(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සැමියාගේ කරදර හිරිහැර නිසා තමන්ගේ දේපළද රැුගෙන නිවසට ඒම අවශ්‍ය බව දැන්වූ තරුණ බිරියක කැඳවාගෙන ඒමට මාපියන් එහි යනවිටදී දෙදෙනා කෙළිදෙලෙන් පසුවූ පුවතක් වයඹ පළාත් ගම්මානකින් ඉකුත් සති අන්තයේදී වාර්තා විය.
වසරකට දෙකකට පෙර විවාහවී ඇය වයඹ පළාතට ගියාය. දෙදෙනා නිතර අඩදබර වෙමින් පවුල් දිවිය ගත කළ අතර හත් අට වතාවක්ම බිරිය මාපිය සෙවන බලා ගියාය. එසේ ගිය සෑම අවස්ථාවකදීම සැමියා ඇය කැඳවාගෙන යාම සිරිතක් විය.
අවසන් අවස්ථාවේ සැමියා සමග පිටත්ව යන අවස්ථාවේ බිරිඳ ආයෙත් මට කරදර කළොත් බඩු මුට්ටුත් අරගන ගෙදර එන බව පැවසුවාය.
මාස කීපයකට පසු බිරිය සිය මවට දුරකථන ඇමතුමක් දෙමින් සැමියා හොඳ හැටි පහර දුන් බවත් ඒ නිසාම යළි ඔහු හා සිටිය නොහැකි බැවින් කැඳවාගෙන යාමට එන ලෙසත් ඉල්ලා සිටියාය.
එමෙන්ම තමන් දෑවැද්දට රැුගෙන ආ දේපළ ආපසු ගෙන යාමට ලොරියක් රැුගෙන එන ලෙසද ඇය මාපියන්ට දැන්වූවාය.
දියණියගේ විලාපය ඇසූ මවුපියන් ඉක්මනින් දුර කතර ගෙවා බෑනාගේ ගෙදරට ගියේ ලූණු ඇඹුල් ඇතිව දෙකක් කියා, දියණිය ගෙදර කැඳවාගෙන එන අදහස ඇතිවය.
ලොරිය මිදුලේ තබා නිවසට යද්දී බෑනා හා දියණිය සතුටින් සිනහවෙමින් හුරතල් වෙමින් සිටිනු දුටු මවුපියන් තුෂ්නිම්භූත වී තම දියණියට හොඳ හැටි බැණ වැදී ලොරියත් සමග ආපසු ගමට ආවේ රුපියල් විසිපන් දහසක් ලොරි කුලිය ලෙස ගෙවමිනිි.
උතුර දකුණ බලාගැනීමට බැරි තරමට ඔවුන්ගේ රතු ඉර පැන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිහිරි ලෙස දිවි ගෙවනා දියණිය යලි ගමට ගන්න...බොහො දුර සිට ආව නමුත් කිරි පැණි සේ සිටියි දෙදෙන.....ගමන් මගට ගොඩක් කාසි ගියත් කුමට කෝප වන්න...දියණියගේ සතුට හැකිද කාසි වලින් මිලට ගන්න..... (දී)
කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)
කොයි නෝනත් ඔහොම තමයි. එක රැයෙන් වැඩේ ෂේප් කරගන්න ඒගොල්ලෝ දන්නවා. ලොරියත් අරන් යන්න තිබුනේ ගෝරිය වෙච්ච දවසේමයි. පහුවදා දුව අරන් ගියානම් මහත්තය පස්සෙන් එනවා නැන්දම්මලගේ ගෙදර. (නදී)
ඔබ දෙපළ මාපියන් වෙන්න හිතනවානම් අනේ ටිකක් හිතන්න අහිංසක කිරිදරුවන්නම් බිල්ලට දෙන්න එපා . (අ)
කට්ටියක් බත් හැලි ගැන කතා කරනවා. බොහෝ වෙලාවට දැන් ගෙවල් වල රෑට බත් හැලි ඉදෙන්නේ නෑ. චූන් පාන් කාරයෝ හැම තැනම යනවා. (නදී)
පව් අහිංසක අම්මලා. හැම පැත්තෙන්ම තැලෙනවා. (ර)
දෙන්නා දෙමහල්ලන්ගේ දෙඹර බත් හැලිය ඉදෙනකන් විතරයි කියල කතාවක් තියෙනවනේ (නදී)
මට ආයෙත් කතාවක් මතක්වුණා. ඒ කාලේ ගෙදරක හැමදාම රණ්ඩුලු. දවසක් රණ්ඩුවෙලා පිරිමි කෙනා ගෙදරින් යන්න ගිහිල්ලා. රෑට ඒ ගැහැණුකෙනා ලතෝනි දෙනවලු "බුදු අම්මෝ මේ මිනිහා මට ගහනෝ" කියලා. අහළ පහළ අය ගිහින් බැලුවහම මේ ගැහැණු කෙනා වංගෙඩිය වහළයේ එල්ලලා පද්දලා ඇඟේ වද්දගෙනලු අර විදියට කෑ ගහන්නේ. (නි)
සහන්ගේත්,පෙරේරාගේත් අදහස් මම අනුමත කරනවා. හැබැයි ගැහැනියක් මේ හැම දේම විඳ දරා ගන්නා විට සමහර පිරිමි තව තවත් නරුම වෙනවා. එහෙම ගැහැනුන් ඉවත බලා ගත් දවසට පිරිමියාට හිතා ගන්නවත් බැරි වෙනවා. (නදී)
ආදරේ...ආදරේ... ඕකනේ ගමේ කතාවක් තියෙන්නේ කරුවලට පහන නිවලා නිදාගත්තම පාන්දර එළිය වැටෙන්නේ අලුත් දවසකින්. විදුලිය තිබෙන ගෙවල්වල දෙමහල්ලෝ හැමදාම සණ්ඩු සරුවල්.ගමේ එහෙම නැහැ මාමේ. (නි)
බැදලා වෙන් උනාම දෙමව්පියෝ මැද්දට පනින්න හොඳ නෑ. (නදී)
අර කියමනක් තියෙනවලු නේද සැමියගෙයි බිරිදගෙයි අඬදබර බත් හැලිය ඉදෙනකම් විතරයි කියල...මොකක්ද දන්නේ නැහැ එ්කේ තේරුම...? (ස)
දෑවැද්දට තව ගානක් එකතු කලා බෑනෝ.(අ)
බැන්දට පස්සේ ඒ දෙන්නාට එයාලගේ ලෝකේ ඉන්න දෙන්න. මේවාට දෙමාපියන් කලබල වෙන්න ඕනෑ නැහැ.(නදී)
මිනිස් සිත්වල ස්වභාවය තමයි මේ... (නි)
ණයක් තිබෙනවා නම් ගෙවන්නම වෙනවා කියනවනේ! (නි)
සමහර ගැහැණු - මිනිසුන්ට ගුටිබැට දෙන , ගුටිකන ඒවායින් පවා සතුට විඳින මානසික තත්වයක් තියනවා! ඒ දෙන්නට ඒවා සතුටක් වුණත් අසරණ දරුවන් ඒවා කොහොම හිතට ගන්නවද? අපේ සමාජයේ ගොඩක් අය හිංසාකාරී මානසික මට්ටමකින් පසුවීම ලොකු ගැටළුවක්. "නවක වදය"ත් මේකේ එක පැතිකඩක් . (නි)
සමහරු ආදරය වැඩිකමට බිරියට රිදවනවා. (නි)