වචනයේ තේරුම හරි හැටි අවබෝධකර නොගත් පොලිස් නිලධාරින් දෙදෙනකු නිසා අහිංසක වඩුකාර්මිකයකුට මුහුණ දීමට සිදුවූ ජංජාලයක් පිළිබඳ පුවතක් බලපිටියෙන් වාර්තාවේ. හේ බස්නාහිර පළාතේ නගරයක වඩු කර්මාන්තයේ නිරත වී සිටියේය. බාරගත් වැඩ කොටස අවසන් වූ ඔහු සිය උපකරණ තොගය පෝර බෑගයක අසුරාගෙන එය යතුරු පැදියේ පිටුපස ගැටගසා නිවෙස කරා යමින් සිටියේය. එසේ යතුරු පැදියෙන් නිවෙස කරා යමින් සිටි ඔහුට අතරමගදී අතපෑ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සිය යතුරු පැදිය නතර කරන ලෙස සංඥා කළහ. ඒ සංඥාවට අනුව යතුරු පැදිය ඔහු නතර කළේය. ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුගේ යතුරු පැදිය පිටුපස ගැට ගසා තිබූ පෝර බෑගය දෙස බලා මේ මොනවාදැයි ඇසූහ. ආ සර් මේ ආයුධ යයි ඔහු කීවිට ආ ‘‘උඹ එනකම් තමයි අපි හිටියේ’’ යයි කියමින් ඔහුට කිසිදු වචනයක් කතා කිරීමටවත් ඉඩ නොදෙමින් යතුරු පැදියේ යතුර ගලවාගෙන ටිකක් දුරට පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් යතුරු පැදිය දෙස බලාහුන්හ. ඒ සමගම ඔවුන් දෙදෙනා සිය පොලිස් ස්ථානයට ජංගම දුරකතන ඇමතුමක් ද දුන්නාහ. කිසිවක් නොදත් වඩුකාර්මිකයා තමාට මේ මොනවා වෙන්න යනවාදැයි මොහොතක් කල්පනා කරමින් සිටියේය. ඒ සමගම පොලිස් නිලධාරීන් පිරිවරාගෙන පිම්මේ පැමිණි ජීප් රථයක් වඩුකාර්මිකයා අසල නතර කළේය. දඬිපඬි ගා එයින් බැසගත් පොලිස් නිලධාරීහු වඩුකාර්මිකයාගේ යතුරු පැදියේ පිටුපස ගැට ගසා තිබූ පෝර බෑගය පරීක්ෂා කළහ. එය දුටු පොලිස් නිලධාරීන් එකිනෙකා මුහුණට මුහුණ බලා ගත්හ. එම බෑගයේ යතු කැටයක්, නියනක්, කියතක්, මිටියක් වැනි දෑ තිබෙනු දුටු පොලිස් නිලධාරීන්ට සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි කාලයක් ගත නොවීය. යතුරු පැදිය නතර කළ පොලිස් නිලධාරීන්ට හොඳටම දෙහිකැපූ ජීප් රථයෙන් පැමිණි පොලිස් නිලධාරීහු තිබූ විදිහටම මේ බෑගය යතුරු පැදියේ පිටුපස ගැට ගසා මේ වඩුකාර්මිකයා ඉක්මනටම පිටත්කර යවන ලෙසත් ඔවුන් දෙදෙනාට උපදෙස් දුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට දැන් පිස්සොත් රිංගලා වගේ
මේ වගේ නිලධාරින් නිසා දවසට මොනතරම් මිනිසුන් අමාරැවෙ වැටෙනවා ඇත්ද??
ආයුධ කියපු ගමන් තරු මතක් වෙන්න ඇති
ජෝකර්ලා
අයියෝ සල්ලි...
අපේ අලි අයිය කීවොත්...ඔහොම කතාවක්ම තමා ඕන්...........
හැම නීතියක්ම දුප්පතාට තමයි
අලිබබා අයියත් දන්න දේවල්
මේ වගේ අය නිසා කී දෙනෙක් අමාරුවෙද?
ලංකාවේ පොලිසිය කොහොමත් මේ වගේ වැඩ වලට දක්ෂයිනේ
හොයල බලන් නැතුව වැඩ කරනවට හොද වැඩේ විලි ලැජ්ජාවේ බෑ චෙක් කරන්න තිබ්බෙ අර දෙන්නව
ඇයි 88 ,89 කාලයේ සිසුන් පිරිසක් හිටපු කාමරයක් පරීක්ෂා කිරීමෙිදී ගමිපෙරලිය පොත මේසයක් උඩතිබිලා අහුවෙලා හරි අල කලංචියක් උනේ ...
අලි බබාගෙ කතාවත් මරු ඈ...
හොද රාළහාමිලා දෙන්නෙක්නේ.ඒ අය හිතන්න ඇති ප්‍රොමෝෂන් ගන්න
ඔන්න ලංකාවෙ පොලිසිය... මේවගේ නිලධාරි නිසා කීදෙනෙක් අමරැවෙ වැටෙනාවා ද??
වඩුවයි බලයයි කිවුවලු
පොල් ගස් නැගපු අයට ඔහොම රස්සා දුන්නමත් එහෙම වෙනවා
මම හිතන්නේ ඒ නිළධාරි දෙන්නා හරි මොකද ආයුධ නම් අත්අඩංගුවට ගන්න ඕනෙ ඔන්
''සරාගොයියා හිරිමිනිහා"" කියන සිංදුව මතක්වුණා
මේ නිලධාරීන් වහින වෙලාවටවත් ඉස්කෝලෙ පැත්තෙ ගිහින් නැද්ද දන්නෙ නෑ...
පිස්සු තමයි
පොලිසියේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු, ඒ අයට නිසි පුහුණුවක් නැති උනාම මෙහෙම වෙනවා. විශේෂයෙන් 1988-1989 කාල වල ආයුදයක් හසුරුවන්න උගන්වල රාජකාරි වලට යෙදෙව්ව. කොටින්ම කසිප්පු පෙර පෙර හිටපු තරුණයෙක් 1988-1989 කාලයේ පොලිසියට බැඳුනා. 8 වත් පාස් නැහැ. ඉතින් මෙවැනි අය රොබෝ ලා වගේ තමයි.
කොහොමද සාමාන්‍ය දැනුම? අති විශිෂ්ටයි සර්...!
ඔන්න ලංකාවෙ පොලිසිය... මේවගේ නිලධාරි නිසා කීදෙනෙක් අමරැවෙ වැටෙනාවා ද?
අලිබබාගේ කථාව මුල කථාවට වඩා හොදයි වගේ
අල බබාගෙ කතාව හරිම ලස්සනයි
දුප්පත් පවුලක අමිමයි පුතයි ජීවත් වුනා. පුතාගේ වයස අවුරැදු අටක්පමණ ඇති. දුප්පත්අමිමා ගල්වැඩපලක ගල්කඩලයි ජීවත්වෙන්නේ. දවසක් වැඩපලට ගිය අවස්ථාවෙි වැටඩ අදින රෙදිකඩ ගෙනත් නැතිබව දැක අමිමා පුතාට කියනවා. පුතේ අර ගෙදර වැලේවනපු රෙද්ද අරගෙන එන්න කියා. පොඩිඑකා ඉක්මනට ගෙදරගොස් පමිමල්ලට රෙද්දදමාගෙන එන අතරවාරයේදී මෙය දුටු පොලිස් රාලාහමි කෙනෙක් ලමයෝ ඔය මල්ලේ මොනවාදැයි පුශ්ණකර ඇත. පොඩිඑකා ගත්කටටම අමිමගේ රෙද්ද යනුවෙන් පිළිතුරැ දී ඇත. රාලහමි නැවතත් එම පුශ්ණයම ළමයාගෙන් විමසු විට පෙර ලෙසම අමිමගේ රෙද්ද යනුවෙන් පිළිතුරැදීමත් සමගම රාලහාමි උඔ ඔය කාටද කතාකරන්නේ පොඩිකමටද කතාකරන්නේ කියා පොඩිඑකාට ටොක්කක් ඇන කනමිරිකා පසුව පරික්ෂාකිරීමෙිදී ඇත්තටම අමිමට අදින්න ගෙනියන රෙද්ද නේන්නමි ඒකේ තිබිලා තියෙන්නේ. මෙිකත් ඒවගේ වැඩක් තමයි. දුරදිග නොසොයා නොබලා වැඩකිරීමෙන් මෙවැනි දේ සිදුවෙනු ඇත.