බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා
අඩු මුදලකට ලොකු මාළු කුට්ටියක් මිලදී ගැනීමට ගිය ගුරුවරියකට ලාබ අලාබ පිළිබඳ අලුත් පාඩමක් මාළු මුදලාලිගෙන් ඉගෙන ගැනීමේ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ.
ඇය ගුරුවරියකි. ලෝබකම ඉහවහටත් උඩින්ය. මේ නිසා අලාබ විඳින්නට සිදු වූ අවස්ථා බොහෝය. එහෙත් මසුරුකමේ නම් අඩුවක් නොවීය.
පසුගිය දිනෙක ඇය බල මාළු ලොකු කුට්ටියක් මිලදී ගැනීමට මාළු වෙළෙඳසලකට ගියාය. මාළුවාගේ ඔළුව සහ වලිගය නැතිව මැද කොටස පමණක් ඇයට වුවමනා වූයේ ඔළුව සහ වලිගය සමග මාළු කූරියකු මිලදී ගතහොත් වැඩි මුදලක් ගෙවීමට සිදුවන හෙයිනි. ඇය මේ සඳහා උප්පැරවැට්ටියක් යෙදුවාය.
‘මුදලාලි මට මාළු කූරියගෙ මැද කොටස විතරක් කපල දෙන්න’ යැයි මාළු වෙළෙන්දාගෙන් ඉල්ලා සිටියාය.
‘අනේ මිස් එහෙමනම් කරන්න බැහැ. මිස්ට මාළු කූරියගෙ මැද කොටස දුන්නොත් ඔළුවයි වලිගයයි කාටද විකුණන්නේ.....?’
‘මුදලාලි මට කොහොම හරි ඕනෑ මැද කොටස විතරයි. ඔය බල්ලන්ට උයල දෙන්න කියලා බොරු කියමින් ඇවිත් ඉවත දමන කෑලි අරගෙන යන අයට විකුණන්න’ යැයි ඇය යෝජනා කළාය.
‘නෝනා එහෙම ඇවිත් අරගෙන යන අය ඕන තරම් ඉන්නවා. ඒ එන්නේ සල්ලි දීලා මාළු අරගෙන යන්න නොවෙයි නිකං උස්සාගෙන යන්නයි. එහෙම දුන්නොත් උන් අපේ මාළුත් කාවි’ මුදලාලි කීය.
‘එහෙම බැහැ... මට කොහොම හරි ඕනෑ...’ යැයි ඇය කීවාය.
කෙතරම් ඇත්ත පහදා දීමට උත්සහ කළත් ඇයට එය වටහා ගැනීමට බැරි විය. මාළු මුදලාලිට ගණ දෙවි නුවණ පහළ විය.
මුදලාලි ලොකු මාළු කූරියකුගෙන ඔළුවට මාළු පෙති එක හමාරක පමණ වාසියක් තිබෙන සේ ඔළුව කපා ඉවත් කොට වලිගයටත් එසේ වාසියක් තිබෙන සේ කපා ඉවත් කරගෙන දී මාළු කූරියාගේ වටිනාකමටත් වඩා වැඩි මුදලක් අය කර ගත්තේය.
ඇය මුදල ගෙවා මාළු කෑල්ල පමණක් ගෙන යද්දී මුදලාලි ‘හැමදාම අඩු ගානට මාළු අරගෙන යන්න එනවාට අද හොඳ පාඩමක් මම ඉගැන්නුවා’ යැයි අල්ලපු මාළු ලෑල්ලේ මුදලාලිට කියමින් සිනාසුණේය.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලාබෙට මාළු කන්න ගිහින් මුදලාලි පාඩමක් උගන්වලා
himal Friday, 13 October 2023 10:19 AM
තමන්ගේ පාරිභෝගිකයා රැවැට්‍ටුවා මදිවට ඒක හරි හපන් කමක් විදිහටත් ලියලා. ඔන්න ඕක තමයි මිනිස්සු සුපර් මාකට් වලින් බඩු ගන්න යන්න ඕන.