(බළන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි)
ලොරියේ වම් පැත්තේ තිබූ කණ්ණාඩිය ගලවා දකුණු පැත්තට සවිකරදී මුදල් ගරාගත් තරුණයන්ගේ ගැටයට අසුවූ ලොරි රියදුරකු ගැන රසවත් පුවතක් නගරයේ ලොරි නැවතුම්පොළකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය. ඔහු කුලී ලොරි රථ රියදුරෙකි. දිනක් ඔහු කොළඹට කුලී ගමනක් ගොස් ආපසු පැමිණ බලන විට ලොරියේ දකුණු පැත්තේ සවිකර තිබූ පැති කණ්ණාඩිය අතුරුදන්ව තිබිණි. තමන්ගේ වරද නිසා තම වියදමින් කණ්ණාඩිය සවිකරගන්නා බව ඔහු ලොරි හිමිකරුට දැන්වීය. නැතිනම් රැකියාව අහිමි වන බව ඔහු දනී. පසු දිනක කොළඹ ගිය ඔහු බඩු පටවන තෙක් අතුරු වීදියක ලොරිය නවතාගෙන සිටින විට හදිසියේම මතුවූ තරුණයින් කීපදෙනෙකි.
එක් තරුණයෙක් ඔහු අමතා අයියේ මේ පැත්තෙ කණ්ණාඩිය නැහැනේ. අලූත්ම එකක් දෙන්නම් රුපියල් පන්සීයක් දෙන්න කියා තිබේ. රුපියල් දාහකට වැඩි මුදලක් වැය වන වැඬේ රුපියල් පන්සීයකින් කරගත හැකි නිසා ඊට එකඟ විය. මිනිත්තු කීපයක දී කණ්ණාඩිය සවිකර අවසන්ය.
ගනුදෙනුව බේරාගෙන අතුරුදන් තරුණයෝ පේන තෙක් මානයේ නැත. ලැබූ ලාභය ගැන සතුටට පත් ඔහු කණ්ණාඩි දෙක හරි බව බලද්දී තරු පෙනිණි. ලොරියේ වම් පැත්තේ තිබූ කණ්ණාඩිය ගලවා දකුණු පැත්තට සවිකර දී මුදල් රැගෙන ගොස් ඇති බව අවබෝධ වන විට ඔහු ප‍්‍රමාද වැඩිය. දැන් ලොරි
නැවතුම්පොළේ කථාව ... අයියාගේ කණ්ණාඩිය වගේ කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ණාඩිය ගලවා සවිකරනතුරු රියදුරු නිදාගෙනද හිටියේ? අහිංසකයා කොළඹ කාක්කන්ට අහුවෙලා වගෙයි (නි)
මේක පරණ කතාවක්. රීම් කප් වලටත් ඔය වැඩේ ඉස්සර කලානේ. (නදී)
පටිට සීන් එක. (නදී)
ඔවානම් මොනවද (දී)
ඕව 1960 ගණන් වල ෆිල්ම් වල තිබුණු විහිලු (දී)
වම් පැත්තේ කන්නාඩියක් දකුණට සවි කරන්න බෑ (නදී)
වම දකුණ මාරු කරලා සවි කරන්න බෑනේ. මේක බොරුවක්. (ස)
එහෙම කොහොමද පැති දෙක මාරුකරලා සවිකරන්නේ? (නි)
කුමාර, ඔබට තේරුම් ගන්න බැරිද ? (නදී)
එහෙම කොහොමද පැත්ත මාරු කරලා සවි කරන්නේ. (නදී)
එහෙම කොහොම ද පැති දෙක මාරු කරලා සවිකරන්නේ. මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. (ස)
පැතිමාරු කරලා කණ්ණාඩි අල්ලන්න පුලුවන්ද වාහන වලට? හැබැයි ටයර් නම් පුළුවන්. (නි)
මුසාවක් (අ)
ලොරි වල තියෙනවා පැති කන්නාඩි වර්ග ගොඩක් .සමහර ඒවා වම දකුණ බේදයක් නැතිව හයි කරන්න පුළුවන් (බ)