මනා ලෙස තිබූ කෙස් කළඹක් නවීන පන්නයට සකස් කර ගැනීමට රූපලාවන්‍ය ආයතනයකට ගිය තරුණියකට සිය කෙස් කළඹ සම්පූර්ණයෙන් අහිමි වීමේ පුවතක් හංවැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධියට මුහුණ පෑවේ හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ තරුණියකි. ඇය සිය කෙස් කළඹ සකස් කිරීමෙන් පසුව හිසකෙස් ගැලවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. අනතුරුව ඇය හෝමාගම රජයේ මූලික රෝහලින් ප‍්‍රතිකාර ලැබූවද රෝහලෙන් පිටව යෑමට සිදුවූයේ ප‍්‍රතිඵල රහිතවය. දැන් ඇයට කළින් තිබූ කෙස් කළඹ ද අහිමිය. මේ සිද්ධියට මුහුණ පෑ තරුණිය පියා ද කැටුව පොලීසියට පැමිණ රූපලාවන්‍යාගාරයට එරෙහිව පැමිණිල්ලක් කර ඇති බව ද දැනගැනීමට ඇත. පොලීසිය පරීක්‍ෂණ අරඹා ඇතත් ඇයට අහිමි වූ කෙස් කළඹ යළි ලැබීම නම් ස්ථිර නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමත් ජල්තර, වැඩෙත් ජල්තර. (නි)
හොද වැඩේ. අනෙක් මෝඩ කාන්තාවන්ටත් හොද පාඩමක්. (නි)
මේ විෂය ගැන කිසිම තේරුම්ක නැති කෙනෙක්. (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම් (නි)
රූපලාවන්‍යය කටයුතු වලට නම් ඉතින් කවුරුත් ආසයිනේ (නි)
හී හී හී හී.... (නි)
ගමේ නමත් ජල්තර, වැඩෙත් ජල්තර. (නි)
අයියෝ සල්ලි! (නි)
පුදුම ජල්තරයක්නේ. (නි)
තමන්ගේ තියෙන ලස්සන හොදයි..!! නවපනන්නයට ලස්සන වෙන්න යන අයට යස පාඩම..!!(නු)
මොඩ් වෙන්න දගලන නංගිලා, මල්ලිලා සහ අක්කලාට මේවා හොද පාඩම්. (නි)
දෙවියන් උප්පත්තියෙන් දුන් දේවල් වලට වැඩියෙන් හොද දේවල් බලෙන් කරගන්න යනවට ඕවා හොද පාඩම් දුවේ. (නි)
මොකක්ද මේකේ ලාබයක් ගැන කියලා තියෙන්නේ? (නි)
නියමයි. මට නම් ඔහොම ගෑණු පෙන්නන්න බැහැ. (නි)
මේ සැලුන් එකට විරුද්ධව නඩු දාන්න ඕනෑ. (නි)
පව් මේ කාන්තාව.. මං හිතනවා ඉක්මනට ආපහු කොණ්ඩය වැවෙයි කියලා..!!(නු)
පිට දිගේ වැටෙන පතෝල කරලක් වගේ කොණ්ඩෙ ගොතාගෙන හිටිය අපේ කාන්තාවන් කොයිතරම් ලස්සනද? කොණ්ඩෙදිගට දාලා හැම උදේම එනවා යන ළමා ගීතය මතක් උණා..!!(නු)
තට්ටෙත් පැෂන් එකක්නේ. (නි)
අනේ පව්, කවුරු උනත්.............(ස)
සල්ලි කන අයට හොද වැඩේ. (නි)
නෑ දම්මික ගමේ නම ජල්තර තමයි...(ස)
හොඳ වැඩේ. උප්පත්තියෙන් ආ කෙසේවලට ඇයි එක එක දේවල් කරන්නේ? හැමෝටම හොඳ පාඩමක්. නමුත් ඒ ළමයා පව්.රූපලාවන්‍ය ශිල්පීන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන...(ස)
අනේ අපොයි......හැඩ වෙන්න ගිහින් කෙල්ලට වෙච්ච වැඩේ...දැන් ඉතින් තොප්පියක් දාගෙන තමයි ඉන්න වෙන්නේ..(ස)
මොකක්ද මේකේ ලාබයක් එක්ක තියන සම්බන්දෙ ? (වි)
මාර ජල්තර කේස් එකක් වෙලා තියෙන්නේ....(ස)
ගමේ නම ජල්තරද ?????.(ස)
සුදුසුකම් නොමැති රූපලාවන්‍යාගාර වටලනවා කිව්වා නේද ? කෝ ඒවා....(ස)
රූපලාවන්‍ය වැඩ නිසා පිළිකා හැදෙන්නත් පුළුවන්..ළඟදි ගුරුවරියක් මෙලොව හැරගියෙත් මෙහෙම වැඩ නිසා තම්යි....(ස)
ගමේ නම ජලතර ලෙස වෙනස් විය යුතුයි නේද .(ස)
දැන් ඉතින් හිතහදා ගන්න . නොමැරී බේරුනා ඇති. මතකනේ ප්‍රසිද්ධ ගුරුවරියක් ඩයි ගාලා විස වෙලා මැරුණා....(ස)
හොඳට තිබ්බ කොන්ඩෙට තෙල් ටිකක් ගාලා පීරුවානම් කොච්චර ලස්සනද ? ඕවට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා....(ස)
ගෑණු අයට හොඳ පාඩම .(ස)
පවු. කවුරුත් කැමතිනේ ලස්සන වෙන්න. මෙහෙම දේවල් වලට යද්දී මීට වැඩිය හොයලා බලලා යන්න ඕනෑ. (නි)
මාර වැඩක්නේ මෙයා කරගෙන තියෙන්නේ. දැන් ඉතිං තට්‍ටෙත් තියෙන එකේ දසසිල් වුණානම් නේද හොද? (නි)
ගම වගේම වැඩෙත් ජල්තර් .(ස)
අනේ අපොයි අනිත් කතා කෙසේ වෙතත් මේකනම් ඇත්ත වෙන්න ඇති . (ස)
මගේ අම්මත් කොණ්ඩෙ ඩයි කරන්න ගිහින් මුළු ඇඟේම කරප්පන් ආවා. ගොඩක් අමාරු වුනා.මතකනේ අපේ ආදරණිය ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියට වුණ දේ.කට්ටියම පරිස්සමින්. (ස)
නව රැල්ලට අනුව රූපලාවන්‍යාගාරය ඉදිරිපිටට වී හිසකෙස් එනතුරු උපවාසයක් කළොත් නරකද? (නි)
මේකෙන් අපේ ගැහැණු උදවියට පුලුවන් පාඩමක් ඉගෙන ගන්න. (නි)
අයියෝ සල්ලි