(රාජාංගණය - නුවන් කුමාර)
තහනම් ගහේ ගෙඩිකෑමට ගිය කාන්තාවකට අනියම් සැමියාත් නිත්‍යානූකූල සැමියාත් යන දෙදෙනාම අහිමිවීමේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ.
දැනට වසර 8කට පමණ පෙර තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ නිවසට තරුණයකු නිතරම යෑමට පටන්ගෙන ඇති අතර එහිදී ඔවුන් ප්‍රේමවන්තයින් බවට පත්ව තිබේ.
තරුණියගේ පියා ඒවනවිටත් මියගොස් සිටි අතර ඇගේ මවගේ ආශිර්වාදයෙන් මොවුන් දෙදෙනා විවාහවී දරුවන් දෙදෙනකුද බිහිකර තිබුණි.
කාලයක් ගත වෙද්දි තම සැමියා වෙනත් කාන්තාවන් ඇසුරුකරන බැවින් තමන්ට ඔහුගෙන් වෙන්වීමට අවශ්‍යබව පවසමින් තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයට කාන්තාව පැමිණිලි කර තිබූ අතර පොලිසීය ඔවුන් සමගි කිරීමට උත්සාහ දරා තිබුණද එය අසාර්ථකවී ඇත.
පසුව මෙම කාන්තාව කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගොස් සිටියදී මුහුණුපොත හරහා තරුණයකු සම්බන්ධවී ඇති අතර ඔහුද විවාහක දෙදරු පියෙකි.
පසුව ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේම කාමරයක් ගෙන එකට ජීවත්වී ඇති අතර වාරයේ මෙම තරුණයාගේ බිරිඳට මෙය ආරංචිවී තඹුත්තේගම පොලිසියට කළ පැමිණිල්ලක් මත අනියම් සම්බන්ධය පැවැත්වු දෙදෙනාත්, අනියම් බිරිඳගේ නිත්‍යානූකූල සැමියාත්, අනියම් සැමියාගේ නිත්‍යානූකූල බිරිඳත් පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කරනවිට තමන්ට අනියම් සැමියාගෙන් කිසිසේත් වෙන්විය නොහැකි බව අනියම් බිරිඳ පැවසුවද දරුවන් දෙදෙනෙකු තමන්ට නඩත්තු කිරීමට නොහැකි බැවින් තම සැමියා අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය බව නිති්‍යානූකූල බිරිඳ පැවසීම නිසා ඔහුට ඇය භාරගැනීමට සිදුවිය.
අවසානයේ කිසිවක් කරගත නොහැකි වූ අනියම් බිරිඳ තම නිත්‍යානූකුල සැමියාගෙන් ඉල්ලා ඇත්තේ තමන් භාරගන්නා ලෙසයි. තමා හා දරුවන් හැර වෙනත් පුරුෂයකු ළඟට ගිය කාන්තාවක් කිසිවිටකත් තමන්ට අවශ්‍ය නොවන බව ඔහුද පැවසීම නිසා මෙම කාන්තාව දැඩි අසරණභාවයට පත්ව තිබේ.
සැකයක් මත තම සැමියාගෙන් හා දරුවන්ගෙන් වෙන්වී තහනම් ගහේ ගෙඩිකෑමේ ප්‍රතිවිපාකය මෙය බවත් තමන් යම් තීරණයක් ගැනීමට පෙර වරක් දෙවරක් නොව සිය දහස්වාරයක් සිතිය යුතු බවත් මින් ඉදිරියටවත් තම ආත්මගරුත්වය රැකගෙන ජීවත් විය යුතු බවත් පැමිණිල්ල විභාග කළ තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. චන්ද්‍රදාස මහතා කාන්තාවට පවසා කාන්තාවට අවවාදයක්ද කළේය.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැඩි සැපයට ගිහින් අන්තිමේ නන්නත්තාර වෙලා