අගනුවර මංසන්ධියකි. වාහන තදබදය මඳ පමණින් තිබේ. වළල්ලක් ආකාරයට පනහකට ආසන්න පිරිසක් එක තැනක එක්තැන්වී සිටිති. ඒ මැද විච්චූර්ණ ඇඳුම් ඇඳගත් පිරිසකි. ඇතැමුන්ගේ මුහුණු පාට පාට උලා තිබුණු අතර තවත් ඇතැමෙකුගේ මුහුණ පියරුවලින් තනි සුදු පැහැ ගන්වා තිබිණි. මොවුන් වීදියේ නාට්‍යයක් රඟ දක්වන පිරිසකි. තේමාව ඩෙංගු උවදුර මඩින්නට උපදෙස් දීමයි. මඳ වේලාවකින් අයෙක් දුවවිත් බිම ඇද වැටෙයි. තවත් තැනැත්තියක් ඉහ අත තබාගෙන එතැන සිට විලාප දෙන්නට පටන් ගන්නීය. බිම ඇදවැටුණු තැනැත්තා උණසන්නිපාතයෙන් මෙන් වෙව්ලයි. මොහොතකින් තවකෙක් එතැනට එයි. ඔයාට කී දවසක් කියලා තියෙනවද මේ ලජ්ජා නැති වැඬේ නවත්තන්න කියලා. ඔහු බිම ඇද වැටී කෙඳිරිගාන පුද්ගලයා අසල විලාප තබමින් සිටි තැනැත්තියගේ අතිකන් අල්ලාගෙන ගුගුරන්නට විය. ඇය අතගසා දමා නැවතත් විලාප දෙන්නට වූවාය. කිව්වම අහලා යමු... ඔහු නැවතත් ඇගේ අතකින් ඇද්දේය. ඒයි පිස්සු කරන්න එපා මෙතැන මිනිස්සු ඉන්නවා... ඇය කේන්තියෙන් මෙන් කීවාය. දිගින් දිගටම එවැනි දෙබස් රැසක් දෙදෙනා අතර හුවමාරු විය. මෙතැන ඇත්තේ පවුල් අවුලක් බව නරඹන්නෝ සිතූහ. ඒත් සමගම සෙනඟ අතරින් පෙරට ආ කටකාර තරුණයෙක් මෙසේ කීය. මේ ඕක නාට්‍යක් ද පවුල් ප‍්‍රශ්නයක්ද? ඔහේලගේ ඔය නාට්‍යයේ නම වෙනස් කරන්න. එතකොට හරි. ඩෙංගු උවදුර මඬින පිළියම් නොවේ. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය මඩින පිළියම් කියලා නම් කරගන්න. නැත්නම් මොනවද මේ පාරේ කරන විකාර. වීදි නාට්‍ය කියලා කියන්නේ එදිනෙදා ප‍්‍රශ්නත් එක්ක මිරිකිලා ඉන්න මිනිස්සුන්ගේ හදවතට කතා කරන විශිෂ්ට කලා අංගයක්. ඔහේලගේ පවුල් ප‍්‍රශ්නවලට ඒක කලවම් කරගෙන ඒ කලාවට අවමන් කරන්න එපා. මඳ වේලාවක් ගත විය. වටේ රැස්ව සිටි පිරිස එකිනෙකා අඩුවී නාට්‍ය කණ්ඩායම පමණක් වීදියේ දැක ගත හැකිවිය.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
විදීනාටකේ අතරමැද පවුලේ හබයක් මතුවෙලා
චන්ද්‍රසිරි Monday, 10 December 2012 01:41 PM
සමහර වීදි නාට්‍ය කිසිම හරයක් නෑ (ස)
සරත් Monday, 10 December 2012 09:07 AM
කාලේ වෙනස් තාලේ අලුත්. (වි)
මුතු Monday, 10 December 2012 02:31 PM
ලංකාවේ ඕනම හබයක් වුණාම වට වෙනවනේ (ස)
අජිත් Tuesday, 11 December 2012 07:57 PM
එකිනෙකා අවබෝධ කර නොගැනීමේ ප්‍රතිඵල... (නි)
සුරේස් Monday, 10 December 2012 10:28 AM
මේ පවුල් හබය බලන්න තව අය වට නොවුනු එකයි පුදුමේ (ස)
අශේන් Tuesday, 11 December 2012 04:50 AM
විකාර වැඩ (දී)
ආනන්ද Monday, 10 December 2012 05:01 PM
ඕක ගෙයක් ඇතුළේ වුණා නම් හොරෙන් එබිලා අහගෙන ඉන්නවා. පාරේ වුණ නිසා මගහැරලා යන්න ඇති. (නි)
ලරිෆ් රාසික් Monday, 10 December 2012 06:07 PM
අපේ රටේ අය සෑමදේම අනාගන්නවා. (නි)
ප්‍රසන්න Wednesday, 12 December 2012 11:49 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ වීදි නාට්‍යය වැඩිහිටියන්ට පමණයි එකක්ද? (නි)