IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


වඩු ආයුධ දුටු පොලිස් නිලධාරිහු පොට වරද්දාගන

වචනයේ තේරුම හරි හැටි අවබෝධකර නොගත් පොලිස් නිලධාරින් දෙදෙනකු නිසා අහිංසක වඩුකාර්මිකයකුට මුහුණ දීමට සිදුවූ ජංජාලයක් පිළිබඳ පුවතක් බලපිටියෙන් වාර්තාවේ. හේ බස්නාහිර පළාතේ නගරයක වඩු කර්මාන්තයේ නිරත වී සිටියේය. බාරගත් වැඩ කොටස අවසන් වූ ඔහු සිය උපකරණ තොගය පෝර බෑගයක අසුරාගෙන එය  යතුරු පැදියේ පිටුපස ගැටගසා නිවෙස කරා යමින් සිටියේය. එසේ යතුරු පැදියෙන් නිවෙස කරා යමින් සිටි ඔහුට අතරමගදී අතපෑ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සිය යතුරු පැදිය නතර කරන ලෙස සංඥා කළහ. ඒ සංඥාවට අනුව යතුරු පැදිය ඔහු නතර කළේය. ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුගේ යතුරු පැදිය පිටුපස ගැට ගසා තිබූ පෝර බෑගය දෙස බලා මේ මොනවාදැයි ඇසූහ. ආ සර් මේ ආයුධ යයි ඔහු කීවිට ආ ‘‘උඹ එනකම් තමයි අපි හිටියේ’’ යයි කියමින් ඔහුට කිසිදු වචනයක් කතා කිරීමටවත් ඉඩ නොදෙමින් යතුරු පැදියේ යතුර ගලවාගෙන ටිකක් දුරට පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් යතුරු පැදිය දෙස බලාහුන්හ. ඒ සමගම ඔවුන් දෙදෙනා සිය පොලිස් ස්ථානයට ජංගම දුරකතන ඇමතුමක් ද දුන්නාහ. කිසිවක් නොදත් වඩුකාර්මිකයා තමාට මේ මොනවා වෙන්න යනවාදැයි මොහොතක් කල්පනා කරමින් සිටියේය. ඒ සමගම පොලිස් නිලධාරීන් පිරිවරාගෙන පිම්මේ පැමිණි ජීප් රථයක් වඩුකාර්මිකයා අසල නතර කළේය. දඬිපඬි ගා එයින් බැසගත් පොලිස් නිලධාරීහු වඩුකාර්මිකයාගේ යතුරු පැදියේ පිටුපස ගැට ගසා තිබූ පෝර බෑගය පරීක්ෂා කළහ. එය දුටු පොලිස් නිලධාරීන් එකිනෙකා මුහුණට මුහුණ බලා ගත්හ. එම බෑගයේ යතු කැටයක්, නියනක්, කියතක්, මිටියක් වැනි දෑ තිබෙනු දුටු පොලිස් නිලධාරීන්ට සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි කාලයක් ගත නොවීය. යතුරු පැදිය නතර කළ පොලිස් නිලධාරීන්ට හොඳටම දෙහිකැපූ ජීප් රථයෙන් පැමිණි පොලිස් නිලධාරීහු තිබූ විදිහටම මේ බෑගය යතුරු පැදියේ පිටුපස ගැට ගසා මේ වඩුකාර්මිකයා ඉක්මනටම පිටත්කර යවන ලෙසත් ඔවුන් දෙදෙනාට උපදෙස් දුන්හ.



අදහස් (0)

වඩු ආයුධ දුටු පොලිස් නිලධාරිහු පොට වරද්දාගන

පිලට් කොටා Monday, 28 May 2012 11:56 AM

අයියෝ සල්ලි...

:       0       0

සරත් මාලේ Saturday, 26 May 2012 01:36 PM

ඔන්න ලංකාවෙ පොලිසිය... මේවගේ නිලධාරි නිසා කීදෙනෙක් අමරැවෙ වැටෙනාවා ද??

:       0       0

අලිබබා Saturday, 26 May 2012 01:51 PM

දුප්පත් පවුලක අමිමයි පුතයි ජීවත් වුනා. පුතාගේ වයස අවුරැදු අටක්පමණ ඇති. දුප්පත්අමිමා ගල්වැඩපලක ගල්කඩලයි ජීවත්වෙන්නේ. දවසක් වැඩපලට ගිය අවස්ථාවෙි වැටඩ අදින රෙදිකඩ ගෙනත් නැතිබව දැක අමිමා පුතාට කියනවා. පුතේ අර ගෙදර වැලේවනපු රෙද්ද අරගෙන එන්න කියා. පොඩිඑකා ඉක්මනට ‍ගෙදරගොස් පමිමල්ලට රෙද්දදමාගෙන එන අතරවාරයේදී මෙය දුටු පොලිස් රාලාහමි කෙනෙක් ලමයෝ ඔය මල්ලේ මොනවාදැයි පුශ්ණකර ඇත. පොඩිඑකා ගත්කටටම අමිමගේ රෙද්ද යනුවෙන් පිළිතුරැ දී ඇත. රාලහමි නැවතත් එම පුශ්ණයම ළමය‍ාගෙන් විමසු විට පෙර ලෙසම අමිමගේ රෙද්ද යනුවෙන් පිළිතුරැදීමත් සමගම රාලහාමි උඔ ඔය කාටද කතාකරන්නේ පොඩිකමටද කතාකරන්නේ කියා පොඩිඑකාට ටොක්කක් ඇන කනමිරිකා පසුව පරික්ෂාකිරීමෙිදී ඇත්තටම අමිමට අදින්න ගෙනියන රෙද්ද නේන්නමි ඒකේ තිබිලා තියෙන්නේ. මෙිකත් ඒවගේ වැඩක් තමයි. දුරදිග නොසොයා නොබලා වැඩකිරීමෙන් මෙවැනි දේ සිදුවෙනු ඇත.

:       0       0

සෝමදාස Sunday, 27 May 2012 04:47 PM

පොලිසියට දැන් පිස්සොත් රිංගලා වගේ

:       0       0

ඉන්දික ජයසූරිය ඩුබායි Saturday, 26 May 2012 02:25 PM

අල බබාගෙ කතාව හරිම ලස්සනයි

:       0       0

සමීර Saturday, 26 May 2012 02:41 PM

අලිබබාගේ කථාව මුල කථාවට වඩා හොදයි වගේ

:       0       0

ෂාන් සෞදිඅරාබිය Saturday, 26 May 2012 03:03 PM

ඔන්න ලංකාවෙ පොලිසිය... මේවගේ නිලධාරි නිසා කීදෙනෙක් අමරැවෙ වැටෙනාවා ද?

:       0       0

චමි Tuesday, 29 May 2012 07:13 AM

ආයුධ කියපු ගමන් තරු මතක් වෙන්න ඇති

:       0       0

අමල් Sunday, 27 May 2012 06:45 PM

හොද රාළහාමිලා දෙන්නෙක්නේ.ඒ අය හිතන්න ඇති ප්‍රොමෝෂන් ගන්න

:       0       0

සුදු නංගා Sunday, 27 May 2012 06:49 PM

අලි බබාගෙ කතාවත් මරු ඈ...

:       0       0

නෙත් Sunday, 27 May 2012 06:55 PM

ඇයි 88 ,89 කාලයේ සිසුන් පිරිසක් හිටපු කාමරයක් පරීක්ෂා කිරීමෙිදී ගමිපෙරලිය පොත ‍මේසයක් උඩතිබිලා අහුවෙලා හරි අල කලංචියක් උනේ ...

:       0       0

හපනා Saturday, 26 May 2012 04:39 PM

කොහොමද සාමාන්‍ය දැනුම? අති විශිෂ්ටයි සර්...!

:       0       0

ජීවන්ත Saturday, 26 May 2012 04:53 PM

පොලිසියේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු, ඒ අයට නිසි පුහුණුවක් නැති උනාම මෙහෙම වෙනවා. විශේෂයෙන් 1988-1989 කාල වල ආයුදයක් හසුරුවන්න උගන්වල රාජකාරි වලට යෙදෙව්ව. කොටින්ම කසිප්පු පෙර පෙර හිටපු තරුණයෙක් 1988-1989 කාලයේ පොලිසියට බැඳුනා. 8 වත් පාස් නැහැ. ඉතින් මෙවැනි අය රොබෝ ලා වගේ තමයි.

:       0       0

මලිත් මධූශාන් Sunday, 27 May 2012 08:48 PM

හොයල බලන් නැතුව වැඩ කරනවට හොද වැඩේ විලි ලැජ්ජාවේ බෑ චෙක් කරන්න තිබ්බෙ අර දෙන්නව

:       0       0

රිෂාන් Saturday, 26 May 2012 06:17 PM

පිස්සු තමයි

:       0       0

කෙවින් Sunday, 27 May 2012 09:35 PM

ලංකාවේ පොලිසිය කොහොමත් මේ වගේ වැඩ වලට දක්ෂයිනේ

:       0       0

ඌරැබෙක්කෙ දුමන්ද Saturday, 26 May 2012 08:04 PM

මේ නිලධාරීන් වහින වෙලාවටවත් ඉස්කෝලෙ පැත්තෙ ගිහින් නැද්ද දන්නෙ නෑ...

:       0       0

සරත්[.male] Sunday, 27 May 2012 11:12 PM

මේ වගේ අය නිසා කී දෙනෙක් අමාරුවෙද?

:       0       0

විජය කටුනායක Saturday, 26 May 2012 09:21 PM

''සරාගොයියා හිරිමිනිහා"" කියන සිංදුව මතක්වුණා

:       0       0

ධම්මික Saturday, 26 May 2012 09:39 PM

මම හිතන්නේ ඒ නිළධාරි දෙන්නා හරි මොකද ආයුධ නම් අත්අඩංගුවට ගන්න ඕනෙ ඔන්

:       0       0

වසන්ත Saturday, 26 May 2012 09:53 PM

පොල් ගස් නැගපු අයට ඔහොම රස්සා දුන්නමත් එහෙම වෙනවා

:       0       0

සකල බුජන් Sunday, 27 May 2012 12:03 AM

වඩුවයි බලයයි කිවුවලු

:       0       0

සන්ජීව Monday, 28 May 2012 08:55 AM

අලිබබා අයියත් දන්න දේවල්

:       0       0

නාමල් Monday, 28 May 2012 09:13 AM

හැම නීතියක්ම දුප්පතාට තමයි

:       0       0

දසුන් අයියා Monday, 28 May 2012 08:26 PM

ජෝකර්ලා

:       0       0

චුටි අයිය Tuesday, 29 May 2012 12:55 PM

මේ වගේ නිලධාරින් නිසා දවසට මොනතරම් මිනිසුන් අමාරැවෙ වැටෙනවා ඇත්ද??

:       0       0

රුවන් නගා Monday, 28 May 2012 10:34 AM

අපේ අලි අයිය කීවොත්...ඔහොම කතාවක්ම තමා ඕන්...........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 386 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 1003 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 683 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 881 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 295 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 165 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 406 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site