
අපිට නැහැනේ මේ වගේ අවස්ථා (දී)
අයියෝ ඕක සාමාන්‍ය දෙයක් නේ. රෙදි ගත්ත මනුස්සයට ඕක අහුවෙලා නැ. පිටරට අය එහෙම දල දෙන්නේ එහෙදි රෙදි එකතු කරන අයට සන්තෝසමක් විදියට. ඒ හැම එකක්ම මෙහෙ ඔය රෙදී විකුණන අය දන්නවා. පුදුමයි මුදලාලිට මගඇරුනා. (දී)
නියම අවස්තාවක් (දී)
ලාභයයි වාසියි දෙකම එකට (දී)
ඒකට කමක් නැහැ. කලිසම දෙපාරක්වත් හෝදලා අදින්න. (නි)
ප්‍රවේශමෙන්. නොමිලයේම ලෙඩත් එන්න පුලුවන්. (නි)
දැන් අපේ මෝඩයෝ තියෙන තුට්ටු දෙක දීලා ඕවා ගන්න යාවි (ස)
එහෙනම් ෂුවර් එකටම ඩොලර් 10ක් වෙන්න ඇති. (නි)
මිතුරන්ට පවසා සතුටු වුණාට පසසේ මොකද වුණේ?? (නි)
ලාබෙට ලෙඩත් ලැබේවි ?(ස)
දැන්වත් අළුත් එකක් ගන්න.....(ස)
දැන් ඉතින් අලුත් කලිසමක් ගන්න පුළුවන් වේවි (ස)
බලමුකෝ අපිත් අලුත් ඒවා පැත්තකින් තියලා පරණ ඒවා ගන්න (ස)
මමත් ගත්ත ඩෙනිමක් ඔය කියන තැනින් ඒකෙ සාක්කුවෙ තිබ්බේ වෙන දෙයක් (ස)
මේ වැරදි වල කව්ද වග කියන්නේ? (දී)
කලිසන් සාක්කුවේ සල්ලි තිබුණට ඔය කලිසමේ මොන තරම් සමාජ රෝග තියෙනවද කියලා එයා දන්නේ නැතුව ඇති (ස)
ගුණේ අපිට කියන්න බැරි දෙයක්ද තිබුණේ (ස)
අනේ මන්ද මේවා කාට කියන්නද? (දී)