(තිහගොඩ උපසේන ලියනගම)
විදුලිබිල ගෙවීම සඳහා පෝලිම් ගැසී සිටිය දී කරන්ට් වැදුනාසේ කලබලයට පත්වූ වියපත් කාන්තාවක් පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සබරගමුව පළාතෙනි.
මෙම බිල්පත් ගෙවීමට යන පෝලිමේ පාරිභෝගික විනෝදාස්වාදය තකා රූපවාහිනියක් ද ක‍්‍රියාත්මක වේ. විදුලි බිල්පත් හා මුදලක් අතේ ගුලිකර ගත් මේ කාන්තාව පෝලිමේ වූ රූපවාහිනී දසුනක් නැරඹූයේ දෙනෙත් මෙන්ම කටද විවරකරගෙනය.
මොහොතකට පසු විදුලිය වැදුනාක් මෙන් කලබලයේ සිරුර අතගාමින් ‘කවුද මගේ සල්ලි අරගෙන’ කීවේ අතේ වූ සිලිසිලි මල්ලද සොලවමිනි. ‘කවුද ආච්චි සල්ලි ගත්තේ. කීයක් තිබුණාද?’ පෝලිමේ වූවෝද කලබලයේ ඒ ගැන සෙවූහ.
‘දාහේ කොළේ’ කී ඇය වටපිටාවේ සිටි අය දෙස බැලූවේ ‘මේ ඔක්කොම හොරු’ කියන ආකාරයටය.
අසල සිටි තරුණයකු ‘ආච්චි ඔය බෑග් එක ඇතුළේ දාහේ කොළේ වැටිලා තියෙන්නේ’ කියා එය පෙන්වූ විට ඇය සන්සුන් වීමට උත්සාහ ගත්තත් වටපිටාවේ අයගෙන් එල්ලවූ සරදම්වල නම් සීමාවක් නොවීලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ 1000 ට වඩා අඩු බිල්පතුත් තිබෙනවද? (නි)
අද කලේ 1000 ගොඩක් වටිනවා. එක නැති වුණොත් කලබල වෙන එක ගැන අහන්න දෙයක් නැහැ. මට වුණා නම් එක්කෝ තව 1000 ක් හොයන්න ඕනේ. නැත්නම් කුස්සියේ වියදමින් එකක් කැපා හරින්න ඕනේ. ඔවට වයසක යට හිනාවෙන්න එපා යාලුවනේ. (අ)
ආච්චිට මල්ලේ දාපු සල්ලි අමතක වෙන්න තරම් රුපවාහිනියේ මොන වැඩ සටහනක් දිහාද දන්නේ නැහැ බලන් හිටියේ. (අ)
අර හින්දි චිත්‍රපටිය "කුච් කුච් හෝතා හෙයි" බලන්න ඇති. එතකොටනේ 'මොන මොනවද වෙන්නේ් (නි)
ඔය වයසට අමතක වෙනවා වැඩියි.ඒක හින්දා වෙන්න ඇති.(හේ)
ඕක සුළු දෙයක් අනේ. එයාට "වයර් මාරුවෙලා". එ්කනේ ඔය සිම්පල් කලබගෑනිය උනේ.(නදී)
ඕක මොකද්ද? මේ මගේ යාලුවෙක් දුරකතනයෙන් කතා කර කර ඒක හෙව්වේ??? මේ යාලුවා ගැන කියනවා නම් රස කතා ගොඩාක් තියෙනවා (නි)
වයසක අයට හිනාවෙන අය අමරණීයද?(හේ)