බිරිය රජයේ රැකියාවකනිරත වූ අතර සැමියාසේවය කළේපෞද්ගලිකආයතනයක ය.
දෙදෙනා සතුව ජංගම දුරකතන දෙකකි. ඔවුන් භාවිතා කළේ එකම දුරකතන සමාගමකට අයත් සිම්පත් දෙකකි. වෙනසකට තිබුණේ සැමියාගේ සිම්පත පෙර ගෙවුම් වීමත්, බිරිඳගේ සිම්පත පසු ගෙවුම් පැකේජයක් වීමත්ය. බිරියට ඇමතුමක් දීමට අවශ්‍ය වූ විට සැමියා කළේ ‘රිංග් කට්’ එකක් ගැසීමය. එවිට බිරිඳ ඇමතුමක් ලබාගනී.
සතියකට වරක් රුපියල් පනහක් රීලෝඞ් කරන සැමියා අත්‍යවශ්‍ය ඇමතුමක් මිතුරෙකුට ගන්නේ නම් එය විනාඩියකට සීමා කළේ ඔහු අරපිරිමැස්මට පුරුදු වූ අයෙකු හෙයිනි.
නොබෝදා ඔහු රුපියල් පනහක් රීලෝඞ් කළ විට රුපියල් පනස් දෙකක් ඇති බව කෙටි පණිවිඩයක් ලැබිණි. පසු දින ශේෂය පරීක්ෂා කිරීමේදී රුපියල් 34. ශත 97ක් බව සඳහන් විය. ඔහු කිසිවකුට ඇමතුමක් ගෙන නොතිබුණි. රින්ග් කට් දෙකක් පමණක් බිරිඳට ලබාදී තිබුණි. මුදල් අඩුවීම පිළිබඳව දැනගැනීමට පාරිභෝගික සේවා නිලධාරියකු හා සම්බන්ධවීමට දෙතුන් වරක් උත්සාහ කළත් අසාර්ථක විය. පසුදා උදේ නැවතත් ඉතිරි මුදල පරීක්ෂා කිරීමේදී රුපියල් හයයි ශත හැත්තෑ පහක් විය.
“මම පෙරේදා රුපියල් පනහක් රීලෝඞ් කළා. එක කෝල් එකක්වත් ගත්තේ නැහැ. ඒ වුණාට දැන් බැලැන්ස් එක රුපියල් 6.75යි. සල්ලි බහිරවයා ගිලිනවා ද දන්නෙ නැහැ” ඔහු මිතුරකුට පැවසීය. “ඕකට තමයි මචන් වැට් බද්ද කියන්නේ. දැන් සනීපයිනේ” මිතුරා පැවසුවේ සිනාසෙමිනි.
ක්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතුම් ගන්නා විට මිස රීලෝඩ් දමා දුරකථනය නිකම් තැබූ පමණින් වැට් වදින්නේ නැත.(ම)
මහේෂ්, සමහර ඒවා රින් කරනකොට අතරමඟ නතර කළත් ගණනක් කපනවා. (නි)
යහපාලනේ සළකලා තියන හැටි පේනවා නේද? (නි)
මෙයා නොදැනුවත්ව යම් සේවාවක් ක්‍රියාත්මක කරගෙන වෙන්න ඕනෑ. (නි)
යාලුවන්ගේ ලණු ගිලින්නේ නැතුව පාරිභෝගික නිලධාරියෙක් හමුවෙන්න! (නි)
ඒකනම් ඇත්ත මහේෂ්. (ර)
මගේ බිරිඳටත් ඔයදේම වුණා. නොකියම කපනවද දන්නෙ නැහැ. (නි)
මේක නම් මමත් කියන්නේ වෙන මොකක්හරි ප්‍රශ්නයක් (නි)
මම නම් හිතන්නේ යාළුවා හොරපොල් විපක්ෂයේ සාමාජිකයෙක්. වැට් ගැන ඔච්චර හොඳට දන්නේ කොහොමද? (නි)
මමත් කියන්නේ අමතර සේවාවක් ඇති (නි)
වෙනස මොනව වුණත් සාප වෙනවා (බ)
රටට ජාතියට හෙණ ගැහුනත්, ජනතාවට මොනතරම් ගැටළු මතුවුණත් සඳුන්ලගේ දෙනෙත් කවදාවත් විවරවෙන එකක් නම් නැහැ. තව තව සෙල්ලම් ඉදිරියට බලාගන්න පුළුවන් වේවි. වෙනස මාරයි. රට නම් හමාර වේගෙන එනවා. එ්ත් කට්ටිය තාම නිදි. (නි)