වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ග‍්‍රාමීය රෝහලකට ඇතුළත් වූ අයෙක් රාත‍්‍රි එහි සේවකයන්ට හා වාට්ටුවේ රෝගීන්ට නොදැනෙන ලෙස වාට්ටුවේ වැසිකිළිවල වටිනා ජල කරාම සොරාගෙන මල්ලක දමාගෙන සිටියදී සේවකයන්ගේ අතටම හසුවූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.
ඔහු කකුලේ තුවාලයකට නේවාසික ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලේ වාට්ටුවකට ඇතුළු වී සිට ඇත. මෙසේ වාට්ටුවේ සිටින අතරේ සියලූ දෙනා නින්දට ගිය පසු රාත‍්‍රි එහි වැසිකිළිවලට ගොස් ජල කරාම ගලවාගෙන මල්ලක දමා ගෙන තිබේ.
රෝහලේ සේවකයන් උදේ වැසිකිළිවල ජලකරාම නැති වී තිබෙනු දැක ඒ ගැන විමසිලිමත් වී සොයද්දී එදින ටිකට් කපා නිවසට යාමට සූදානම්ව සිටි රෝගී තරුණයෙක් ගැන සැක සිතී ඔහුගේ ගමන් මල්ල හොරෙන් පරීක්‍ෂා කර ඇත. නැති වූ ජලකරාම ඔහුගේ රෙදි අතරේ සඟවාගෙන තිබෙනු දැක සේවකයන් ”තමුසේ මරු මිනිහෙක්නේ? නොමිලේ දෙන බෙහෙත් ටිකත් අරන් වාට්ටුවටත් පාඩු කරලද යන්නේ. තමුසෙලට දෙන්න වෙනම දඬුවම් හදන්න ඕනෑ” කියා පවසා රෝගියෙකු මුවාවෙන් ඇතුල් වූ සොරා අල්ලා පොලිසියට බාර දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගම් ගහගන්න බලන්නේ නැතිව කතාවට අදාලව කොමන්ට් එකක් දාල නිහඩ ආශ්වාදයක් ලබමු. හැමෝම එකයි (දී)
---''නිදහස් සෞඛ්‍ය ''---හා නිදහස් ජල සම්පාදන උපකරණ.(නදී)
මෙතන සංගම් ගහන්න ඉඩ නොදීම ගැන එසැණට මගේ ප්‍රණාමය .(නදී)
නොමිලේ බෙහෙත් ටිකත් අරගෙන රෝහලේ වතුර කරාම ටිකත් හොරෙන් ගලවාගෙන යන කාලයක්. හැමෝම කියයි දිළිඳු කම එහෙමත් නැත්නම් නැතිබැරි කම කියල. (දී)
දැන් අමුතුම ලංකාවක් (අ)
මං නම් කියන්නේ අත පය හතර හොදට තියෙන කෙනෙක් හොරකම් කරලා අහු උනොත්, දැඩි දඩුවම් දෙන්න ඕනේ නැත්නම් ආයේ ඔවැනි දේ කරන්න බැරි වෙන්න අත පය හතර කඩා දාන්න ඕනේ (අ)
"ගෙදර ලමයි බඩගින්නෙද දන්නෙ කවුද." ඉතින් හලෝ බඩගින්නට කරාම කවලා හරියනවද? (නදී)
පොඩි දෙයක් හොරකම් කලත් ලොකු දෙයක් හොරකම් කලත් හොරකම හොරකමම තමයි (දිල්)
මේක මොකකක්ද .ඔයිට වඩා ලොකු හොරු ඉන්නේ ලොකු ලොකු තැන් වල .(අ)
රුපිලක් හොරකම් කලත් රුපියල් කෝටියක් හොරකම් කලත් හොරකමට ලැබෙන්නේ එකම විපාකයම තමයි (අ)
නිලූ ඔබ බොහෝ දුරට හරි. මට මේ සිදුවීම දුටුවම හරි කනගාටුවක් මගේ රට ගැන ඇති උනා. කරාමයක් හොරකම් කරන්නේ ප්‍රාඩෝ ගන්න නෙවෙයි. ඔය ප්‍රාඩෝ වල යන අය ගෙන්නපු කුඩු ගන්නත් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් සුළු හොරා මාට්ටු. මහා හොරු නිදැල්ලේ.(නදී)
අනේ මන්දා සුසන්ත කවදා හැදෙයිද කියලා. ඔයාල වගේ අයට නහය ලඟින් වතුර යනකන් තේරෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර තියන දේවල් දැන් දෙන්නකෝ ඔච්චර හිතට දුක නම්.(නදී)
විදුර, මෙවැනි වරදකට ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනානම්, මහා පරිමානෙන් රටේ සම්පත් ගසාකන ලොකු අයට මොකද්ද දෙන දඬුවම.(නදී)
මෙහෙම මිනිස්සුන්ව නම් ඇත්තටම ජීවිතාන්තය තෙක්ම හිරේ දාන්න ඕනා. (නදී)
ලෙඩාව කවුරුත් සැක කරන්නේ නැහැ (දී)
හොරකම අනුමත කරනවා නෙමේ.ඔය ලොකු අය කරන හොරකන් කොටි ගනන් වලින් ඒවා හොයලා එදා වේල මේවගේ දෙයින් හොයන අයට සහනයක් දුනොත් නරකද.කරාමේ වීකුණලා ප්‍රාඩෝ ගන්න බැනේ.සමහර විට ඇත්ත කතාව දඩුවන් දෙන්න කියන අයගේ ඇස් වලට කදුලක් එක් කරන්න පුලුවන්.මොකද හැම දේකම දෙපැත්තක් තිබෙන නිසා. (දී)
සුසන්ත මහත්තයෝ ,ගෙදර ළමයි බඩගින්නේ කියලා රෝහලේ වාට්ටුවේ කරාම ගලවන් ගියාම හරියනවද ?''.(අ)
ප්‍රදීපා, ඔයා හරි, මට හිතුනෙත් ඒ ටිකම තමා.., මේවට කියන්න දේ හිතට එන්නේ නැහැ, ජම්මෙට වඩා ලොකුයිලු පුරුද්ද.(නදී)
කරපු වෑඩේ වැරදි තමයි. ලංකාවෙ ඉන්න හොරු දිහා බලපුවාම මේකා අහිංසකයෙක්. (නදී)
සංවර්ධනය මුවාවෙන් කරන සුපිරි හොරකම්වලටත් මේ වගේම ප්‍රචාරයක් දෙන්න.(නදී)
ප්‍රදීපා, නියම ප්‍රතිචාරය. මටත් ඕකමයි කියවපු ගමන් හිතුනේ.(නදී)
ගෙදර ලමයි බඩගින්නෙද දන්නෙ කවුද. (නදී)
මේ වගේ අවස්ථාවකට තමයි හොඳට ගැලපෙන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ " සොර දෙටුවෙක්, කස තැලුම් කක...දන්ගෙඩියට ගෙන යන ගමනේ....වදක බෙරේ දැක, සොරාගන්න එය කදිමයි ලොබ සිතුවාලු....කදිමයි ලොබ සිතුවාලු.....අනේ මෙහෙම තණ්හාවක්....අනේ මෙහෙම ආශාවක්.....මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්......" (නදී)
මේ වගේ නොහොබිනා වැඩ නැවත නොකරන්න හොද දඩුවමක් දෙන්ඩ ඕනි නිකන් දෙන බෙහෙත් ටිකටත් පව් (දිල්)
මෙන්න අලුත්ම ජාතියේ හොරකම් කිරීමේ ක්‍රමයක්. හෙට අනිද්දා වන විට රට පුරා මේ ක්‍රමය ක්‍රියාත්මක වෙයි. දෙන්න තිබුනේ කැඩුම් බිදුම් වෙදෙක් ගාවට යන්න.(නදී)
මෙහෙමත් මිනිස්සු . ලෝකේ අපේ රටේ විතරයි නොමිලේ බෙහෙත් ටික දෙන්නේ. ඒකත් අරගෙන කරන ජරා වැඩ තරනවට සමාවක් දෙන්නම එපා. ඉන්දියාවේ ඉගෙන ගන්නත් ලක්ෂ ගණන් සල්ලි ඕනේ බෙහෙත් වලටත් සල්ලි ඕනේ මේ අය ඉපදෙන්න තිබ්බේ ඉන්දියාවේ.(නදී)