සැමියා සේවය කරනුයේ කොල්ලූපිටියේය. බිරියගේ සේවය රාජ්‍ය ආයතනයකය. දිනක් බිරිය සැමියාට ඇමැතුමක් දෙමින්, ‘‘අද මම ඔෆිස් ගියේ නැහැ අසනීපයි කියලා ටෙලිග‍්‍රෑම් එකක් උදේ එකොළහට කලින් යවන්න’’ යැයි කීවාය. ‘‘හරි මම යවන්නම්’’ යැයි පැවසූ සැමියා තැපැල් කාර්යාලයට ගොස් විදුලි පණිවිඩයක් යැවීම සඳහා පෝරමයක් ඉල්ලීය. ‘‘ටෙලිග‍්‍රෑම් ෆෝම්ස් ඉවරවෙලා’’ කවුන්ටරයෙන් කීය. ‘‘හරි වැඬේ දැන් කොහොමද ටෙලිග‍්‍රෑම් එක යවන්නේ’’ ඔහු ප‍්‍රශ්න කළේය. පසුව තැපැල් කාර්යාලයේ නිලධාරියෙක් සෑම තැනම සොයා බලා මුල්ලක තිබුණු පෝරමයක් රැගෙන පිටතට ගොස් ඡායා පිටපත් කිහිපයක් ලබාගෙන නැවත පැමිණෙන විට දහවල් විය. කෙසේ හෝ විදුලි පණිවිඩය යැව් අප කතා නායකයා කවුන්ටරයෙන් මුද්දර කවරයක් ඉල්ලා සිටියත් සතියකට වැඩි කාලයක සිට ඒවාද නොමැති බව දැනගන්නට ලැබුණි. සේවය නිමාවී නිවසට පැමිණි සැමියා බිරිය අමතා ‘‘හරි වැඩේ තමයි පෝස්ට් ඔෆීස් එකේ ෆෝම්ස් ඉවරවෙලා ටෙලිග‍්‍රෑම් එක යවද්දී දොළහත් පහුවුණා. යැයි කීය ‘‘කියපු වැඩක් හරියට කරන්නේ නැහැනේ ඔහේට මම ආයේ කෑම උයන්නැහැ. කඩෙන් කන එකයි ඇත්තේ’’ යැයි බිරිය පැවසුවාය. ‘‘අතේ සල්ලි නැතිව කඩෙන් කොහොම කන්නද?’’ සැමියා ඇසූවිට එහෙනම් ගිහිල්ලා ‘‘පෝස්ට් ඔෆිස් එකෙන් කනවා’’ යැයි ඇය කීවාය. ඔවුන්ගේ දියණිය ඇසුවේ ‘‘තාත්තේ දැන් පෝස්ට් ඔෆිස් එකේ කෑමත් විකුණනවාද? කියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තැපැල් කන්තොරුවල වෙන සාමාන්‍ය දෙයක් (ස)
ගෙදර බිරිය දැනගන්න ඕනෑ තමන්ගෙ රස්සාවෙ වැඩ හරියට කරගන්න. ඒකට මිනිහා පළිනැහැනේ. (නි)
තමන්ගෙ සැමියාව විශ්වාස නැත්නම් මේ ගැහැණු උදවිය කාවද විශ්වාස කරන්නේ? (නි)
අයියෝ සල්ලි
තැපැල් කන්තෝරුවේ ඔයින් ගියා ඇති. අර කොළඹ මුහුද අයිනෙම ස්ටේෂන් එක ලඟ ලස්සන රජයේ කාර්යාලයක් තියෙනවා.ඒකට නිකන් ගොඩ උනත් සල්ලි දෙන්න ඕන. ඔය වගේ පෝරමයක් ගන්න නම් අපිම පොටෝකොපියත් ගහල තව රුපියල් 1000 ක් වත් දීල තමයි වැඩේ කරගන්න වෙන්නේ.ඒ අය එක්ක බැලුවම මේ සේවකයා මොන තරම් මානුෂිකද.ඒ බිරිඳ අමානුෂික උනාට (ස)
දැන් මේ ක්‍රමය අඅවලංගු වීගෙනයි යන්නේ. (නි)
මගෙ එක්කෙනා උනානම් දනී..!(නු)
ආසියාවේ ආශ්චර්‍යය !!!! (ස)
දකුණේ කෙනෙක්ද මෙයත් ????? (ස)
දුර කථන ඇමතුමත් වලංගුයි.පසුව ලිඛිත සාක්ෂි (ස)
වැඩක් නෑ අනේ (ස)
වත්මන් ලංකාව හරි දියුණුයි . හැමදෙනාගාවම මොබයිල් ෆෝන්, ඊමේල් පහසුකම් තියෙද්දි මේ මනුස්සයට පිස්සුද ??(ස)
අපි දන්නවා මේක වුණේ කාටද කියලා. හෝ හෝ හෝ.... (නි)
මේ සිද්ධිය වුණේ කාටද කියලා දැනගන්න ආසයි. (නි)
මේ ගෙදර හැදෙන පොඩි දරුවන් පවා මෙයින් ගන්නේ වැරදි ආදර්ශයක් නේද? (නි)
මෙයා ගිහින් තියෙන්නේ ඇත්තටම තැපැල් කන්තොරුවකටද ? (ස)
මේ සිල්වාට දකුණ ගැන පුදුම අමාරුවක් නේද තියෙන්නේ? මේ මනුස්සය දකුණට අදාල නැති ප්‍රවෘත්ති වලත් දකුණට බැනලා අදහස් දාලා තියෙනවා. ගිහිල්ල බෙහෙත් ටිකක් ගන්න. මේක කොල්ලුපිටියෙ ඔෆිස් එකක වෙච්ච දෙයක්. (නි)
නියම කතාවක්. (නි)
අනේ ඕවා කෝලම් (ස)
අයියෝ සල්ලි
මෝඩ අම්මණ්ඩි කෙනෙක් (ස)
පස්සු පීකුදු (ස)
අනේ ගොඩක් කාලෙකට පස්සේ හොදම හොද හිනා යන කතාවක් අහුවුණා..!(නු)
ඔය වගේ රජයේ සේවකයන් නිසා තමයි පඩි වැඩිකිරීම 1500ට සීමා උනේ..!(නු)
පේනවා නේද රාජකාරියේ තරම? (නි)
මේ වගේ අපේ රටේ සමහර රාජ්‍ය ආයතනවල වැඩ පටන් ගන්නේ දහයට.. මිනිසුන් අමාරුවෙ..!(නු)
රජයේ සේවය හරියට කරනවානම් 1500 නෙමෙයි ඔයාලා ඉල්ලන 13500ම දෙන්න පුළුවං.. කොහෙද සේවකයෝ එන්නේ 9ට. ලොක්කො එන්නේ 10ට ඊළගට තේ..දිවා ආහාරය පැය අටෙන් හතකරක්ම අපතේ.. බලන්න මේ තැපැල් කන්තෝරුව මෙහෙම කොහොමද ආසියාවේ ආශ්චර්ය හොයන්නෙ.. තැපැල් ඇමතිතුමනි වහාම මේ තැපැල් කන්තෝරුව ගැන හොයලා ක්‍රියාමාර්ගයක් ගන්න.!(නු)
අපිටනම් ඕවා සාමාන්‍ය දේවල් (ස)
ඇත්ත තත්ත්වය නම් තැපැල් කාර්යාල වල එක්කෝ කවර නැහැ, එක්කෝ ෆෝම් නැහැ, එක්කෝ මුද්දර නැහැ. විසදුම් හොයන්න ඕනෑ මේවටයි. (නි)
මේක අද රටේ වෙන ඇත්ත සිද්ධියක්. ඒ නිසා මේකට හිනහත් යනවා කේන්තිත් යනවා. (ස)
කිති කවාගෙන හිනවෙන්නවත් කිති නෑනේ මට................... (ස)
මේ කතාව ඔයාල දැනගත්තේ කොහොමද ?? (ස)
මෙහෙම තමයි ගොඩක් තැපැල් කාර්යාල. මටත් ගොඩක් දවසට මෙහෙම වෙලා තියෙනවා. (නි)
කණ පුපුරන්න දෙකක් දුන්නා නම් හරි. (නි)
මාර තැපැල් කන්තෝරුවක්නේ ඒක..!(නු)
මේ ඔය තැපැල් කන්තෝරුව තියෙන්නෙ ලංකාවෙද නැත්නම්..?(නු)
හිනාව නවත්තගන්නත් බැහැ..!(නු)
මම දන්නෙ නැති නිසයි ඇහුවෙ ඉතිං අමතුමක් දීලා කියන්න බැරිද?(නු)
අයියා, බලන්නකෝ කොහේහරි කොහිල විකුණන්න තියෙනවද කියලා. මූලග්ගායට කියාපු බෙහෙත. (නි)