(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
නොදන්නා කර්මාන්තයක් කරන්න ගිහින් ලොකු අලාභයක් කරගත් ලොරි හිමියකුගේ සිද්ධියක් පසුගියදා වයඹ පළාතේ සාගරයක් ළඟ තිබෙන ප‍්‍රධාන නගරයකින් වාර්තා විය.
මෙම ලොරි හිමියා කාලයක් රාජ්‍ය සේවයේ සිට වයස සපිරෙන්නත් පෙර ඉක්මනින් තමන්ගේ පාරිතෝෂිතයත් අරගෙන ගෙදර නතරවුණ කෙනෙකි.
ගෙදර නතර වූ මෙම හිටපු රාජ්‍ය සේවකයාට තමන්ට ලැබුණ මුදල් ටික ආයෝජනය කරන්න විවිධ ආකාරයේ යෝජනා එද්දී තමන්ගේ අසල්වැසියන් බොහෝම ජයට කරගෙන යන ව්‍යාපාරයක් ගැන හිතා උවමනා ලොරියක් අරගෙන තිබුණේ ලොකු බලාපොරොත්තුවකිනි.
එම ව්‍යාපාරයේ ස්වභාවය අනුව ලොරි රථයට පළපුරුදු සහයකයකු උවමනා වුවත් සේවකයාට ලොකු මුදලක් ගෙවීමට වෙන බව දැක ගෙදර හිටපු තමන්ගේ පුතකු ලොරියේ සහයකයා ලෙස යොදාගෙන පළමු දවසේම ලොරිය පසුපසට ගැනීමට යද්දී නිවෙසක තාප්පයක් කඩාගෙන ගොස් නතර විය. ලොරි හිමියාට අවබෝධ වෙලා තියෙන්නේ තම පුතා ලොරිය පසුපසට ගැනීමට සංඥා ලබාදී ඇත්තේ දුරකථනයකින් ඔහුගේ යහළුවෙක් සමග කතා කරමින් බවය.
තමන්ගේ අලූත්ම ලොරියට වූ අලාභය දරාගෙන නිවෙස් හිමියාගේ කැඩුණු තාප්පයට අලාභය ගෙවා තමන් කරගත් අණුවන ක‍්‍රියාව ගැන ලොරි හිමියා කල්පනා කරමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන පන්නයට හැඩ ගැසුණු සහායකයින් එකම වෙලාවේ වැඩ කීපයක් කරන්න පුළුවන් අයලුනේ. එ්කයි අලභා දෙකකින් නැවතුනේ. (ස)
එකපාරම දියුණුවෙන්න හදනකොට ඔහොම තමා. (නි)
හැම කිල්ලටම වඩා නොසැලකිල්ල ලොකුයි කියන්නේ ඕවට තමයි ! දැන් ඉතින් වෙච්චි දේ උන එකෙන් පාඩමක් ඉගෙන ගෙන නැවත පටන් ගනිමු ජිවිතේ කියන්නේ ඕකට තමයි . (බ)
දෙයියෝම සාක්කි තමයි! (නි)
"හැපෙනවාද බලන්න" කිව්වාම හැපෙනකම් ඉඳලා "ඔන්න දැන් හැපුණා" කියන්න ඇති.(බ)
තාත්තාගේම පුතානේ! (නි)
කලින් විශ්‍රාම ගියාට පාරිතෝෂිකය ලැබෙන්නේ 60 පැන්නමනේ (නි)
ලාබ බඩුවේ හිලක් ඇත (නි)
කුමාරිලා වගේ අය මේවා පාඩමට ගතයුතුයි (නි)
ඔහුගේ උත්සාහය අගය කරන්නේ නැද්ද? පවු අහිංසක රජයේ සේවකයා! (නි)
දෙවිදු නොදන්නා දේ නොකියා ඉන්න. වයස 45 පහු උනාම ඒ අදාල දේ ගන්න පුලුවන් (නදී)
පරිතෝශිකය 45න් ගන්න පුළුවන් උනත් වයස 60 නෙමේ 100 පැන්නත් නැති මොලයක් ආපහු ගන්න බැහැනේ අනේ. (නදී)
1985දී තිරගතවුණු "ආණ පාවම්"(පිරිමියා පව්)කියන දෙමල චිත්‍රපටියේ එන එක ජවනිකාවකත් ඔහොම දෙයක්වෙනවා, නගරයේ සිට ගමට කාර් එකකින් එන අයෙක්,එම ගමේ පාරේ පටු ගතිය නිසා,ගමේ අයෙකුට කි- යනවා කාර් එක බෝක්කුවේ හැප්පෙනවාද කියල බලන්න,පස්සේ ඔහු කාර් එක පස්සට ගනිද්දී,එයා බලාගෙන හිටපු මිනිහ හෙප්පුනේ නැහැ හැප්පුනේ නැහැ එන්න එන්න කියාගෙන ගිහිල්ල,අන්තිමේදී කාරය බෝක්කුවේ හැප්පුනු ගමන්ම හා දැන් හැප්පුනා කියල ප්‍රීතිවෙනවා,ඒ වගේ දෙයක්තමයි මේකත් (බ)