එය නවීන විදුලි සෝපානයකි. පරිගණක තිරය මත ඇඟිල්ල තැබීමෙන් යා හැකිය. දිනක් ආරක්‍ෂක කළමනාකරු ආරක්‍ෂක නිලධාරියා අමතා ‘‘ලිෆ්ට් එක හැමදාම දවල් දොළහට ඕෆ් කරන්න. නැත්නම් කට්ටිය විනෝදෙට ලිෆ්ට් එකේ යාවි’’ යැයි කීය.
දිනක් විදුලි සෝපානය සවිකළ ආයතනයේ කාර්මිකයෝ පැමිණ එය ක‍්‍රියා විරහිතව තිබෙනු දැක, ඇයි මේක ඕෆ් කළේ යැයි විමසූහ. කෙනෙක් යනකොට විතරයි දාන්නේ ආරක්‍ෂක නිලධාරියා කීය.
‘‘මේ ලිෆ්ට් ටච් සිස්ටම් නිතරම ඔන් එකේ තියෙන්න ඕනේ. හැම වෙලේම ස්විච් එක පාවිච්චි කළොත් ඒක කැඩෙනවා. ඒකට රුපියල් ලක්‍ෂයක් වෙනවා අපේ වෙන තැන්වල ලිෆ්ට් පැය විසි හතරෙම ඔන් එකේ’’ යැයි පැවසූ ඔවුහු සෝපානය ක‍්‍රියාත්මක කර පිටවූහ.
ආරක්‍ෂක කළමනාකරු පැමිණ ‘‘ඇයි ලිෆ්ට් එක ඔන් කළේ’’ යනුවෙන් කෝපයෙන් විචාළේය. ‘‘ලිෆ්ට් නිතරම ඔන්x ඕෆ් කළොත් ස්විච් එක කැඩෙනවා කියලා සර්විස් කරන්න ආපු අය කීවා’’ ආරක්‍ෂක නිලධාරියා පැවසීය. ‘‘ ඕක ඕෆ් කරන්න.
එයාලා ඇහුවොත් මාව ගාවන්න එපා’’ ආරක්‍ෂක කළමනාකරු කීය. දිනපතාම ස්විචය භාවිතයෙන් එය කැඩිණි. ආරක්‍ෂක නිලධාරියාගේ කාර්යාලයට ඊමේලයක් ලැබිණි. ආරක්‍ෂක නිලධාරියාගේ නොසැලකිල්ලෙන් විදුලි සෝපානයේ ස්විචය කැඞී ඇත. ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු නොකළහොත් ඔබ ආයතනයට ගෙවිය යුතු චෙක්පත නවත්වන බව දන්වමි. සංචාරක නිලධාරියා ආරක්‍ෂක නිලධාරියා හමුවී ‘‘උඹව ට‍්‍රාන්සර් කරන්නලූ. ලිෆ්ට් එක කැඩුණේ උඹ නිසාලූ.
හොඳ තැනක් මම දෙන්නම්’’ යැයි කී විට, ‘‘එහේ ලිෆ්ට් තියනවාදැයි’’ ආරක්‍ෂක නිලධාරියා විමසීය. ‘ඔව්’ පිළිතුරු ලැබිණි. ‘‘බුදු අම්මෝ ලිෆ්ට් නම් ඕන් නැහැ’’ හෙතෙම පැවසීය. ‘‘ඒක පැය විසි හතරෙම ඔන් එකේ ජීවිතේට කැඩෙන් නැහැ’’ සංචාරක නිලධාරියා සිනාසෙමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක නිලධාරියා පුදුම කෙනෙක්නෙ. එයා දන්නේ කොහොමද ඒ කට්ටිය දහවල් දොළහට ලිෆ්ට් එකේ යන්නේ විනෝදෙට කියල. අනික ලිෆ්ට් එක දාල තියෙන්නේ යන එන අයගේ පහසුව පිනිසනේ. (බ)
ගොඩේ කම තමයි. (ර)
ගොඩක් ආරක්ෂක කළමනාකරුවන් මෙහෙම තමා. (ර)
බලශක්ති ඉතිරි කිරීම ගැන පාඩමක් (ම)
ආරක්ෂක කළමනාකරු වැනි අය බොහෝ විට මැරිලා උපදින්නේ සතර අපායේ. කිරිබත්ගොඩ ඥානනද හිමියන් දේශනා කරන බුදුබණ ඕන තරම් ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ. ඇයි අහල සුගතියේ යන මාර්ගය ඉගෙන ගන්නේ නැත්තේ? (ම)
එක්තරා විදේශ රටක විදුලි සෝපානයේ ගහල තියනවා ජීවිතයත් විදුලිසෝපනය වගේ නිතරම ඉහළ සහ පහළ යනවා කියලා (ම).
රෙජී සිඩ්නි . ආරක්ෂක නිලදාරියා නොවෙයි නියෝගය දීල තිබෙන්නේ .ආරක්ෂක කළමනාකරු. (බ)
ආයතනයේ සේවකයන් නිතර ලිෆ්ට් එක භාවිත නොකිරීම තමා හොද (බ)
විනෝදෙට කව්ද ලිෆ්ට් එකේ යන්නේ. මැටි කතා. විනෝදෙට යන්නේ ක්ලබ් එකට. වෙරළට. පාර්ක් එකට. (බ)
මෙයාව තනතුරට පත්කරනවිට සුදුසුකම් මොනවාද කියලා බලන්නේ නැතුව පත්වීම දීලා වගේ. (නි)
එයාගේ ගම කොහෙද දන්නේ නැහැ (නි)
පවු නේද? (නි)
ආරක්ෂක කළමනා කරුවෝ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ට වැඩිය බලවත් අය කව්රුවත් මේ ලෝකේ නැහැ කියලා. ඊට පස්සේ අහිංසක ආරක්ෂක නිලධාරීන්ට, නියාමක වරුන්ට පෙන්නන ගෙම්බර් පාට් වලින් මෝඩකම ඉස්මතු වෙනවා. කව්රුවත් කතා නොකරන නිසා මිනිහා නැගලම යනවා. අන්තිමට බිම ම ඇන ගන්නවා. (නදී)
මම නම් අැහුවමයි ලිෆ්ට් එකේ යන කට්ටිය යන්නේ විනෝදෙට කියලා. (නදී)