(බළන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි)
ලොරියේ වම් පැත්තේ තිබූ කණ්ණාඩිය ගලවා දකුණු පැත්තට සවිකරදී මුදල් ගරාගත් තරුණයන්ගේ ගැටයට අසුවූ ලොරි රියදුරකු ගැන රසවත් පුවතක් නගරයේ ලොරි නැවතුම්පොළකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය. ඔහු කුලී ලොරි රථ රියදුරෙකි. දිනක් ඔහු කොළඹට කුලී ගමනක් ගොස් ආපසු පැමිණ බලන විට ලොරියේ දකුණු පැත්තේ සවිකර තිබූ පැති කණ්ණාඩිය අතුරුදන්ව තිබිණි. තමන්ගේ වරද නිසා තම වියදමින් කණ්ණාඩිය සවිකරගන්නා බව ඔහු ලොරි හිමිකරුට දැන්වීය. නැතිනම් රැකියාව අහිමි වන බව ඔහු දනී. පසු දිනක කොළඹ ගිය ඔහු බඩු පටවන තෙක් අතුරු වීදියක ලොරිය නවතාගෙන සිටින විට හදිසියේම මතුවූ තරුණයින් කීපදෙනෙකි.
එක් තරුණයෙක් ඔහු අමතා අයියේ මේ පැත්තෙ කණ්ණාඩිය නැහැනේ. අලූත්ම එකක් දෙන්නම් රුපියල් පන්සීයක් දෙන්න කියා තිබේ. රුපියල් දාහකට වැඩි මුදලක් වැය වන වැඬේ රුපියල් පන්සීයකින් කරගත හැකි නිසා ඊට එකඟ විය. මිනිත්තු කීපයක දී කණ්ණාඩිය සවිකර අවසන්ය.
ගනුදෙනුව බේරාගෙන අතුරුදන් තරුණයෝ පේන තෙක් මානයේ නැත. ලැබූ ලාභය ගැන සතුටට පත් ඔහු කණ්ණාඩි දෙක හරි බව බලද්දී තරු පෙනිණි. ලොරියේ වම් පැත්තේ තිබූ කණ්ණාඩිය ගලවා දකුණු පැත්තට සවිකර දී මුදල් රැගෙන ගොස් ඇති බව අවබෝධ වන විට ඔහු ප‍්‍රමාද වැඩිය. දැන් ලොරි
නැවතුම්පොළේ කථාව ... අයියාගේ කණ්ණාඩිය වගේ කියාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොරියේ වම් පැත්තෙන් ඉස්සූ පැති කණ්ණාඩිය දකුණට සවිකර 500 ක් ගරලා
ප්‍රදීප් Tuesday, 16 September 2014 05:32 AM
වම් පැත්තේ කන්නාඩියක් දකුණට සවි කරන්න බෑ (නදී)
නිසල Wednesday, 17 September 2014 03:36 AM
එහෙම කොහොමද පැත්ත මාරු කරලා සවි කරන්නේ. (නදී)
උපාලි Thursday, 18 September 2014 02:41 AM
පැතිමාරු කරලා කණ්ණාඩි අල්ලන්න පුලුවන්ද වාහන වලට? හැබැයි ටයර් නම් පුළුවන්. (නි)
ජය Thursday, 18 September 2014 01:08 PM
මුසාවක් (අ)
තිලක් Tuesday, 16 September 2014 04:18 PM
වම දකුණ මාරු කරලා සවි කරන්න බෑනේ. මේක බොරුවක්. (ස)
කුමාර Tuesday, 16 September 2014 08:04 PM
එහෙම කොහොමද පැති දෙක මාරුකරලා සවිකරන්නේ? (නි)
සංජීව Monday, 27 April 2015 10:25 AM
ලොරි වල තියෙනවා පැති කන්නාඩි වර්ග ගොඩක් .සමහර ඒවා වම දකුණ බේදයක් නැතිව හයි කරන්න පුළුවන් (බ)
රෙජි-සිඩ්නි Tuesday, 16 September 2014 03:28 AM
කණ්ණාඩිය ගලවා සවිකරනතුරු රියදුරු නිදාගෙනද හිටියේ? අහිංසකයා කොළඹ කාක්කන්ට අහුවෙලා වගෙයි (නි)
සමාධි Wednesday, 17 September 2014 09:46 AM
එහෙම කොහොම ද පැති දෙක මාරු කරලා සවිකරන්නේ. මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. (ස)
රසිකා Tuesday, 16 September 2014 03:44 AM
මේක පරණ කතාවක්. රීම් කප් වලටත් ඔය වැඩේ ඉස්සර කලානේ. (නදී)
තාරක Tuesday, 16 September 2014 04:32 AM
පටිට සීන් එක. (නදී)
කුෂාන්ත Tuesday, 16 September 2014 04:56 AM
ඔවානම් මොනවද (දී)
තුෂාර Tuesday, 16 September 2014 05:03 AM
ඕව 1960 ගණන් වල ෆිල්ම් වල තිබුණු විහිලු (දී)
කුෂාන් අවිෂ්ක Wednesday, 17 September 2014 03:05 AM
කුමාර, ඔබට තේරුම් ගන්න බැරිද ? (නදී)