ඔහු මුද්‍රණ සමාගමක සෝදුපත් බලන්නෙක් ලෙස සේවය කළ අයෙකි. විශ්‍රාම යාමෙන් පසු නිවසටවී සිටීම ඔහුට ඉතාමත් අසීරු විය. දිනක් ඔහුට අහම්බෙන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක, හඳුනන විධායක නිලධාරියෙක් මුණගැසිණි. “බොස්ලගේ සෙකියුරිටි සර්විස් එකට අපිව ගන්නේ නැද්ද? ගෙදර ඉඳලා දැන් මට ඇතිවෙලා” හෙතෙම පැවසීය.
එවිට නිලධාරියා,“අංකල් හෙටම එන්න. අපිටත් කට්ටිය අඩුයි” යනුවෙන් පිළිතුරු දුනි. දවස් තුනක පුහුණුවකින් පසු ඔහු ආරක්‍ෂක නිලධාරියකු වශයෙන් ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ ආයතනයකට යෙදවිණි. එම ආයතනයට දිනපතා සිංහල පුවත්පත් තුන හතරක් මිලදී ගන්නා අතර කාටත් කලින් ඒවා බලා පිළිගැනීමේ නිලධාරිනිය පැමිණි පසු ඇයට බාරදීම ආරක්‍ෂක නිලධාරියාගේ සිරිත විය.
ඔහු සේවයට පැමිණ මසක් ගතවිය. පුවත් පතක වචනවල හෝ අකුරුවල අඩුපාඩු තිබුණහොත් ඒවා කළුපාට පෑනකින් නිවැරදි කිරීමට හෙතෙම පුරුදු විය. ආයතනයේ කිසිවෙකු එයට විරුද්ධත්වයක් දැක්වූයේ නැත.
දීර්ඝ නිවාඩුවකින් පසු සේවයට පැමිණි උසස් නිලධාරියකු පුවත් පතක් කියවනවිට එහි වැරදි වචනයක් නිවැරදි කර තිබෙනු දැක “කව්ද මේ පත්තරේ බලි ඇන්දේ ?” විමසීය. ඔහුට දැනගන්නට ලැබුණේ ආරක්‍ෂක නිලධාරියා එසේ කර ඇති බවය. පසුදින සිට දක්නට ලැබුණේ නව ආරක්‍ෂක නිලධාරියෙකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරියගේ උගත්කම මැන ගන්න හොඳ සාධකයක් !(හේ)
මම හිතන්නේ මෙහි හිමිකරුට වැරදිලා අර වගේ නූගත් නිලධාරියෙක් ගත් එක (නි)
එ්කනේ ජයරත්න අපේ රට දියුණු නොවෙන්නේ. වරදක් නිවැරදි කිරීමත් වැරැද්දක්. ඇයි සිකුරිටිනේ වැරැද්ද හැදුවේ. ඒකයි (නි)
මෝඩ නිලධාරියෙක් සහ භාෂා හිතෛෂිකයෙක්! (නි)
අධිබුද්ධිමත් උගතෙක් වෙන්න ඇති (නි)
මේ කොම්පැනියෙන් පත්තරය ගන්නේ ඒ අංකල්ට බලන්නද? ඉහළ නිලධාරින්ට බලන්නද? (නි)
කවුද දන්නේ නැහැ.(හේ)
ඔය කියන නිලධාරියා මොන කැම්පස් එකේද ? (ර)
තැනට සුදුසු නුවන තිබිය යුතුයි. කමනිගේ පිළිතුර විතරයි නිවැරදි. (ර)
ඒ කොම්පැනියේ පත්තරය ගන්නේ සේවකයින්ට බලන්න. සේවකයෝ කියන්නේ උසස් හෝ පහල නිල වල ඕනේ කෙනෙක්. අැයි සිකුරිටි අන්කල් පත්තරේ බැලුවම නරකද ? (බ)