ප්‍රාථමික ශ්‍රේණියක ඉගෙනුම ලබන පුතාට ලිපියක් සහ මුදල් භාරදුන් පියා “පුතා තැපැල් කන්තෝරුවට ගිහිල්ලා මේ ලියුම රෙජිස්ටර් කරලා එන්න’ ඕවා පුරුදු වෙන්නත් ඕනේ’ යැයි පැවැසීය.
තැපැල් කාර්යාලයට පැමිණි පුතා ලිපිය සහ මුදල් නිලධාරියාට දෙමින් ‘අන්කල් මේ ලියුම රෙජිස්ටර් කරන්න’ යැයි කීය. මුද්දර දුන් නිලධාරියා ඒවා අලවන ලෙස පවසා ‘පුතා කොහෙද ඉන්නේ’ යනුවෙන් විමසීය. දරුවා නිවස පිහිටි ස්ථානය පැවසූ විට ‘තැපැල් කන්තෝරුවට ඇවිල්ලා ලිපි ගනුදෙනු කරන එක බොහොම හොඳයි’ නිලධාරියා කීය.
ලිපියේ විස්තර රිසිට් පතේ සඳහන් කළ හෙතෙම ලියාපදිංචි අංකය ලිපියේ අලවා රිසිට් පත දරුවාට දී ලිපිය පසෙක තැබීය. එතැනට පැමිණි අයෙක් මුද්දරයක් මිලදී ගෙන ඔහු රැගෙන ආ ලිපියේ අලවා ලියුම් පෙට්ටියට දැමීය. මේ අතර නිලධාරියා පැමිණි කිහිප දෙනෙකුට මුද්දර නිකුත් කරන්නට විය. මේසය මත තිබූ තම ලිපිය අතට ගත් දරුවා එය ලියුම් පෙට්ටියට දමා නිවෙස බලා පිටත් විය. ලියාපදිංචි කළ ලිපිය සෙවූ නිලධාරියාට දෙවියන් සිහිවිය.
ලිපි රැගෙන යෑමට පැමිණි නිලධාරියකුට මදක් රැඳෙන ලෙස පැවසූ ඔහු දරුවාගේ නිවෙස සොයා යන විට අතරමගදි දරුවා මුණගැසිනි. ‘කෝ පුතා රෙජිස්ටර් ලියුම’ තැපැල් නිලධාරියා විමසුවේ දරුවාගේ හිස අත ගාමිනි. ‘ඒක ලියුම් පෙට්ටියට දැම්මා’ දරුවා පැවසීය. තැපැල් නිලධාරියාත් දරුවාත් පැමිධෑමෙන් අනතුරුව ලිපි රැගෙන යෑමට පැමිණි නිලධාරියා ලියුම් පෙට්ටිය විවෘත කළවිට ලියාපදිංචි කළ ලිපිය දක්නට ලැබිණි. ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ රටක ඉතින් කරන කියන අනෙක් සියලුම දේවලුත් එහෙමනේ (නි)
ආදර්ශමත් පුත්‍ර රත්නයක්. (අ)
ක්‍රියාවෙන් අවබෝදයක් ලබාදෙන්නේ හොරකමට විතරක්ද මන්දා (අ)
මෙය ප්‍රබන්දයක් ද ඇත්තක්ද (අ)
රාජ්‍ය සේවකයින් සිහි බුද්ධියක් නැතුව සේවය කිරීමෙන් රටට ලැබෙන ප්‍රතිඵල. (අ)
ලංකාවේ තැපැල් කන්තෝරු ගැන දුක හිතෙනවා තියන තත්වය දැක්කම. තැපැල් ඇමතිතුමාට බැරිද ඕව ලස්සන කරලා මහජනයාට සේවය පහසු විදිහට දෙන්න. හුගක් වේලාවට් මේ වැඩවලට ස්වේච්චා කණ්ඩායම් යොදවා ගන්න පුළුවන්නේ. බොරැල්ල හා මරදාන තැපැල් හල් හොද උදාහරණයක්. (අ)
පරීක්ෂාවෙන් බලනොසිටිහොත් මීට වැඩි ලොකු වැරදීම් වෙනවා. එනිසයි පිටරවල රියදුරු පුහුණුකරන්නාගේ පැත්තෙත් බ්රේක් තිබෙන්නේ. ළමයා ගැන විමසිල්ලෙන් සිටියා නම් ඔය ටික වෙන්නේ නැත. (නි)
ජනහිත, දැන් තැපැල් කන්තෝරු, මුද්දර පාවිච්චිය බොහොම අඩුයි. ඒ වෙනුවට සෙල්-ෆෝන් සහ ඊ -මේල් තිබෙනවා. (නි)
සෙල්ෆෝන් පාවිච්චිය හොඳයි. එ්ත් දැන් වැඩිපුර ගෙවන්න ඕනෑ නේද? ඇමෙරිකාවේ හැමෝම ඔය දුරකථන පාවිච්චි කළත් තම කටයුත්ත කරගන්න තැපැල් කන්තෝරුවේ ටිකවෙලාවක් ගතකරන්න ඕනෑ. තාමත් එදා විදිහටම තැපැල් කන්තෝරුව අගය කරනවා විශ්වාසයි. (නි)
දෙයියෝ සාක්කි!
පොඩි ළමයෙකු කොහොමද කම්බි කුරු ඇතුලේ තියන ලියුම ගත්තේ. (අ)