අගනුවර මංසන්ධියකි. වාහන තදබදය මඳ පමණින් තිබේ. වළල්ලක් ආකාරයට පනහකට ආසන්න පිරිසක් එක තැනක එක්තැන්වී සිටිති. ඒ මැද විච්චූර්ණ ඇඳුම් ඇඳගත් පිරිසකි. ඇතැමුන්ගේ මුහුණු පාට පාට උලා තිබුණු අතර තවත් ඇතැමෙකුගේ මුහුණ පියරුවලින් තනි සුදු පැහැ ගන්වා තිබිණි. මොවුන් වීදියේ නාට්‍යයක් රඟ දක්වන පිරිසකි. තේමාව ඩෙංගු උවදුර මඩින්නට උපදෙස් දීමයි. මඳ වේලාවකින් අයෙක් දුවවිත් බිම ඇද වැටෙයි. තවත් තැනැත්තියක් ඉහ අත තබාගෙන එතැන සිට විලාප දෙන්නට පටන් ගන්නීය. බිම ඇදවැටුණු තැනැත්තා උණසන්නිපාතයෙන් මෙන් වෙව්ලයි. මොහොතකින් තවකෙක් එතැනට එයි. ඔයාට කී දවසක් කියලා තියෙනවද මේ ලජ්ජා නැති වැඬේ නවත්තන්න කියලා. ඔහු බිම ඇද වැටී කෙඳිරිගාන පුද්ගලයා අසල විලාප තබමින් සිටි තැනැත්තියගේ අතිකන් අල්ලාගෙන ගුගුරන්නට විය. ඇය අතගසා දමා නැවතත් විලාප දෙන්නට වූවාය. කිව්වම අහලා යමු... ඔහු නැවතත් ඇගේ අතකින් ඇද්දේය. ඒයි පිස්සු කරන්න එපා මෙතැන මිනිස්සු ඉන්නවා... ඇය කේන්තියෙන් මෙන් කීවාය. දිගින් දිගටම එවැනි දෙබස් රැසක් දෙදෙනා අතර හුවමාරු විය. මෙතැන ඇත්තේ පවුල් අවුලක් බව නරඹන්නෝ සිතූහ. ඒත් සමගම සෙනඟ අතරින් පෙරට ආ කටකාර තරුණයෙක් මෙසේ කීය. මේ ඕක නාට්‍යක් ද පවුල් ප‍්‍රශ්නයක්ද? ඔහේලගේ ඔය නාට්‍යයේ නම වෙනස් කරන්න. එතකොට හරි. ඩෙංගු උවදුර මඬින පිළියම් නොවේ. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය මඩින පිළියම් කියලා නම් කරගන්න. නැත්නම් මොනවද මේ පාරේ කරන විකාර. වීදි නාට්‍ය කියලා කියන්නේ එදිනෙදා ප‍්‍රශ්නත් එක්ක මිරිකිලා ඉන්න මිනිස්සුන්ගේ හදවතට කතා කරන විශිෂ්ට කලා අංගයක්. ඔහේලගේ පවුල් ප‍්‍රශ්නවලට ඒක කලවම් කරගෙන ඒ කලාවට අවමන් කරන්න එපා. මඳ වේලාවක් ගත විය. වටේ රැස්ව සිටි පිරිස එකිනෙකා අඩුවී නාට්‍ය කණ්ඩායම පමණක් වීදියේ දැක ගත හැකිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලේ වෙනස් තාලේ අලුත්. (වි)
මේ පවුල් හබය බලන්න තව අය වට නොවුනු එකයි පුදුමේ (ස)
සමහර වීදි නාට්‍ය කිසිම හරයක් නෑ (ස)
ලංකාවේ ඕනම හබයක් වුණාම වට වෙනවනේ (ස)
ඕක ගෙයක් ඇතුළේ වුණා නම් හොරෙන් එබිලා අහගෙන ඉන්නවා. පාරේ වුණ නිසා මගහැරලා යන්න ඇති. (නි)
අපේ රටේ අය සෑමදේම අනාගන්නවා. (නි)
විකාර වැඩ (දී)
එකිනෙකා අවබෝධ කර නොගැනීමේ ප්‍රතිඵල... (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ වීදි නාට්‍යය වැඩිහිටියන්ට පමණයි එකක්ද? (නි)