පියාගේ බේබදුකම නිසා ඉගෙනීම් අතහැර අගනුවර රැකියාවකට ගිය ඇය තමා උපයන මුදලින් කොටසක් යෙහෙළියක අත මිත්තනියට එව්වේ ගෙදර අන් කිසිවකු විශ්වාස නැති නිසාය. මිත්තනිය ද මාසිකව එවන ඒ මුදල ආරක්‍ෂා සහිතව සඟවා තැබුවේ ඇය ආවිට ආපසු දීමටය. ගෙදරට මුදල් ගෙනැවිත් දුන් යෙහෙළිය පසුගියදා ඇයට කීවේ මිත්තනිය රෝගී වී රෝහල් ගතකර ඇති බවය. මිත්තනිය බැලීමටත් තමා දුන් මුදල පිළිබඳව සෙවීමටත් ඇය නිවෙසට පැමිණ කෙළින්ම ගියේ රෝහලටය. තමා වෙත එවූ මුදල් සඟවා ඇති තැන කීමට තරම් මිත්තනියට හොඳ සිහියක් තිබුනි. නිවෙසට ගොස් ඇය කී ස්ථානය අත පත ගා බැලූ ඇයට තරු පෙනිණි. පත්තර ගොඩක් අස්සේ තිබූ රුපියල් දෙදහසේ කොළ දෙකක් හැරෙන්නට ඇගේ හැඹිලියත් සෙසු මුදලත් හඳුනාගත නොහැකි සේ වේයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුනාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදියට මිත්තණිය දන්න හොදම විදියට තමයි මේ සල්ලි පරිස්සම් කරලා තියෙන්නේ.ඒත් මේ නංගි පොඩ්ඩක් මොළේ කල්පනා කළා නම් අද සල්ලිත් තියෙනවා.පොළියකුත් තියෙනවා
පවු, දුප්පතාටම තමයි තිරිසන්නුත් අරියාදු කරන්නේ
පියාගෙම වැඩක්ද දන්නැ
පවු අහිංසක මිනිස්සු
අනේ ඉතින් මුළු ලෝකයටම වැඩිය ආච්චි අම්මනේ ඒ ළමයට ඉන්නේ. පවු ඉතින්. සමන්ත නෑයොත් වේයොත් වේයෝ වගේ කියල කතාවක් තියෙනවා. අහල නැද්ද
නංගිට අපේ එකවුන්ට් එකක් දෙමු
දුප්පත් කම නිසා නේ
ලිපිනය එව්වොත් උදව් කරන්නම් , බොරුවක් නෙවෙයි නම් .
බලන්න දෙදහසේ කොළ වේයෝවත් කන්නේ නෑ! මහ බැංකුවට වෙන්නේ අනිත් සල්ලි කොලත් ඒ විදියටම ප්‍රින්ට් කරන්න.
අපේ සමහර ප්‍රතිචාර එවන අය මහ පණ්ඩිතයෝ.එයාලා එවන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ අදහස්.එහෙම හොද නෑ.අපි කරදරයට පත් වුණු අයට අනුකම්පා කරන්න ඕනි
අනේ පව්..
විනාශ වෙච්ච නෝට්ටු ටික බැංකුවට දුන්න නම් අළුත් ඒවා ගන්න පුලුවන්
අනේ කාටහරි පුලුවන්නම් ඒ ළමයට උදව් කරන්න බැංකුවක් මාර්ගයෙන් හරි විනාශ වෙච්ච මුදල් වල වටිනාකම ලබාගන්න. දිරිමත් සොයුරියක්. රටේ බැංකු පද්ධතිය ගැනත් දැනුමක් තිබුණනම් මොන තරම් වටිනවද ඒ ළමයට.
නංගි පොඩ්ඩක් අද කලේ තව ටිකක් දැනුවත් වෙන්න ඕනේ නේද ..
හිතට කොච්චර දුකක් දැනෙන්න ඇතිද අනේ පව්
පව් නම් තමා එත් අද වගේ දියුණු වෙච්ච කලෙක ඔය වගේ දෙයක් අහන්න ලැබීම අභාගයක් ..
වක්කඩේ හකුරු හැංගුව වගේ
අහිංසක මිනිස්සු. හිතට කොච්චර දුකක් දැනෙන්න ඇතිද ?පවු මේ දෙන්න ගැනම දුකයි.
EZ cash කළනම් කරදයක් නෑනෙ.. ආච්චිට
අනේ දුක හිතෙනවා දෙන්නගැනම
අහින්සකයන්ටමයි හැම විපතක්ම වෙන්නේ...
මේක මොකක්ද අපේ දේශපාලන වේයෝ මහජන මුදල් කාබාසිනියා කරන කෙරිල්ලත් එක්ක බැලුවහම
පවු මට මේ දෙන්න ගැනම දුකයි.අහිංසක මිනිස්සුන්ටම තමයි මේවා වෙන්නේ.
වේයාට නඩු දාමුකෝ
තරු බලන්න ඕන නම් නියම වැඩේ ..
අනේ මේ ළමය බැංකු ගිණුම් ගැන දන්නේ නැද්ද ?
පවු දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි.දුප්පතාට තමයි හැම ගිනි ගෙඩියක්ම පාත් වෙන්නේ
ලංකාවේ කොච්චර බැංකු ප්‍රමානයක් තියනවද? මොකද තමුන්ට කියල ගිණුමක් හදාගන්ඩ දැනුමක් නැද්ද?
මෙවට හිනා වෙන්න එපා...
මොනවා කරන්නද ? ආච්චිට එවපුවනේ ඉතුරු කරල තියෙන්නේ...
අය්යෝ සල්ලි...
හිතන්නත් අමාරුයි...මේක ලංකාවේ සිදුවීමක්ද ???
වේයත් දන්නවා රුපියල් දෙදහසේ වටිනාකම. ඒකනේ ඉතුරු කරල තියෙන්නේ
අර ආච්චිලා ඉස්සර කාලේ ඉදන් සල්ලි හංගන්නේ බැංකුවේ දාන්න අමතක වෙලාද? අයියෝ සල්ලි
දුක්වෙන්න එපා ටිකක් හරි උගත් කමක් ඇති කෙනෙක් නැති එකේ පාඩුව තමයි....
වේයා හොඳට පරිස්සම් කරලා ...
අහිංසක මිනිස්සුන්ටම තමයි මේවා වෙන්නේ.
ලංකාදීප පත්තර ගොඩක් අස්සේ හැංගුවවද්ද?
අපිව කන්නෙම නෑයොයි, මීයොයි, වේයොයි,