නියඟය නිසා සිදුවූ වගා හානිවලට වන්දි ලබාගැනීමේ අයදුම්පත සමග විවාහ සහ උප්පැන්න සහතිකවල පිටපත් අමුණා භාරදුන් අපූරු ගොවි යුවළක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
කුඹුරු අක්කර පහකට ආසන්න ප්‍රමාණයක් යල මහ දෙකන්නයේ වගාකරන ගොවි යුවළක් සිටින අතර වගාවට වැය වන මුදල් කළමනාකරණය කිරීම සහ සහනාධාර පොහොර ලබා ගැනීම සහ ගොවි සංවිධාන රැස්වීම්වලට සහභාගී වීම බිරිය සිදු කළාය.
සැමියා මුදල් ඉපයීම සඳහා දැඩි මහන්සියෙන් යුතුව කටයුතු කළ අතර බිරිය මුදල් පොලියට දීම ඉඩම් බද්දට ගැනීම ආදි විවිධ දේ සිදු කරන මුකරි බවකින් යුතු තැනැත්තියක වූවාය. මුදලට සහ ඉඩකඩම්වලට දැඩි ලෙස ඇල්මක් දක්වන කාන්තාවක ලෙස ඇය ප්‍රසිද්ධියක් ද ඉසිලුවාය.
වගා හානිවලට වන්දි ලබාදෙන බවට ආරංචිය ලද සැනින් බිරිය ගොවි ජනසේවා කාර්යාලයට ගොස් අයදුම්පතක් ද ලබා ගත්තාය. අයදුම්පත රැගෙන නිවසට පැමිණ පසු එය සම්පූර්ණ කරගන්නා ආකාරය පිළිබඳව දෙදෙනාම කල්පනා කරන්නට වූහ.
බිරියගේ වැඩිමහල් සොයුරියට කියා අයදුම්පත සම්පූර්ණ කර ගැනීමට සිතා ඇයගේ නිවසට ගියත් ඇය නොසිටි නිසා අයදුම්පත එහි තබා දෙන්නා ගෙදර පැමිණියහ. සොයුරිය විසින් සම්පූර්ණ කර තිබූ අයදුම්පත රැගෙන දෙදෙනාම ගොස් ගොවි සංවිධාන නිලධාරීන් හමු වී අයදුම්පත නිර්දේශ කර ගන්නා අවස්ථාවේ දී අවශ්‍ය ලියකියවිලිවල සහතික කළ පිටපත් අමුණන ලෙස ඔවුන් උපදෙස් ලබාදී තිබුණි.
ගොවින් ලබාදුන් වගා හානි අයදුම්පත්වල සඳහන් වගා බිම් පරීක්ෂා කිරීම ඉකුත් දිනවලදී සිදු කළ අතර කුඹුරෙන් කුඹුරට ගොස් නිලධාරීහු එම කාර්යයේ නිරත වූහ. එක් අයදුම්පතක වෙනස් ආකාරයේ සහතික පිටපත් දෙකක් අමුණා ඇති බව නිලධාරීන්ට නිරීක්ෂණය විය. ජාතික හැඳුනුම්පතේ සහ බැංකු පොතේ ඡායා පිටපත් වෙනුවට විවාහ හා උප්පැන්න සහතික වල පිටපත් අමුණා ඇති බව දුටු නිලධාරීන්ට සිනාව නතර කර ගැනීමට නොහැකි විය. අයදුම්පත අදාළ ගොවි මහතාට ලබා දී නියමිත ඡායා පිටපත් අයදුම්පතට අමුණන ලෙසට නිලධාරීහු ගොවි සංවිධාන නියෝජිතයනට උපදෙස් ලබාදුන්හ.
බිරියගේ පණ්ඩිත කම නිසා යම් අතපසු වීමක් සිදුවූ බව පසුව සැමියා අනාවරණය කිරීමත් සමග වගා හානි අයදුම්පතට විවාහ සහතිකය සහ උප්පැන්න සහතිකවල පිටපත් අමුණා ඇති කතාව ලැව් ගින්නක් සේ සෙසු ගොවීන් අතර පැතිර ගියේය. කාන්තාව අතරමගදී හමුවූ විට වගා හානි ඉල්ලුම්පත් භාර දුන්නා දැයි විමසන අවස්ථාවලදී ලුණු ඇඹුල් ඇතිව ඇය පිළිතුරු දෙන බව ද සැලවෙන අතර ඒ නිසාම දෙදෙනා ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බව ද පැවසේ.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වගා හානි වන්දි ඉල්ලන අයැදුම්පතට උප්පැන්න-විවාහ සහතිෙකත් අමුණලා