(තිහගොඩ - උපසේන ලියනගම)
පානීය ජලය හොරෙන් ගැනීමක් පිළිබඳව අනාවරණය වීම නිසා යෝජිත විවාහයකට කණකොකා ඇඬීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ පස්දුන් පැත්තෙනි.
එකම කාර්යාලයක සේවය කිරීමේ හේතුවෙන් සබඳතා ගොඩනගාගත් මේ දෙදෙනාගේ කාන්තා පාර්ශවය නියෝජනය කරන පිරිසක් පිරිමි පාර්ශවයේ ගෙවල් දොරවල් බැලීමට පසුගියදා පිටත්වූහ. මේ කාන්තාවගේ පියා විශ‍්‍රාමික මාණ්ඩලික නිලධාරියෙකි.
නිවසේ සියලූ ඇවැතුම් පැවතුම් ඉහළ මට්ටමින් සිදුවූ අතර මිදුලේ ඇවිදීමට ගිය මේ නිලධාරියා දුටුවේ මිදුලේ මල්වලට වතුර ඉසීමක් සිදු වුවත් වතුර මීටරය වැඩ නොකරන බවය.
මේ ගැන විමසූවිට පවුලේ අයකු කීවේ වතුර මීටරය ක‍්‍රියාත්මක නොකිරීමට ක‍්‍රමවේදයක් සකසා ඇති බවය. ඔහුගේ කපටි කතාවට නිලධාරියාගේ මුහුණ අමුතුවිය. ඔවුන් ආපසුගොස් සතියකින් දැන ගැනීමට ලැබුණේ මේ පියා විවාහයට දැඩිසේ විරුද්ධ බවය. ඔහු කලින් ජාතික ජලාපවහන මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියකුව සිටි බවද දැන ගන්නට ලැබුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගෙවල් වලට ගිහිල්ලත් සොයා ගන්න අමාරු පැටලවිලි තිබෙනවා. විශ්වාස කරන එකක් නැහැ . අපේ අයියා බලන්න ගියා මනමාලියකගේ ලොකු අක්කා එයාට වැඩිය වයසින් අවුරුදු 20ක් විතර වැඩි අවිවාහක තැනැත්තියක්. පසුව එලි වුනේ මනමාලි කියන්නේ ඒ අක්කා හුඟක් තරුණ වයසේදී ප්‍රේම සම්බන්ධයක් නිසා අවිවාහකව ලැබූ දරුවා. ඒ පවුලේ උදවිය ඒක සැහෙන කාලයක් තිස්සේ වසන් කරලා තියෙන්නේ පවුල පිටින් මුල් ගමේ පදිංචියත් කාලයකට පෙර වෙනස් කරලා. (නදී)
හනිමූන් දවසේ තමයි ලොකුම බොරුව කරන්නේ එ්ක ගෙන වැඩි අවදානයක් යොමු කරන්න අහිංසක කොල්ලන්ට තේරෙන්නේ නැහැ (නදී)
මේ තීරුවේ සමහර අයට ලැට් යන්න ගිහින් මොකක් හරි ඇබැද්දියක් උනොත් ඒකට බනින්නේත් දකුණට තමන්ට දකුණ නැතුව බත් ටිකවත් කන්න බැරි බව අමතක වෙලා වගේ (නදී)
පස්දුන් තියෙන්නෙ දකුණෙ නෙමෙයි. හැබැයි ඉතින් දකුණට සම්බන්දයක් නැති දේවල් වලට දකුණට බනින දේ දැන් ගොඩක් සාමාන්‍ය දෙයක්. (නදී)
පස්දුන් පැත්ත කියන්නේ දකුණද ජයා? උතුර දකුණ මාරුවෙලාද?මෝඩකමට බෙහෙත් නැත. (නි)
ගෝත්‍රිකයෝ රටක භූගෝලයත් උපයෝගී කර ගන්නවා අනිකා පාච්චල් කරන්න. මේ රටේ ඒ මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු කවදා සිස්ටාචාර වෙයිද ? වතුර පහත් බිමට කඳු කරයෙන් ගන්නේ. ලෝකේ හැම රටකම එහෙමයි. වංචා බොරු රටේ හැම රටකම පවතිනවා. ලෝකයේත් එහෙමයි (නදී)
පිටබැද්දර ජයා දකුණේ මිනිස්සු නිසා තමයි ඔබ තුමා අද වතුර ටිකක් හරි බීල ඉන්නේ (බ)
මේ මහත්මයාගේ ක්‍රියාව හරිම හොඳයි. එතුමා කලපනා කරන්න ඇති වතුරත් හොරෙන් ගන්නවා නම් තව මොනවද හොරකම් නොකරන්නේ කියා. හොරුන් සමග නෑකම් ඇති කරගැනීම භයානක බව මෙතුමාට තේරෙන්න ඇති. මම ජිවත්වන ජර්මනියේ හොරකම්, වංචා බොහෝ දුරට අඩුයි. එම නිසා මේ රට ඉතා දියුණුවට පතිවී ඇත (නදී)
මගුල් යෝජනා වලදී තරම් වෙන කොහෙවත් බොරු කියන්නේ නෑ (බ)
නුවර පැත්තේ අය ගැනනම් කතා කරලා වැඩක් නැහැ. කතාවනම් කිරියෙන් පැණියෙන්. පුදුම කයිවාරු ගහන්නේ වැඩේ කරගන්නකම්. මමත් අහු උනා ඒ වගේ පවූලකට. (ර)
මිගමුව පැත්තෙ ඉන්නවා ළඳක්. කිසිම ලස්සනක් නැහැ. වැදගත්කමක් නැහැ.උගත් කමකුත් නැහැ. හැබැයි බැඳගෙන ඉන්නේ මාර උගත් ලස්සන මහත්තයෙක්ව. අල්ලාගෙන තියෙන්නේ මන්තර ගුරුකම් වෙන්න ඕනේ. මොකද ඒ බවලති සතියකට වතාවක් විතර පුජාවල් පවත්වනවා කට්ටඩි මහත්තුරු ගෙන්නලා. කියන්නේ ලෙඩ වලට ශාන්ති කර්ම කියලා.(ම)
කාලා බලලා වත් බැහැ අද කාලේ ඉන්න ඉස්කුරුප්පු තේරුම් ගන්න. සමහර කල්ල කපටි තරැණියෝ අහිංසක ලස්සන තරුණ කොළු ගැටව්න්ව චාටුවෙන් රවට්ට ගෙන ඉන්න ආකාරය.(ම)
දැන් කාලේ ඔය යෝජනා වලින් එන කටයුතු නම් හොඳට විපරම් කරන්න ඕනෑ. (නි)
හසිත් ඔයාගේ මල්ලිට ගේන්න තිබුනේ මනමාලිගේ අයියාගේ නෝනා. අපරාදේ නේද ? (බ)
අවංකව වැඩ කරපු ආදර්ශමත් මහත්මයෙක්. මේ වගේ අය හොයා ගන්න අමරුයි. දුවත් හොඳට හදල ඇති. හොරකන් කරන පවුලකට එහෙම හොඳ අය ගැලපෙන්නේ නෑ. (නදී)
මම බලන්න ගිය මනමාලිගේ ගෙදර පවුලේ මහ ගෙදර කියලා පෙන්නලා ඒක පවුලේ බාලයා වුණ මනමාලිට දැවද්දට දෙනවාත් කිව්වා.ඔය වෙලාවේ මනමාලිගේ ලොකු අයියාගේ මුණ ටිකක් අමුතු වෙලා තියනවාත් මට පෙනුනා. මට ඔය දෑවැදි ගැන වගතුවක් නැති වුණත් විස්තර කිව්වා පසු මගේ කිට්ටු මිතුරෙකු යම් කිසි සැකයක් ඔස්සේ විපරම් කළා. බලනකොට ඒ පවුලේ මගුල් 5 ක් කරලා තියෙන්නේ අර ලොකු අයියාගේ ගෙදර පෙන්නලා ලු. (ම)
ගිහාන් ඔය මනමාලිගේ අක්කලාගෙන් තමයි ඔක්කොටම වැඩිය පරිස්සම් වෙන්න ඕන. හරිම කපටි අම්මණ්ඩිලා ! කාටවත් දිගන්න බැරිව ගෙදර ඉන්න නංගිලාව ඇඟේ ගහන්න හරිම දක්ෂයි. මමත් ඉස්සර බලන්න ගිය තැනක මනමාලිගේ අක්කා, කඩුලු හතකින් පැනපු නංගි කෙනෙක්ව කොහොම හරි බෙල්ලේ එල්ලන්න හැදුවා. අසල්වැසියෙකුගේ විශ්වාසදායි තොරතුරක් නිසා මාව බේරුනේ. (ම)
අයියෝ පිටබැද්දර ජයා, දකුණෙන් හොඳට කාපු පාටයි. නැත්නම් පස්දුන් පැත්ත කිව්වම දකුණට බනිනවද? යන්නේ කොහෙද මල්ලේ පොල්! (නි)
මම බලන්න ගිය මනමාලිගේ අක්කාට අවුරුදු 2 ක විතර ළමයෙක් හිටියා.ඒ ළමයා අක්කගේලු. කසාදෙට ඔක්කොම කැමතිවෙලා තියනකොට දවසක් මම එහෙ හිහින් ඉන්නකොට අර ළමයාගේ උපත් විස්තර තියන ෆයිල් එක මේසය උඩ තිබුනා. මම බලනකොට ළමයා හම්බවෙන්න කලින් ගත් රිපෝර්ට් වල තියෙන්නේ මනමාලිගේ නම. හැබැයි උප්පැන්නේ තියෙන්නේ අක්කගේ නම (නි)
වතුර මීටරේ කැරකෙන්නේ නැතුව බේරුනා ඇති. මගේ යාළුවෙකු බලන්න ගිය මනමාලිගේ වයස මීටරේ කැරකිලාත් නැති බව පසුව දැනගත්තේ. කිව්වාට වැඩිය මනමාලි අවුරුදු 5 ක් වයස වැඩියි. (නි)
දකුණේ කට්ටිය විතරක් නෙමෙයි ඔය නුවර කට්ටියත් මඟුල් යෝජනා වලදී සත පහකට විශ්වාස කරන්න බැහැ. නංගි පෙන්නලා අක්කා දෙන වැඩමයි කරන්නේ. අපේ මල්ලි මනමාලි බලන්න යනකොට ඒ ගෙදර ලස්සනට මල් වවලා ගෙදරත් බොහොම පිළිවෙලට කෑමත් හොඳට රහට තිබුනා. නැන්දම්මා පම්පෝරි ගැහුවේ මනමාලිගේ වැඩ කියලා. ගෙදරට කැන්දන් ආවට පසුව දන්නේ හරියට තේ එකක් හදා ගන්න බැහැ කියලා. බලනකොට අර ගෙදර පිළිවෙලට තියාගෙන ඔක්කොම වැඩ කරන්නේ මනමාලිගේ අයියාගේ නෝනා. (නි)
මේ වාගේ මිනිසුන් අපේ සමාජයේ ජීවත් වෙනකොට කොහොමද අපේ රටට හරියන්නේ. (නදී)
අපොයි ඔව්. දැන් කාලේ ඔය යෝජනා වලින් එන කටයුතු නම් හොඳට විපරම් කරන්න ඕනෑ. මේ පුවතේ නම් වතුර මීටරේ විතරක් නෙමෙයි ගෙදරට විදුලිය අරගෙන තිබෙන්නේත් නීතියට අනුවද දන්නේ නැහැ. (නි)
වතුර මීටරය විතරක් නෙවෙයි ඔය ගෙවල් දොරවල් බලන්න ගියාම ඒ ස්ථිරවම පදිංචි වෙලා ගෙදර ඉන්නේ කවුද කියලා නොබැලුවොත් මනමාලි අමාරුවේ. මගේ ඥාති අක්කා කෙනෙක් ට නුවරින් පැමිණි යෝජනාවක් ස්ථිර වුනා. මනාලයාගේ පවුලේ 10 දෙනෙක් වුනත් වැඩි විස්තර කතා කිරීමේදී කිව්වේ ඒ හැමෝම තමන්ගේ රැකියාවල් ගෙවල් දොරවල් ඇතිව ඉන්නවා කියලා. අන්තිමේ බලනකොට අර මනමාලයා ගේ හදපු අලුත් නිවසේ අවිවාහක අක්කා ඇතුළු පවුල් තුනක් පදිංචියි. අපේ අක්කාට යන්තම් කාමරේක ඇඳුම් ටික විතරක් තියාගෙන බෝඩිම් කාරී වගේ ඉන්න වුනේ. උදේට බාත් රූම් එකට යන්න පෝලිමේ ඉන්න ඕනලු. මේවා මම ලිව්වේ මෙතන ලියන අයටත් බන්දලා දෙන්න සහෝදරියන් ඉන්නවා නම් වැටෙන්න තියෙන උගුල් ගැන. විශේෂයෙන් මනමාලයා නුවර පළාතේ නම් තනි භුක්තියට ඉන්න හිටින්න ගෙයක් තිබෙනවා කිව්වාට එකපාරට විශ්වාස කරන්න එපා. ඒවායේ පවුලේ පිටින් ඉන්නේ. (නදී)
ගොඩක් දකුණේ මිනිස්සු ඉතින් ඔහොම තමයි (නි)
වතුර කැපුවද දන්නේ නැහැ? (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)